පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ දී අතදරුවකු පොළොවේ ගැසීයැයි කියන තරුණියක (22) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දරුවා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියේය.
පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ දී අතදරුවකු පොළොවේ ගැසීයැයි කියන තරුණියක (22) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දරුවා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය කරලා තියෙන්නේ දරුවාගේ අම්මා නෙමෙයි. ගෙදර නැවතිලා හිටි වෙන ළමයෙක්. භයානක දෙයක් සිදුවෙලා තියෙන පාටයි. (නි)
මම හිතන්නේ අද ලංකාවේ මිනිස්සු ළඟ මානුෂික හැඟීම් අඩුවෙලා හෝ නැතිවෙලා. සියල්ලට පෙර මිනිසුන්ගේ හීත් හදන්න ඕනෑ. මේ වගේ තිරිසන් ගතිගුණ එන්නේ සිත තුළ ධාර්මික බව නැති වුණාම. තම තමන්ගේ දහම නිසියාකාරව පිළිපදින අය අද ගොඩක් අඩුයි. අන් අයට වෛර නොකර දහමේ හැසිරෙන්න සියලු දෙන පුහුණු කළ යුතුයි. (නි)
සුගුනවති හරි (නි)
සමහරවිට යම් අර්බුදයක ප්‍රතිඵල වෙන්න ඇති (නි)
මේ දරුවාගේ අම්මා නෙවෙයි. දරුවා රැකබලාගන්න කියල ගෙන්න ගත්ත ඥාති දුවක්. අනේ මන්දා තමන්ට ලෙඩක් අපහසුතාවයක් නැතත් දරුවා බලාගන්නට හතර වරිගයේම නෑදැයෝ ගෙන්න ගන්න එක අපේ රටේ පුරුද්දක් නේ. වෙනින් රටවල අම්මලා දරුවා ලැබුනම තනියම ඒ වැඩ කටයුතු කරගන්නේ. තමන්ගේ ලේසිය බලන්න ගිහින් වුන අපරාධයක්. ! (නදී)
ඇය මානසික අබාදයකින් පෙලෙන්නියක් බව තහවරු වී ඇත. (නදී)
මෙන්න නියම කාන්තාවෝ (නදී)
මානසික ආබාධයක් තිබෙන කාන්තාවකගේ අත් පිටුපසට කර මාංචු දානමුත් , දරුණු අපරාධකාරයෝ ආයුධ පෙන්වන්න අරගෙන යද්දී අත් ඉස්සරහට ගෙන මාංචු දානවා. ආශ්චර්ය...! (නි)
මගේ අම්මෝ! මෙහෙම මිනිස්සු! අයියෝ! තරහා ගියා කියලා එහෙම කරනවද? (නි)
මේවා අැහෙනකොට දහම් දිවයින මොකක්ද කියලා හිතෙනවා (නදී)
දරුවා පොළොවේ ගැසීම දිහා පමණක් නොව, ඇය ඒ දක්වා මුහුණ දෙන්නට ඇති දේ ගැන මදක් සිතා බලමු. ඒ දේ පුවතක් නොව දිග කතාවක් විය හැකියි. ඇය පමණක් නොව සමාජයේ බොහෝ දෙනාට මුහුණ දෙන්නට සිදුවන සිද්ධි මාලාවක් විය හැකියි. විසඳුම් සෙවිය යුත්තේ අන්න ඒ දේවලටයි. හෙට දිනයේ අසරණයින් සිය ගණනකගේ ජීවිත බේරා ගත හැක්කේ ඒ ආකාරයටයි. (නදී)
කිරිකැටියාට නිවන් සුව ලැබේවා! මව එතනට රැගෙන ආ පියාට එයාගේ වගකීම අමතක වෙලා වගේ. (නි)
මෙවැන්නන්ට යන්නට වෙනමම අපායක් මැවෙනු ඇත (නි)
පුෂ්ප , අපි එහෙම කීවට මෙයාගේ මානසික තත්වය කොහොමද දන්නේ නැහැනේ නේද ?(දිල්)
මට සිතෙන්නේ ඇය යක්ෂ දියණියක් ලෙසටයි (නි)
දෙදෙනාම සසර පවු කරලා ඇති.දරුවා හදාගන්න කාටහරි දෙන්න හිතක් නැතිවුණේ ඒකයි (නි)
මිනීමරු කතක්. අද ගොඩක් දෙනක් ඉන්නේ වියරු වැටුණු මානසික තත්වයකින්. කරන්නේ මොනවද කියල දන්නේ නෑ. හැබැයි පොලිසිය කියනවා අපරාධ අඩු වෙලා කියලා. ඒත් අහන්න ලැබෙන්නේ අපරාධ ගැනමයි. මේ තත්වය වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නෑ. නිවුණු සිත් ඇත්තෝ විතරක් බේරෙයි. (නදී)
මේ ප්‍රවෘත්තිය හරියට කියවා තේරුම් ගන්න. මෙය කර ඇත්තේ දරුවාගේ අම්මා නොවෙයි. (නදී)
දෙමල කට්ටියක් නේද, ඒක තමයි (නදී)
අම්මේ ,තාත්තේ දරුවන් හැදීම ජපනා කාර් හදලා එලියට දමනවා වැනි දෙයක් නොවේ. (නදී)
