පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ ළමා හදිසි අනතුරු ඒකකයක් සහ ළමයින් සදහා ඇරඹි හදවත් කැතීට කරන ඒකකයක් ඇතුළු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා අංශයේ ඒකකයක් ළමා රෝහල තුල ඇරබි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඡනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සෙනසුරාදා (16) පේරාදෙණිය විශේෂිත ළමා රෝහලේ විවෘත කිරීමෙනි අනතුරුව පැවැසීය.
වැඩි දුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය අධ්‍යක්ෂ වරයා
‘පාසල් ළමයින් ක්‍රිඩාව සදහා යොමුවිම බෝනොවන රෝග වලින් මිදිමේ එක් ක්‍රම වේදයක්, ක්‍රිඩාව සදහා පාසල් ලමුන් සහභාගි විමේදී විවිද ගැටලු ඇතිවෙන්න පුලුවන් ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තීරණයක් අරගෙන තියෙනව පාසල් ළමයින් ක්‍රිඩාවට සහභාගිවන්නට කලින් විශේෂ පරික්ෂණයකට සහභාගී කල යුතුයි කියල,මේ සදහා සියලුම පලාත් මට්ටමින් ක්‍රිඩා වෛද්‍ය ඒකක අරබා පශ්චාත් උපාධි සහිත වෛද්‍ය වරුන් පත් කරල තියෙනව.’
‘ඒ වගේම අනිකුත් රෝහල් ආවරනය වන පරිදි 900 ට වඩා වැඩි වෛද්‍ය වරුන් ප්‍රමාණයක් අන්තර්ඡාතික ප්‍රමිතීන්ට අනුව ක්‍රිඩාවට සහභාගි විමට කලින් එම සිසුන් පරික්ෂා කිරිමට කටයුතු කරල තියෙනව. ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති අතර ඒ ඒ ක්‍රිඩා හා ඒවා සදහා පරික්ෂණ කලයුතු පරික්ෂණ ක්‍රම වේදයන් චක්‍ර ලේකනයක් තුලින් සියලු උපදෙස් දක්වා ඇති බවත් එම පරික්ෂනයන් අන්තර්ඡාතික ප්‍රමිතින්ට අයත්ව සකස් කර ඇති අතර චක්‍රලේඛනයේ දක්වා ඇති අදාල ක්‍රිඩා වලට සහභාගිවන සිසුන් අනිවාර්යයෙන්ම මෙම පරික්ෂණ වලට සහභාගි කල යුතුයි.’ යනුවෙනි






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd