ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායිකාව වන්නේ ඇයයි. චමරි අතපත්තු වන ඇය ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අහම්බයකින් පැමිණි ක‍්‍රීඩිකාවක් නම් නෙවෙයි.
‘‘ශ්‍රී ලංකාව 96 ලෝක කුසලාන ජයග‍්‍රහණය කළ තරගය නරඹන විට මගේ වයස අවුරුදු හයක් විතර ඇති. ඒ වයසේ ඉඳලාම ක‍්‍රිකට් ක‍්‍රීඩාව මගේ ජීවිතය එක්ක බැඳිලා තිබුණු දෙයක්’’. චමරි තම අහම්බයක් නොවු ගමන ගැන අද පවසන්නේ එලෙසිනි.
වසර පහක කාලයක සිට ශ්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිය ලෙස කටයුතු කරන අතරේ ඇයට නායකත්වය ලැබුණේ ශෂිකලා සිරිවර්ධන නායකත්වයෙන් ඉවත්වීමත් සමගයි. එලෙසින් නායකත්වයට පැමිණි හැඩකාර චමරි එක්ක සඳැල්ල පිළිසඳරකට එක්වූවේ මෙලෙසිනි.
චමරි කුඩා කාලයේ ඉඳලම ක‍්‍රිකට් ක‍්‍රීඩාවට කැමති වීමට විශේෂ හේතුවක් තිබුණද?
ඒකට හේතුව මගේ මාමායි. වයස අවුරුදු හතරෙදී ඉඳලාම ක‍්‍රිකට් පුහුණු වෙන්න අවස්ථාව ලැබුණේ මාමා පුහුණුකරුවකු වූ නිසයි.
අප්පච්චි සහ අම්මත් ගොඩාක් උදව් කළා. පුංචි කාලයේ ඉඳලාම ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන අතරේ ඉගෙනීම් කටයුතුත් හොඳට කළා. ශිෂ්‍යත්වය සමත් වී ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට ගියාම එහි බාලිකා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න ලැබුණා. ඒ දක්‍ෂතා එක්ක කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩා සමාජයට ක‍්‍රීඩා කිරීමට ආරාධනා ලැබුණා.
උසස් අධ්‍යාපනය කරන්න අරමුණක් තිබුණෙ නැද්ද?
ක‍්‍රිකට් ජීවිතය හා බැඳුනු දෙයක් වීමත් එක්ක ක‍්‍රිකට් වලින් තොර ජීවිතයක් ගැන හිතුවෙ නැහැ.
පවුලේ එකම දරුවා මේ විදියට ක‍්‍රිකට් තෝරා ගැනීම ගැන දෙමාපියන් මොනවද කිව්වේ?.....
අප්පච්චි - අම්මා ගොඩාක් කැමති වුණා. මට හොඳට ක‍්‍රිකට් පුළුවන් බව මාමා කියලා තිබුණා. ඒ නිසා තහංචි ආවේ නැහැ.
|
|
|
හඳහනේ මොනවද ලියැවිලා තිබුණේ?........
කවද හරි ලංකාවේ ප‍්‍රසිද්ධ චරිතයක් වේවි කියලා තිබුණා. කරන දේ කැපවීමෙන් කරන කෙනෙක් බවත් ලියැවිලා තිබුණා.
චමරි ඔබ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වාර්තා කීපයකටම හිමිකම් කියනවා. ඒ ගැන අද රටටම කියමු නේද?
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවක ලෙස මුල්ම ශතකය ලබාගත්තේ මමයි. ඒ වගේම ගිය වසරේ ප‍්‍රිමියර් ලීග් දේශීය තරගාවලියේදී ද්විත්ව ශතකයක් ලබා ගත්තා. එයත් ලෝක වාර්තාවක්.
කොහොමද එහෙම වෙන්නෙ?
එක්දින තරගයකදී මීට කලින් ද්විත්ව ශතක වාර්තා කරලා තිබුණෙ සචින් තෙන්දුල්කාර් සහ ෂෙවාග් විතරයි. දේශීය තරඟාවලියකදී හෝ ඒ දක්වා කිසිම ක‍්‍රීඩක, ක‍්‍රීඩිකාවක එක්දින ද්විත්ව ශතකයක් ලබා තිබුණෙ නැහැ.
ඒ ද්විත්ව ශතකයට හයේ පහර සහ හතරේ පහර කීයක් එල්ල කළාද?
හයේ පහර අටක් සහ හතරේ පහර විසි හතරක් විතර එල්ල කළා.
වයස 23 වෙද්දී ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් නායිකාව වීම ගැන මොකද හිතන්නෙ?
ලොකු සතුටක්, ඒ වගේම අභියෝගයක්. තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මා කෙරේ තැබූ විශ්වාසය යථාර්ථයක් කොට ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් හිමිකර දීමට කටයුතු කිරීම එකම අරමුණයි.
ඔබට චතුර කථිකත්වයක් තිබෙන බව බොහෝ දෙනා කියනවා. ඒක ඇත්තද?
පාසල් කාලයේ ඉඳලම සමිති සමාගම්වල නායකත්වය දැරුවා. සමාජසේවා වැඩවලටත් දායක වුණා. ඉතින් කථිකත්වය ඒ සියල්ල වෙතින් ආ දෙයක්.
රැකියාව මොකක්ද?
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ.
කොහොමද විවේකය එහෙම ගෙවන්නෙ?
පුහුණුවීම් නැත්නම්, රූපවාහිනිය නරඹනවා. යාළුවෝ එක්ක කතා බහ කරනවා. ඒ මොන දේ කළත් සතියකට සැරයක් අම්මා බලන්න ගමට යනවාමයි.
