IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කාර්ඩ්ෆ් කොටියා තවම නිදැල්ලේ

ඉන්දු ශ්‍රී ලංකා  දෙවැනි අවසන් ක්‍රිකට් තරගය ලන්ඩනයේ කාර්ඩිෆ් ක්‍රිඩාංගණයේ පැවති අවස්ථාවේදී  කොටි කොඩියක් රැගෙන පිටියට ආ ලෝගේෂ්වරන් මානිමාරන් හෙවත් මොහාන් රාජ් , මැන්චෙස්ටර් පොලිසිය අත්අඩංගුවට ගෙන නැතැයි  රහස් පොලීසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.

හොර ටේලර් කාඩ් මගින් හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් තුන්කෝටියක් පමණ මුදල් ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු පොලිසියට අවශ්‍යවී ඇත.

බැංකුවේ ආරක්ෂක කැමරා ප්‍රබල සාක්කියක් බව පොලීසිය කියයි.

ආනන්ද රූබන් කුලදීපම් හා බාලසුබ්‍රමනියම් උදයනන් යන  සෙසු සැකකරුවෝ දෙදෙනා ලබන දෙවැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

 



අදහස් (0)

කාර්ඩ්ෆ් කොටියා තවම නිදැල්ලේ

අමිළ කටුනායත Tuesday, 20 August 2013 05:47 AM

මේ ඒ තරමි වෙනසක් නැහැ සමහරුන්ට.(නදී)

:       0       0

ගුණේ Tuesday, 20 August 2013 08:29 AM

ලංකාවේ පමණක් නෙමෙයි ලන්ඩන් වලත් ජරාව කන පොලිස් නිලදරුවන් ඉන්නවා. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 20 August 2013 09:26 AM

මේ දෙබිඩි පිළිවෙත ගැන ලෝක ජනමාධ්‍ය දැනුවත් කළයුතුයි. (නි)

:       0       0

ලහිරු Tuesday, 20 August 2013 09:57 AM

මෙන්න මේගොල්ලන්ගේ නියම ස්වරුපය (නි)

:       0       0

මලින්ද කරුණානායක Tuesday, 20 August 2013 10:11 AM

බැරි වෙලා හරි ඔය පුද්ගලයා අල්ක්ව්යිදා සැකකරුවෙක් වුනානං.... අද ලන්ඩන් පොලිසියේ සහ උසාවියේ ක්‍රියාකලාපය කොහොම වෙයිද ? (අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 20 August 2013 11:19 AM

ලන්ඩන්ද ? කොටි දේශයක්නේ.. (නි)

:       0       0

රොෂාන් Monday, 19 August 2013 09:02 PM

අල්ලනවා නම් තව කීදෙනෙක් ඉන්නවද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 20 August 2013 08:13 PM

තානාපති මට්ටමින් අර බ්‍රිතාන්‍ය ජාතිකයාගේ මරණය ගැන සාදාරණය ඉෂ්ට වෙනවද කියලා හොයන්න එයාලා මැදිහත් වෙනවා වගේ මේ ක්‍රියාවලියටත් තානාපති මට්ටමේ මැදිහත්වීමක් අපෙනුත් කරන්න. (නි)

:       0       0

කමල් Monday, 19 August 2013 10:14 PM

කොහොමත් ලන්ඩන් පොලීසිය ඔය කොටියාව අල්ලන්නේ නැහැ. (නි)

:       0       0

අමිතා Tuesday, 20 August 2013 12:59 PM

ඇල්ලුවත් බලපෑම් වලට අතාරින්න වෙනවනෙ, ඒකයි. මානවහිමිකම් ගැන මහලොකුවට ම අයනේ. (අ)

:       0       0

කමල් Monday, 19 August 2013 10:25 PM

හොද පුවතක් ලංකාදීප, අතහරින්න එපා. මහා සාධාරණයක් ගැන කථා කරන බ්‍රිතාන්‍යයේ පිළිවෙත පාඨකයින්ට දැන ගැනීම සදහා මෙම මුදල් හොරකමට අදාල පුද්ගලයා ලංකාවට අල්ලා බාර දෙන තුරු විමසිල්ලෙන් සිටිමු. මේ පිළිබදව දිගටම ලද විගස දැන ගැනීම සදහා පලකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මතක තබා ගත යුතුයි බ්‍රිතාන්‍ය ජාතිකයකු ලංකාවේදී මරා දැමීම පිළිබදව එම රටේ මන්ත්‍රීවරු පාවා මැදිහත් වුණා. දෙබිඩි පිළිවතකට යාමට ඉඩ නොතැබිය යුතුයි (නි)

:       0       0

ද සිල්වා Tuesday, 20 August 2013 09:12 PM

ලංකාවේ සමහර පුවත් පත් වලින් තමයි ඔය කොටියව පුම්බලා තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site