IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ක්‍රීඩා සංගම් ලොක්කන් අවුරුදු අටෙන් ගෙදර යවන්න නීතියක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ක්‍රීඩා සංගම්වල තනතුරු දැරිය හැකි කාලය සීමා කෙරෙන නියෝගවලට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී ඇත.

මෙම රෙගුලාසි නව ක්‍රීඩා සංස්කෘතියක ආරම්භයක්  බව කාරක සභාවේ සභාපති ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ පවසයි

මීළග පාර්ලි‍මේන්තු රැස්වීම් සතියේ විවාදයට ගැනීමට නියමිත ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනත යටතේ නිකුත් කරන ලද, අංක 2437/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගවලට තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ එම කාරක සභාව 2025.08.07 වැනිදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරු ද මෙම රැස්වීමට සහභාගී වූහ.

මීට පෙර ක්‍රීඩා පනත යටතේ සකස් කර තිබූ රෙගුලාසිවල පැවති අඩුලුහුඬුකම් සහ ගැටලුකාරී තත්ත්වයන් මගහරවා ගනිමින් නව නියෝග සකස් කිරීම සිදුකළ බවත් පොදුවේ සියලු ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩාවේ දියුණුව අරමුණු කරගනිමින් එය සිදුකළ බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව ක්‍රීඩා සම්මේලනයක සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු දැරිය හැකි උපරිම කාලය වසර 8 කට සීමා කිරීම මෙමගින් සිදුවන බව ඒ මහතා පැවසීය. එසේම වසර දෙකකට වරක් නිලවරණ පැවැත්විය යුතු බවටත් ප්‍රතිපාදන ඇතුළත් කොට ඇති අතර ජාත්‍යන්තර සම්මේලනවල සම්මතයන් සැලකිල්ලට ගනිමින් මෙම කාලය තීරණය කර තිබේ. ක්‍රීඩා සම්මේලනවල දීර්ඝ කාලීනව තනතුරු දරමින් සිදුකරන අකටයුතුකම් පිළිබඳව මීට පෙර විවිධාකාර චෝදනා එල්ලවූ අතර එම තත්ත්වය නැවැත්වීමට මෙය හේතුවන බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද කාන්තාවන් සම්බන්ධවන ක්‍රීඩා සඳහා අවම වශයෙන් කාන්තාවන් දෙදෙනෙකු සඳහාවත් එකී සම්මේලනවල අවස්ථාව ලබාදීමටත් මෙම නියෝග හරහා විධිවිධාන සලසා තිබේ. නව ක්‍රීඩා සංස්කෘතියක් මේ හරහා ඇතිවන බවත් ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ සාධනීය ප්‍රතිචාර ‍මෙම නව නියෝග සම්බන්ධයෙන් හිමිවූ බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතුවලට අදාළව පවතින ගැටලු මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් කාරක සභාවේ අවධානයට යොමු කළහ. ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදීම ඒ අනුව සිදුවිය.

කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් ඇතුළු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ද තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


 



අදහස් (5)

ක්‍රීඩා සංගම් ලොක්කන් අවුරුදු අටෙන් ගෙදර යවන්න නීතියක්

Perakum Liyanagama Thursday, 14 August 2025 11:26 AM

ඉතා කාලෝචිත සහ සුභදායක අදහසක්.

:       2       24

Rata Perata Thursday, 14 August 2025 11:28 AM

ඉතා හොඳ තීරණයක්.

:       2       23

අන්_ර Thursday, 14 August 2025 12:26 PM

ක්‍රිකට් හැර අනික් ඒවාට ඔය නීතිය දාපන්. ෂම්මිව තරහ කරගෙන බෑ.

:       5       9

prasanna Thursday, 14 August 2025 04:01 PM

පුළුවන් නම් කරලා පෙන්න පල්ලා...!

:       6       4

Rosa Thursday, 14 August 2025 05:29 PM

අනේ ෂම්මිට මේවා අදාල නෑ හොඳේ... ඔන්න වරදවා වටහා ගන්න එපා...

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site