(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට එරෙහිව ඉදිරි කාලයේදී පුළුල්ව හඬ නැගීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වතුන්ගෙන් සමන්විත වෙනම සංසදයක් පිහිටුවීමට සමගි ජන බලවේගය පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් තීරණය කර ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන විමර්ශන ආයතනවලටත් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ඇතුළු සංවිධාන රැසකටත් එකවර පැමිණිලි 100 ක් යොමු කිරීමටත් විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.
එම පැමිණිලි කිරීම් ඉදිරි දිනවල කෙරෙනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා වලට එරෙහිව ප්‍රබල හඬක් නැගීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයක් කඩිනමින් පිහිටුවා ගැනීම ඉතාම වැදගත් බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව තොරතුරු රැස් කිරීමට සමගි ජන බලවේගය පක්ෂය විසින් වෙනම කණ්ඩායමක් දැනටමත් පත් කරනු ලැබ ඇත.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අතුරු පාලක කමිටුවට එරෙහිව අභියාචනාධිකරණය දුන් තීරණයට එරෙහිව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද හෙටම ඇපෑලක් යොමු කිරීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
2025 දෙසැම්බර් මස 16
7
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ක්‍රිකට් සල්ලි ’’පොකට්’’ ගැහීම වලක්වන්න මන්ත්‍රී සංසදයක්
රෑටවැසියෙක් Saturday, 11 November 2023 09:27 AM
ක්‍රිකට්වල හොර අල්ලන්න තියෙන උවමනාව' උනන්දුව වගේම දේශපාලකයෝ කරන වංචා, දූෂණ, අල්ලස්, කප්පම් ගැනීම් වගේ දේවල් වලටත් තියෙනවා නම් කොච්චර හොඳද?
Anila Saturday, 11 November 2023 09:44 AM
මොන විහිළුද මේ? හැමදාම එක එක්කෙනා නැගිට නැගිට දූෂණ එළිකරනවා... හැබැයි කවදාවත් නඩු නැහැ.. නඩු දැම්මත් ඒවා අහන්නෙත් නැහැ. මේගොල්ලෝ ඔක්කොම ලොකු බොරුවක් කරන්නේ...
රවින්ද්‍ර Saturday, 11 November 2023 10:05 AM
එම කඩිනම් කමිටුවේ සාමාජිකයන් ලෙස, ගරු කප්පම් ප්‍රසන්න ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක තුමා සහ හිටපු කෘෂිකර්ම ඇමැතිවරුන් වන, නාවලපිටියේ මයින්දානන්ද, ශශීන්ද්‍ර රාජපක්ෂ මහත්වරුන්ගේ නම් පුරවැස්සන් වන අපි යෝජනා කරන්න කැමැත්තෙමු.
ravin Saturday, 11 November 2023 10:19 AM
මන්ත්‍රීවරු? පොදු ජන පිළිගැනීම නම් වංචාවේ, දූෂණයේ, හොරකමේ කෑගහපු කට්ටිය නේද? අපට කියන්න තියෙන්නේ වැටත්, නියරත්, ගොයමත් කා නම් කාට කියම්දෝ මේ ආරවුල කියලා විතරයි. කාටහරි කියන්න පුළුවන්ද? අල්ලස් හා දූෂණ කොමිසම පිහිටෙව්ව දා ඉඳලා පැමිණිලි ගණන ගොනුකරලා නඩු ගණන හා ප්‍රතිඵල...?
C.K.Lankaputhra Saturday, 11 November 2023 11:05 AM
එතකොට සංසදය හා ක්‍රිකට් පාලක මණ්ඩලය එකට එක්ව කරන හොර, වංචා, මගඩි හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරනවා කියලත් කියන්න...!
Perera Saturday, 11 November 2023 01:16 PM
නරින්ට කුකුල් කොටුව බාරදෙන්න වගේ හදන්නේ...!
HELAYA Saturday, 11 November 2023 01:26 PM
ක්‍රිකට් ආයතනයට මුදල් ලැබෙන්නේ ICC එකෙන්. ලොක්කෝ පාලනය කරලා තියෙන්නේ. තමන්ගේ බූදලය වගේ පක්ෂ භේද අමතක කරලා සියලු දෙනා... එක්විය යුතුයි. ජනතාවගේ බදුමුදලින් බාල බෙහෙත් ගෙනැල්ලා කොමිස් ගහලා තියෙද්දිත් මේ වගේ හඬක් නැගුවද?
Bamunuarachchi Saturday, 11 November 2023 05:02 PM
ඒකත් හරියට කැවුම සමසේ බෙදාදෙන්න ආව වඳුරා ගේ කතාව වගේ හිටීවී. අන්තිමට හොරකාලා තිබෙන්නේ කොමිසමෙන් පත්කරපු කෙනා. ඔය හදන්නේ ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි වලට දේශපාලකයෝ කෙලින වැඩක්...
Mahasen Saturday, 11 November 2023 10:01 PM
රටම පොකට් ගහපු කට්ටිය සෙට් වෙලා පොකට් කාරයො අල්ලන්න .