‘‘සිතින් මා නොසැලී සිටිද්දී’’ ගීතය නිතර මුමුණන බවට ආරංචියි. විශේෂ හේතුවක් තියෙනවද?
ඒ ගීතයට මම හරි ආසයි. හිතට පුදුම තැන්පත් බවක් ගෙන දෙනවා.
සිතින් නොසැලී සිටින්න හැදුවත් සිත සසල කළ කෙනෙක් ජීවිතයට සමීපයි නේද?
ඔව්, ඒක හරි. එයා බැංකු සේවයේ නිරතයි.
එයා කැමතිද ඔබ ක‍්‍රිකට් ක‍්‍රීඩා කරනවට?
දැන්-දැන් ටිකක් අකමැතියි වගේ. ආදරය වැඩි නිසා වෙන්න ඇති.
සනත් ජයසූරිය.
කාන්තාවකට ක‍්‍රීඩාව හෝ ඕනෑම අංශයක් වෙතින් දුර ගමනක් යන්න පුළුවනි. අපේ කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ දක්‍ෂ පිරිසක් ඉන්නවා. මෙතැනට එන්න ආසාව තියෙන ඕනෑම තරුණියකට මෙතැන හොඳ තෝතැන්නක් බව මට පැහැදිලිව කියන්න පුළුවනි.
හැඩගැන්වීම් - නිමාලී පෙරේරා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුවට ගොඩක් දුර යන්න පුළුවන් බුදු සරණ ඔයාට. (ස)
ලංකාවට කාන්තා ලෝක කුසලානය රැගෙන එන්න ඔබට වාසනා වේවා කියා ඉතසිතින් පතමි! රංගන හේරත් වගේ ඔබත් ලංකාවේ ඉහලම තැනකට ඇවිත් ලොවම බබලවනු දැකීම අපේ පැතුමයි! (ස)
දක්ෂතාවයට, හැකියාවට හා නායකත්වය ලැබීමට උණුසුම් සුබ පැතුම්. නමුත් ඔබේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ නීති හා දැනුම ගැන කණගාටු වෙමි. එක්දින ජාත්‍යන්තර තරගහිදී ද්විත්ව ශතක ලැබුවන් තිදෙනෙකි. ඔවුනට ඉන්දියානු ක්‍රීඩක රෝහිට් ශර්මා [209(158), 4-25, 6-16 , 2013] ද ඇතුලත් විය යුතුය. නුතන ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩා ගුණය රැකීමට නොව, ක්‍රීඩා නිතිය අනුව අන්තර්ජාතික තරගවලදී නායකයෙකු සේ තීරණ ගැනීමට ක්‍රියා කරන්න. ශ්‍රී ලංකා නායක මැතෙව්ස් එංගලන්ත ක්‍රීඩක බට්ලේර්ගේ සිදුවීමේදී ක්‍රියාකළා සේ. මන්දයත්, වානිජකරණය තුල ක්‍රීඩාවේ පවා අන් රටවල කණ්ඩායම් අවස්ථාවාදී වීමට පෙලබෙනවා මිස ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණය රැකීමට හෝ අප යම් දිනක ඔවුනට කර තිබෙන දෙයට ප්‍රති උපකාරව ක්‍රියා නොකරන නිසාය. යම් හේතුවකින් ඔබ තරගය පැරදුනවිට කිසිවකු ඔබගේ යහ ක්‍රියාවට පැරදීම යටපත් නොකරන නිසාය.(නදී)
ඔබට ජයෙන් ජයම වේවා! (නි)
ඔබ ගැන හරිම ආඩම්බරයි (නි)
ඔබට ජය! (නි)
අපේ ගම් ප්‍රදේශයෙන් ඔබ වගේ දක්ෂ ක්‍රීඩිකාවක් බිහි වීම ගෙන ගොඩක් ආඩම්බර වෙනවා. (නදී)
චමරි නංගි මේ හමදේටම වඩා ඔයා අපේ ඉස්කෝලෙට(ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය) ගෙනාව ගෞරවය ගොඩාක් වටිනවා. (නදී)
පිටිසර කෙල්ලේ මුළු ලොවම හොල්ලලා තමයි නවතින්න ඕනේ.(නදී)
මෙයා කොල්ලෙක් වගේ (නදී)
අපේ ගමේ කෙල්ලක්. දැනුයි හඳුනා ගත්තේ. ඔබට තෙරුවන්සරණයි දෝණියේ! ඉදිරියටම යන්න ශක්තිය දෛර්ය ලැබේවා (දී)
නිහතමානී ඔබට දුර ගමනක් ය හැකිය. (අ)
මම රැවටුනා සංගීතාද කියලා ? ඔයා නිලියක් වගේ හැඩයිනේ දරුවෝ (අ)
ගොක් රැල්ලෙන් පෝරුව තනවා. මල් කලඹට ලෝක කුසලානයක් දෝත දරා ශුබ මංගලම් කියන්නට වැඩි ඇතක් නොවේවා ! (නදී)
දුවට සුභ පැතුම් (නදී)
චමරි නංගි මේ හමදේටම වඩා ඔයා අපේ ඉස්කෝලෙට(ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය) ගෙනාව ගෞරවය ගොඩාක් වටිනවා. අපි එ්කෙන් ලොකු සතුටක් ලබනවා. ඔයා අපිට ලොකු ආඩම්බරයක්. ජය වේවා! (නදී)
අපිට ආඩම්බරයි නංගී. ඔයාට ජය. (නදී)
නංගී...ඔන්න ඉතාලි ටීම් එක ලංකාවට එනවා. පුලුවන්නම් 'මැච්' එකක් ගහල පරද්දන්න බලන්න. (නදී)