(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරි මණ්ඩලය ඉවත් කිරීම සඳහා ඒකාබද්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (9) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද (8) තීරණය විය.
එම විවාදයෙන් පසු ඡන්ද විමසීමක්ද පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම සඳහා ඒකාබද්ධ යෝජනාවක් වහාම ගෙන ආ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය.
ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හදිසියේ රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම විවාදය පැවැත්වීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (8) දහවල් පැවැත්විණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට පිං ජනාත් ඔක්කොම වැඩ දමලා ගහලා, සාගල එක්ක පාර්ලිමේන්තු එනවා. තගරි දාන්න...!