IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


ක‍්‍රිකට් ගිවිසුම ගැන රැස්වීමේදීත් මාලිංග රාත‍්‍රි ආහාරය සොයයි

වාර්ෂික ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පෙරේදා (03) රාත‍්‍රි පැවැති සාකච්ඡවට සහභාගි වී පිටව යන අතරවාරයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වේග පන්දුයවන්නකු වන ලසිත් මාලිංග මාධ්‍යවේදීන්ට ප‍්‍රතිචාර දැක්වූ ආකාරය අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩකයකුට තරම් නොවන මට්ටමක පැවතුණි.

මාධ්‍යවේදීන් සාකච්ඡවේදී සිදුවූ දේ පිළිබඳව ලසිත් මාලිංගගෙන් විමසා සිටි අවස්ථාවේදී ලසිත් මාලිංග පවසා ඇත්තේ ‘මොන ගිවිසුමක් ද අපිට ඩිනර් එකක් තිබුණා, ඒකට ගියා’යනුවෙනි.   

මාලිංග දෙසට කැමරාව යොමු කළ මාධ්‍යවේදීන් වෙත ද අප‍්‍රසාදය පළ කළ මෙම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ඔවුන්ගෙන් විමසා සිටියේ ‘මොකද මගේ මුහුණ දැකලා නැද්ද’ කියාය.
ලසිත් මාලිංග, ශ්‍රී ලංකා ක‍්‍රිකට් වාර්ෂික ගිවිසුමේ ඉහළම කාණ්ඩයට ඇතුළත්ව සිටින ක‍්‍රීඩකයකු වන නමුත් ඔහු ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීම නිසා කොන්ත‍්‍රාත් මුදලින් 60% ප‍්‍රමාණයක් පමණක් හිමිවේ. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් අතරින් මුදල් ගෙවන විදේශිය තරගාවලි වැඩිම ප‍්‍රමාණයකට සහභාගි වන ක‍්‍රීඩකයා ද මාලිංග වේ.

ටෙස්ට් සහ එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්, හිටපු නායක කුමාර් සංගක්කාර සහ විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල් මාධ්‍යවේදීන්ට මෙහිදී ඉතාමත් සුහදශිලි ලෙසත් මහත්වරු ලෙසත් ප‍්‍රතිචාර දැක්වූහ.

එහිදී සංගක්කාර පවසා ඇත්තේ තමන් ගොඩක් වෙහෙසට පත්ව සිටින බවත් ගිවිසුම පිළිබඳව ප‍්‍රශ්නයක් තිබූ බවත් ඒ පිළිබඳව සාකච්ඡ කිරීමට තමන් ගිය බවත්ය.

‘‘ඇතුළේ කථා කරපු දේවල් මට එළියෙ කියන්න බෑ, නමුත් ගිවිසුම පිළිබඳ ප‍්‍රශ්නයක් තිබුණා එය විසදා ගැනීමට ගියා’’ යැයි ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.



අදහස් (0)

ක‍්‍රිකට් ගිවිසුම ගැන රැස්වීමේදීත් මාලිංග රාත‍්‍රි ආහාරය සොයයි

පහන් Tuesday, 05 March 2013 03:27 PM

පුදුමවෙන්න දෙයක් නැහැ . (ස)

:       0       0

කුරුවිට Tuesday, 05 March 2013 09:27 PM

දැන් ඉතින් වෙලා තියෙන්නේ අර ඇටිකෙහෙල් කාපු උගුඩුවාට වුණ දේ තමයි. (නි)

:       0       0

කුමා Tuesday, 05 March 2013 03:35 PM

මාලිංගට ඕනදේ වෙලා නැහැ වගේ (දී)

:       0       0

මහේෂ් ද සිල්වා Tuesday, 05 March 2013 09:27 PM

තවුද කියලා තිබුණා.. මෙයාගේ ගම ගැන.. මාලිංග වගේ මිනිසුන් නිසා රත්ගමට ගරහන්න එපා.. මීටවඩා හොද පන්දුයවන්නන් රත්ගමින් බිහිවුණා. ඩි.එල්.එස්. ද සිල්වා වගේ අය.. අවාසනාවකට එයා නැතිවුණා.. රත්ගම මිනිස්සු කවදාවත් ජාතිය පාවා දීලා නැහැ.. (නු)

:       0       0

දිසානායක Friday, 08 March 2013 12:08 PM

පිස්සු ....... කියල තමයි අපිටනම් හිතුනේ, හැමදාම තරුවක් වෙන්නේ නැහැ. සල්ලි කියන්නේ හැමෙද්ම නෙමෙයි. හිතේ තිබුණ ප්‍රසාදය බින්දුවටම බැස්සුවා (ස)

:       0       0

මහේෂ් Tuesday, 05 March 2013 03:37 PM

හැමදාම නත්තල් නැහැ. ඉන්දින් සල්ලී වලට ඔච්චර උද්දච්ච වෙන්න එපා. මොලෙ නැතත් නොපෙන්වා ඉන්න උත්සාහා කරන්න. (ස)

