(අංජුල මහික වීරරත්න)
තීරණාත්මක මොහොතේ කැරට් අල දේශපාලනයට රැවටුනොත් තරුණ පිරිසට අනාගතයක් නැති වෙන බව එක්සත් ජාතික පක්ෂ උප නායක හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ලංකාවට බලපා තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නොව ආර්ථික ප්‍රශ්නයක් බව කී කාරියවසම් මහතා දේශපාලන ප්‍රශ්න විසඳන්න නම් ඕනෑ තරම් න්‍යායාචාර්යවරුන් සිටින නමුත් ආර්ථික ප්‍රශ්නය විසඳන්න හැක්කේ ලෝකය ගැන අවබෝධයක්, පරිචයක් සහ පරිණත දැක්මක් සහ ආර්ථික දර්ශනයක් සහිත නායකයෙක්ට පමණක් බවද පැවසීය.
කැරට් අල මවන අය ආර්ථිකයට සල්ලි පොම්ප කරන ආකාරයක් කියන්නේ නැතැයි කී කාරියවසම් මහතා සුරංගනා කතා කියමින් ජනතාව තවදුරටත් රවටන ක්‍රමය වහාම නතර කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාට ඉතින් කැරට් අලේ තරම් වටින වෙන දෙයක් නෑනේ...!
හොඳටම දැක්ම තිබුනේ ඔබලාට තමයි. ඒකනේ රටම හැඳිගෑවිලා ගියේ...
දැනටමත් තරුණයින්ට අනාගතයක් නැහැ...
හා, ඔයා කියන විදියකට කරන්නම් අපි. පත්තරවලට ඔයාලාගේ ඔය වැදගත් කමක් නැති ගොන් ප්‍රවෘත්ති නොදා ඉන්නවා නම් අපි ගොඩක් සතුටුයි...
එපාජය කරන්නේත් කැරට් අල බෙදන එකම තමයි...
රනිල්ට වගේම ඔයාටත් කැරට් අල නැති බව අපි දන්නවා...
ඔයාගේ නායක පිනා දීපු බ්‍රේස්ලට් එකට යටවෙලා හුස්ම ගන්න බැරුවයි ඉන්නේ. ඒක හන්දා තවත් කැරට් අල ඕනෑ වෙන්නේ නෑ !!!
අනේ යන්න ගොන්කතා නොකියා..!
මේ මිනිස්සු කිසිම ජන පදනමක් නැතිව විකාර කියනවා. තව ටික දවසක් ඔයවගේ බයිලා කියාගෙන ඉඳියි. පස්සේ හොයාගන්නවත් බැරිවෙයි, රනිල්ට ලැබෙන ඡන්ද ගැන දැක්කාම...
තරුණ ජීවිත දැන්නම් කොහොමටත් හබක්..!
ඔයාගේ නායකයා තරම් කැරට් ගොවියෙක් ලොවෙත් නැහැ. කැරට් පටවන්නේ වොක්ස්වැගන්වල...!