මේ අලුත උපන් දරුවා බලා ගන්න කියලා ගෙන්න ගත්ත ඥාති දුවක්. ඉස්සර කාලේ අම්මල ළමයින් 7 ක් 8 ක් එක්ක අලුත ඉපදුන දරුවා තනියම බලා ගන්නවා. දැන් ඉන්න නවීන අම්මලාට එක දරුවෙක් ගේ වැඩ ටික කරගන්න බැහැ හතර වරිගයේම කට්ටිය උදව්වට ගෙන්න ගන්නේ නැතිව. (නදී)
ඔහොම තමයි දෙමාපියන්ගේ ආශිර්වාදයක් නැතුව කසාද බැන්දාම. ආදරේට අන්දවෙලා තාවකාලිකව ලබන සැප නිසා කරගන්න විවාහ අසාර්ථක වීමෙන් මොවුන්ට දාව උපන් දරුවෝ මේ ආකාරයෙන් ජිවිතෙන් වන්දි ගෙවනවා. (නදී)
මේ අයව අපි ආයුද පෙන්නන්න එක්ක යනවා (නදී)
මේ වගේ දේවල් මාධ්‍ය වල රසකර පෙන්වීමත් වැරදියි කියලයි මටනම් හිතෙන්නේ, මේ ළමයත් මානසික අාබාදයකින් පෙලෙන්නියක් බව තහවරු වෙලා නේද (නදී)
අයි මේ වගේ කාලකන්නි මිනිස්සුන්ගේ මුහුණ නොපෙන්න්වන්නේ. එක වේලාවකට හිතෙනවා මුළු ලෝකෙටම අමු කැවිලද කියලා. අයි දෙයියනේ අපි මෙච්චර පවු කරලා තියෙන්නේ මේවා අහන්න දකින්න. මටත් පිස්සු හැදෙයිද කියලා හිතෙනවා මේවා දකින කොට. එකෙක් තව එකෙක්ගේ බෙල්ල කපනවා, පියා දුව දුෂණය කරනවා, සහෝදරයා සහෝදරිය දුෂණය කරනවා, වයසක තරුණයෝ ආච්චිලා දුෂණය කරනවා. වේලාවකට හිතෙනවා ලංකාදීපේ බලන්න කලින් දෙකක් දා ගෙන අසීහියෙන්ම පත්තරේ කියවන්න. එත කොට පිටරට ඉන්න අපිට වගේ වගක් නැතිව මේවා කියවතැහැකි (නදී)
මේවා අහන්න අපි පව් කලා නේද? (නදී)
සමහර විට සැකකාර තරුණිය මානසික ආබාධයකින් පෙළෙනවා වෙන්න බැරිද? (නි)
අපේ රටට, මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ. කාලා බීලා ඉන්න බැරි කමට කසාද බඳිනවා, පහුවෙනිදට ළමයෙක් ඉපදුනහම මරල දානවා. හදන්ඩ බැරිනම් හදන මිනිහෙකුටවත් දීපල්ලකෝ. මේ වෙනුවෙන් අවශ්‍ය නීති හැදුවොත් හොඳයි. පිටරට වල ඕනා තරම් මිනිස්සු ඉන්නවා ළමයි දරු කමට හදා ගන්ඩ.(නදී)
මෙයාවත් පොළොවේ ගහන්න ඕනෑ උස්සලා. ඒ කිරිසප්පයාට දැනුනු වේදනාව කොහොමද කියලා මෙයාට එතකොට දැනෙයි (නි)
නුගත්කම එක්ක මෝඩකම උපදිනවා. මෙය එහි ප්‍රතිපලයක්. වඳුරට දැලිපිහිය දුන්න කතාව මතකනේ. (නදී)
අපේ දුප්පත් දරුවො තරුණ වයසෙදි නිසි අධ්‍යපනයක් නැතුව විවාහ වෙලා ජීවත් වෙන්න බැරි කමට පවුල් අතර ගැටුම් ඇති වෙනවා. අපේ සමාජයේ ඔවුන්ව යහ මගට ගන්න වැඩ පිළිවෙලක් නැති කමට මෙවැනි අපරාධ සිදුවෙනවා.(අ)
සදහම් දිවයිනේ දහම් අදහන්නේ නැතිව අනාත වුණ මිනිස්සුන්ගේ ක්‍රියා කාරකම්. මෙය සදහම් දිවයිනක් කරන්නට සැම පෙල ගැසෙමු. (අ)
මෙවා වෙන්නේ අවසාන කාලයේ ලකුණු,මිට වඩා තව දෙවල් වෙයි. හැබැයි ඉක්මනටම දුෂ්ටයන් නැති වෙන කාලයක් එනවා. (දී)
මගේ හිතට හුඟාක් දුකයි දරුවයි අම්මයි දෙන්නම ගැන.....කව්රුත් බනිනවා අම්මට, එත් ඇයි මෙහෙම කරන්න හේතුව කියල දන්නේ නැහැනේ. මනුස්සයන්ගේ හිතට සමහර වෙලාවට මේවගේ දේවල් එනවා...විශේෂයෙන්ම අවුරුදු 22 තරුණියකට පළපුරුද්දක් නැහැනේ දරුවෝ බලාගෙන ...දරුණු දෙයක් හිතට එන්න ඇති (අ)
සුගුනවති,නිමල් රණසිංහගේ අදහස් හොඳයි. තේරුමක් නැතිකම අධ්‍යාපනය අඩුකම ,දුප්පත්කම සේරම එකට එනවිට ප්‍රශ්නයක් ඇතිවුණාම දරාගන්න අමාරුයි. (නි)
ලංකාවේ වගකිවයුත්තන් වහාම පියවරක් ගත යුතුයි. දෙපිරිසේම කාන්තා හා පිරිමින් පෙළෙන 85%ක මානසික ආතතියෙන් මුදාගන්න ආකාරයක් ගැන බැලිය යුතුයි. (නි)