(යොහාන් භාසුර )
ක්‍රිකට් පරිපාලනය සහ දේශපාලඥයන් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදාගත යුතු බවත් එසේ නොවුනහොත් අවසානයේදී ක්‍රීඩකයන් අපහසුතාවට සහ අගතියට පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (12) පැවසීය.
තමා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි කාලයේදී පරිපාලන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ක්‍රීඩාව සහ ක්‍රීඩකයින්ගේ අනාගතය ගැන සිතා බව කී රජපක්ෂ මහතා දේශපාලන සහ ක්‍රිකට් පරිපාලනය ගැටීම නිසා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් තහනම් කර ඇති බවද සඳහන් කළේය.
එම තහනම නිසා වාර්ෂිකව ඍජු හා වක්‍රව ඩොලර් මිලියන 100ක් පමණ මුදලක් රටට අහිමිවන බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර පරිපාලන ගැටළු නිරාකරණය කර ගැනීමට ක්‍රීඩාව පාවිච්චි නොකළ යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර බේබි, ඔයාලගේ පවුල කොයිතරම් හොරකම් කරලා තියෙනවාද? මිනී මරලා තියෙනවාද? වල්කම් කරලා තියෙනවාද?
ප්‍රශ්න තිබෙන්නේ ක්‍රිකට් පාලන මණ්ඩලයේ දූෂණය සම්බන්ධව නම් එම මණ්ඩලය තමන්ට ඇති vito බලය පාවිච්චි කරමින් රැඳී සිටිනවා නම් මොනවද සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න පුළුවන්. ක්‍රිකට් තහනම් වුණාම මේ හපුයියෝ සෙට් එක එලවා දමා අලුත් පනතට අනුව ක්‍රිකට් මණ්ඩලයක් පිහිටුවා තහනම ඉවත් කරගෙන ඉදිරියට යන්න හිතනවා ඇති. මෙහෙම ලිව්වාට මට ඔය ක්‍රීඩාව ගැන උනන්දුවක් නැත.. එම නිසා සිද්ද වුණු දේවල් ගැන කිසිම හිත් අමාරුවක්ද නැත.
අපරාදේ අයියලා, මල්ලිලාගේ ගනුදෙනු වලට ගන්නේ අපේ සල්ලි නේද?
අනේ මේ තාත්තලා, පුතාලා, බාප්පලා කාපු ගාණ හැදුවොත් රෙදි ගැලවෙයි... සද්ද නැතිව හිටියොත් නම්බුකාරයි...
අපෝ ඕවත් පාඩුයි මන්ත්‍රීතුමා... කරලා තියෙන හරිය හොඳටම ඇති...
ඔය පනින්නේ බලලා මල්ලෙන් එළියට. මේ අය කවදත් හොරුන්ගේ පැත්තේ...!
ආ එච්චරක් හොරකම් කරන්නද බලාගෙන හිටියේ?
ඔවා දෙනු පරහට, තමා සම්මතයෙහි පිහිටා සිට. අප්පයි, පුතාලයි රටෙන් හොරකම් කළ ධනස්කන්ධය බැලුවොත්, මේක සොච්චමක්...!
තාත්තගේ ඩොලර් බිලියන 18න් ඒක ඉල්ලා දෙන්න බැරිද දන්නේ නැහැ නේ...!
රට කනකොට කොහේද හිටියේ...? ඔක්කොම කාලකණ්ණි...!
ඔයා කොහොමද මචන් ඔය ඉක්මණට ගාන හැදුවේ? ඒ වගේම නුඹලා ගහපු එවාත් ගණන් හදලා කියන්න කොච්චරක්ද කියලා...!
හරි, ෂම්මිගේ ලැයිස්තුවේ මෙයත් හිටියනේ. සේරම එක වල්ලේ බඩු. මොවුන් එක්ක කොහේද රට ගොඩ යන්නේ...? අලි මදිවට හරක් කියලා ජෙප්පොත් ඒ ගොඩේම...!
ඔයාලා හොරාකාපු ඒවා හැටියට ඕක මොකක්ද අනේ... සොච්චමක්නේ..!
හම්බවෙන සල්ලි ගැන නම් හොඳට දන්නවා.
හප්පේ අපිට තාම අමතක නෑ.
මෙයා තමයි ශම්මිව ඔතැනට දැම්මේ...!
මිලියන සීයක් නෙමෙයි දාහක් පඩු උනත් කමක් නෑ. රොෂාන් ඇමතිතුමා ඔබතුමාට වඩා දහස් වාරයක් හොඳයි.ඔබතුමා පාඩුවේ ඉන්න. කීයක් පඩු උනත් ඔබතුමාට නැවත මේ රටේ කිසිම අවස්ථාක් නෑ දේසපාලනයේ. මිනිස්සු විඳින දුක පේනවා නේද.
තමුන්ගේ වැඩ ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. පවුලේ අය ඔක්කොම එකතුවෙලා රටම හොරාකාලා කරපු විනාසේ ඊටත් වැඩී.. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා හිඟාකන තත්ත්වයකට පත්කරපු එවුන් ගැන කවර කතාද?
මුහුණත් දකින්න පිළිකුල්...
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා...! රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි.
ඔන්න මේ ක්‍රිකට් ගැහිලිවලට මහමොල කරුවන් එළියට ඇවිල්ලා...!
මෙයාට දැන් දුක ඇති, පරණ විදිහට ක්‍රිකට් සංගමය ක්‍රියාත්මක වුණා නම්.., ඔය මුදල් ලැබුණා නම් ඕකෙන් ඩොලර් මිලියන 10ක් පමණ විවිධාකාර ක්‍රම මගින් රාජපක්ෂ පවුලේ සාක්කුවට වැටෙනවා...
සවන් දෙන්න අපේ අනාගත ජනාධිපති...
ජනාධිපතිට නැති අමරුවක්නේ මේ කොහේවත් ඉන්න අයට තියෙන්නේ...!