ඉන්දු ශ්‍රී ලංකා දෙවැනි අවසන් ක්‍රිකට් තරගය ලන්ඩනයේ කාර්ඩිෆ් ක්‍රිඩාංගණයේ පැවති අවස්ථාවේදී කොටි කොඩියක් රැගෙන පිටියට ආ ලෝගේෂ්වරන් මානිමාරන් හෙවත් මොහාන් රාජ් , මැන්චෙස්ටර් පොලිසිය අත්අඩංගුවට ගෙන නැතැයි රහස් පොලීසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
හොර ටේලර් කාඩ් මගින් හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් තුන්කෝටියක් පමණ මුදල් ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු පොලිසියට අවශ්‍යවී ඇත.
බැංකුවේ ආරක්ෂක කැමරා ප්‍රබල සාක්කියක් බව පොලීසිය කියයි.
ආනන්ද රූබන් කුලදීපම් හා බාලසුබ්‍රමනියම් උදයනන් යන සෙසු සැකකරුවෝ දෙදෙනා ලබන දෙවැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඒ තරමි වෙනසක් නැහැ සමහරුන්ට.(නදී)
ලංකාවේ පමණක් නෙමෙයි ලන්ඩන් වලත් ජරාව කන පොලිස් නිලදරුවන් ඉන්නවා. (නි)
මේ දෙබිඩි පිළිවෙත ගැන ලෝක ජනමාධ්‍ය දැනුවත් කළයුතුයි. (නි)
මෙන්න මේගොල්ලන්ගේ නියම ස්වරුපය (නි)
බැරි වෙලා හරි ඔය පුද්ගලයා අල්ක්ව්යිදා සැකකරුවෙක් වුනානං.... අද ලන්ඩන් පොලිසියේ සහ උසාවියේ ක්‍රියාකලාපය කොහොම වෙයිද ? (අ)
ලන්ඩන්ද ? කොටි දේශයක්නේ.. (නි)
අල්ලනවා නම් තව කීදෙනෙක් ඉන්නවද? (නි)
තානාපති මට්ටමින් අර බ්‍රිතාන්‍ය ජාතිකයාගේ මරණය ගැන සාදාරණය ඉෂ්ට වෙනවද කියලා හොයන්න එයාලා මැදිහත් වෙනවා වගේ මේ ක්‍රියාවලියටත් තානාපති මට්ටමේ මැදිහත්වීමක් අපෙනුත් කරන්න. (නි)
කොහොමත් ලන්ඩන් පොලීසිය ඔය කොටියාව අල්ලන්නේ නැහැ. (නි)
ඇල්ලුවත් බලපෑම් වලට අතාරින්න වෙනවනෙ, ඒකයි. මානවහිමිකම් ගැන මහලොකුවට ම අයනේ. (අ)
හොද පුවතක් ලංකාදීප, අතහරින්න එපා. මහා සාධාරණයක් ගැන කථා කරන බ්‍රිතාන්‍යයේ පිළිවෙත පාඨකයින්ට දැන ගැනීම සදහා මෙම මුදල් හොරකමට අදාල පුද්ගලයා ලංකාවට අල්ලා බාර දෙන තුරු විමසිල්ලෙන් සිටිමු. මේ පිළිබදව දිගටම ලද විගස දැන ගැනීම සදහා පලකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මතක තබා ගත යුතුයි බ්‍රිතාන්‍ය ජාතිකයකු ලංකාවේදී මරා දැමීම පිළිබදව එම රටේ මන්ත්‍රීවරු පාවා මැදිහත් වුණා. දෙබිඩි පිළිවතකට යාමට ඉඩ නොතැබිය යුතුයි (නි)
ලංකාවේ සමහර පුවත් පත් වලින් තමයි ඔය කොටියව පුම්බලා තියෙන්නේ (නි)