:       0       0

රමන්ජිත් Wednesday, 06 March 2013 09:36 AM

හැමෝම බනින්නෙ මාලිංග කියපු වචන ටිකක් අල්ලාගෙන. ටිකක් හිතල බලන්න. අපිත් අවස්ථානුකූලව ඒ වගේ වචන පාවිච්චි කරන්නෙ නැද්ද? අනිත් දේ තමයි මූනට කැමරාවක් හරි මයික් එකක් හරි දික්කලාම කාටද කේන්ති නොයන්නෙ. (නි)

:       0       0

ලංකා Thursday, 07 March 2013 12:45 AM

ගාල්ලේ පැත්තේ ඉස්කෝලයක්ලු නේද? (නි)

:       0       0

වසන්ත Tuesday, 05 March 2013 09:54 PM

ආපෝ! ඔලුව ඉමිදිලා නේද? (නි)

:       0       0

පෙරේරා Tuesday, 05 March 2013 03:55 PM

ජනමතය ප්‍රදර්ශනය කරනවා (නි)

:       0       0

සාලිය Tuesday, 05 March 2013 10:02 PM

මාලිංග මහත්තයෙක් විදිහට හැසිරෙන්න දන්නේ නැද්ද (දී)

:       0       0

ගීත් Tuesday, 05 March 2013 04:01 PM

මෙයා සහභාගි වෙන තරගයක්වත් බලන්න ආසාවක් නැහැ දැන්නම්. (නි)

:       0       0

තාරක Tuesday, 05 March 2013 10:01 PM

ඒ මනුස්සයාට මොකාක් හරි අසාධාරණයක් වෙන්න ඇති කේන්ති යන්න (දී)

:       0       0

කමල් Tuesday, 05 March 2013 10:07 PM

ආරේ ගුණ නෑරේ! (නි)

:       0       0

උපාලි Tuesday, 05 March 2013 10:09 PM

ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් ඇහුවා නම් ඉවරනේ. (නි)

:       0       0

පිටිගල Tuesday, 05 March 2013 10:12 PM

ලැජ්ජයි. දක්ෂකම තිබුනට මොලේ කළදක් නැති බව පෙන්නු මෙවන් ක්‍රීඩකයන් ගැන අපි හදවතින්ම කනගාටු වෙමු.. ගමේ ක්‍රිකට් ගහල අද ලෝකෙම ප්‍රසිද්ද වෙලා ඉන්නේ ඇයි කියන එක මෙයාලට අමතක වෙනව සල්ලි ,වාහන තව තව දේවල් හම්බෙද්දී.. හැබැයි ඔවා ඔක්කොම තාවකාලිකයි කියන එක මතක තිය ගන්න.(නදී)

:       0       0

අනුර Tuesday, 05 March 2013 04:07 PM

කවදාහරි ඔයාටම ඔයා ගැන දුක හිතෙයි මාලිංග. (නි)

:       0       0

ඉෂාන් Tuesday, 05 March 2013 04:07 PM

කොහොමත් එයාගේ ඔලුව ටිකක් වැඩියි තමයි. (නි)

:       0       0

උදය Tuesday, 05 March 2013 04:20 PM

ක්‍රිඩාව හරියට පුහුණු කළා නම් මෙහෙම වෙන්න නැහැ (දී)

:       0       0

සංජීව Tuesday, 05 March 2013 10:14 PM

ඔයා ගැන ගමේ මිනිස්සුන්ගෙන් ඇහුවොත් ඇත්ත කියයි. (නි)

:       0       0

රකිත් Wednesday, 06 March 2013 10:10 AM

දැකපු හොඳම යෝකර් පන්දු යවන්නෙක්, ඒ වගේම අතිම පණ්ඩිතයෙක්. (නි)

:       0       0

නාලක Tuesday, 05 March 2013 04:23 PM

කණ්ඩායමෙන් ඉවත් කළා නම් එයා හැදිලා එයි. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 05 March 2013 10:24 PM

අමතක කරන්න එපා‍ මෙයාගේ ගම.(දී)

:       0       0

අකිල Sunday, 10 March 2013 10:49 AM

මොකද්ද කියන්නේ ඉතින් මේ වැඩවලට (දී)

:       0       0

උදිත Sunday, 10 March 2013 10:45 AM

කාටද කියන්නේ... ඔක්කොම ඉවසන්න පුළුවන් මිනිහා කතා කරන හැටි තමයි ඉවසන්න බැරි (දී)

:       0       0

වසන්ත Wednesday, 06 March 2013 10:17 AM

අහෝ මාලිංග! (නි)

:       0       0

උපාලි Tuesday, 05 March 2013 04:39 PM

නිහතමානීව සමාජයේ හැසිරෙන්න බැරිද? (දී)

:       0       0

රම්සි Tuesday, 05 March 2013 10:27 PM

ඔබ ඔය තත්ත්වයට ගෙනෙන්න මාධ්‍ය ඉටුකළ මෙහෙම අපමණයි. (නි)

