විශ්ව විද්‍යාලයේ පරිපාලන කටයුතු වලට බාධා කරමින් ක්‍රිකට් ක්‍රීඩා කළැයි රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුන් සිව් දෙනකුගේ පන්ති තහනම් කළ බව රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය රංජිත් විජයවර්ධන මහතා පවසයි.
ඔවුනට අද (21) සිට සති පහක කාලයක් පන්ති තහනම් කර ඇති බවත් නේවාසිකාගාරයේ රැඳී සිටිමත් එම කාලය තුළ පැවැත්වෙන විභාග වලට පෙනී සිටිමටත් අවසර නොදෙන බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළියේ 4 දෙනෙක් ක්‍රිකට් ගහලනම් එකෙන් කොහොමද පරිපාලනයට බාධාවක් වෙන්නේ - 4 දෙනෙක් නම් එච්චර කෑ ගහන්න විදියකුත් නැහැනේ. අනිත් එක, මෙවැනි සුළු දෙකට සති 5ක් පන්ති තහනම් කරන්න? (ර)
ඇයි ක්‍රිකට් ගහන්න තහනම්ද.? (ර)
සිසුන් 4කගෙ පන්ති තහනම් කරන්න එක කණ්ඩායමකට හිටියේ ක්‍රීඩකයන් දෙදෙනෙක්ද? සමහර විට වෙන පරශ්නයක් ක්‍රිකට් පිටින් ගියා වෙන්න පුළුවන්. ප්‍රශ්න ඇති කරගන්නේ නැතිව වැඩ කරන විදිහ හැමෝම ඉගෙන ගත යුතුයි. (ර)
මේවා සිදුවෙන්නේ තමන්ට තරුණ කාලයක් තිබුනේ නැහැයි කියලා හිතාගෙන ඉන්න ඔලුව ඉදිමුන ආචාර්යවරු අතලොස්සක් නිසයි . වාසනාවට බහුතරයක් ආචාර්යවරු මනුස්සකම් තියන ""මිනිස්සු "" (ම)
ලංකාව පරදින විදිහට මෙහෙම ගියොත් ක්‍රිකට් කොහොමත් තහනම් කරන්න වෙනවා පන්ති කෙසේවෙතත් (අ)