
(අංජුල මහික වීරරත්න)
ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීමට කැබිනට් ඇනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය (SLADA) ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ (WADA) නීති හා රෙගුලාසි මත පදනම්ව ක්‍රියාත්මක වන ආයතනයක් වන අතර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ට ජාක්‍යන්තර ක්‍රීඩා තරඟ නියෝජනය කිරීම සඳහා අවස්ථාව ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය එකී නීති රෙගුලාසිවලට අනුගතව ක්‍රියාත්මක විය යුතුය.
ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් සෑම රටකම උත්තේජක මර්දන නීතිය වරින් වර විමසීමකට ලක් කර එය නියමිත මට්ටමක පවතී දැයි සමාලෝචනය කර, සිදු කළ යුතු සංශෝධන නිර්දේශ කරනු ලබයි.
2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සකස් කිරීමේදී 2013 වර්ෂයේ පැවති අන්තර් ජාතික ප්‍රතිපාදන ඊට අදාළ කර ගෙන ඇත. 2024 වර්ෂය සඳහා ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් ශ්‍රී ලංකාවේ උත්තේජක මර්දන නීතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව එම පනතට සිදු කළ යුතු සංශෝධන ගණනාවක් නිර්දේශ කර තිබේ. ඒ අනුව, 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ක්‍රීඩා උත්තේජක එරෙහි පනත සංශෝධනයට