(අංජුල මහික වීරරත්න)
ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ ප්‍රතිපාදන අනුව පිහිටුවා ඇති අතර ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ ප්‍රමිතීන් යටතේ ක්‍රියාත්මක වේ.
එම ආයතනයේ අනිවාර්ය ජාත්‍යන්තර ප්‍රමිතියක් වන තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව අදාළ සම්මුතිගත රටවල් විසින් සිය රට තුළ යාවත් කාලීන කරමින් බලාත්මක කළ යුතු වේ.
ඒ අනුව, 2025 වර්ෂයට අදාළව ක්‍රීඩකයන්ට මෙන් ම අශ්ව සහ තුරඟ තරඟ සඳහා වන තහනම් ද්‍රව්‍ය ප්‍රකාශයට පත් කරමින් 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ විධිවිධාන ප්‍රකාරව සාදන ලද සහ අංක 2430/24 දරන 2025-04-03 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2024 අංක 10 දරන තහනම් උත්තේජක (තහනම් කරන ලද ලැයිස්තුව) නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ක්‍රීඩා උත්තේජක තහනම් නියෝග අලුත් කරයි