:       0       0

අශාන් Tuesday, 05 March 2013 04:37 PM

දක්ෂකම වගේම සමාජයේ හැසිරෙන්න ඉගෙන ගන්න ඕනේ (දී)

:       0       0

දුලිත ජයවීර Tuesday, 05 March 2013 10:40 PM

අයි.පී.එල්. , දේශපාලනය නිසා වෙලා තියෙන දේ තමා ඔය. ලක්ෂ 40ත් මදි කියනකොට ලැජ්ජයි. අපිට නම් අවුරුද්දටම ඇති. ලැජ්ජයි ලැජ්ජයි... අපේ රට ගැන හිතලා වැඩ කරන්න..! (නි)

:       0       0

රූපා Tuesday, 05 March 2013 04:38 PM

මේ පිලිබදව විනය ක්‍රියාමාර්ග ගත යුතුයි (දී)

:       0       0

චන්ද්‍රා Thursday, 07 March 2013 05:26 AM

වැඩි දෙනා අදහස් පළකරන්නේ අනවබෝධයෙන්. (නි)

:       0       0

අනුරාධ Tuesday, 05 March 2013 04:45 PM

මෙයා ඉපදුනු වෙලාවේ රන් කිරි කට ගෑවේ රත්තරන් හැන්දකින්ද දන්නෙ නැහැ (නි)

:       0       0

සිග්මා Tuesday, 05 March 2013 12:17 PM

මාලිංග මල්ලි බැලුමේ හුලන් වැඩි උනාම නිකම්ම පිපිරෙනවා (දී)

:       0       0

භක්ති Tuesday, 05 March 2013 10:56 PM

කේන්ති යන්නේ අවංක අයට. (නි)

:       0       0

සම්පත් Tuesday, 05 March 2013 10:56 PM

හොද වෙලාවට ක්‍රිකට් කණ්ඩායමට ආවේ. (නි)

:       0       0

සේකර Tuesday, 05 March 2013 12:36 PM

මාලිංග ලක්ෂ 20 ක් ගන්නවාද ලක්ෂ 40 ගන්නවාද (දී)

:       0       0

සේනානායක Tuesday, 05 March 2013 12:31 PM

උද්දච්ච කම මිසක් වෙන මොකද්ද (දී)

:       0       0

නලින් Tuesday, 05 March 2013 04:51 PM

ලසිත් මාලින්ගට බනින හැමොම තමන්ට ඔය දේ උනානම් මොකද කරන්නෙ කියල හිතුවනම් හොදයි. (දී)

:       0       0

නලීන් Tuesday, 05 March 2013 04:54 PM

ලසිත් මාලිංගට බනින හැමෝම තමන්ට ඔය දේ වුණා නම් මොකද කරන්නෙ කියලා හිතුවා නම් හොදයි. මම නම් කියන්නෙ එයා බනින එක සාධාරනයි. (නි)

:       0       0

දුමින්ද Tuesday, 05 March 2013 11:11 PM

ඔහුව නිවැරදි මගට යොමුකළ යුතුමයි. (නි)

:       0       0

කුමාර Tuesday, 05 March 2013 04:56 PM

මේ හැමදේම මුදල් නිසාද? (දී)

:       0       0

ඩයස් Tuesday, 05 March 2013 11:24 PM

මාලිංග එයාගේ උද්දච්චකමත්,නැහැදිච්චකමත් ලෝකයට පෙන්නුවා. මාධ්‍යවේදින් කියන්නේ ජනතාව වෙනුවෙන් ජනතාවට යමක් දෙන්න කෑපවෙච්ච අයයි. මෝඩයා උද්දච්චයි කියලා කියමනක් තියෙනවානේ. හෑබෑයි ඉදිරියටත් ඔහොම වුණොත් ලංකාවේ මොනතෑනකින් හරි වේග පන්දු යවන මල්ලි කෙනෙක් මතුවුණොත් ඔයාටත් වෙන්නේ හැමදාම බෝල අල්ලා අල්ලා ඉන්න විතරමයි. එදාට මිනිස්සු මේ ලියපුවා බලලා හරි වරද හදාගන්න. (නි)

:       0       0

ඉසුරු Tuesday, 05 March 2013 12:44 PM

මිනිස්සු මාලිංග ගැන තියලා තිබ්බ ප්‍රසාදය නැතිම උනා (දී)

:       0       0

ලාරා Tuesday, 05 March 2013 05:19 PM

කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ. (නි)

:       0       0

තරූ Tuesday, 05 March 2013 12:42 PM

මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් (ස)

:       0       0

සංක Tuesday, 05 March 2013 12:47 PM

බලන්න අනිත් ක්‍රීඩකයෝ තමන්ගේ නම්බුව තියාගෙන හිටියා (දී)

:       0       0

මෙරිලන් Saturday, 09 March 2013 09:40 PM

මෝඩ කම

:       0       0

වරුණ Tuesday, 05 March 2013 12:46 PM

හෝටලයකට ගියානම් ඉවරයිනේ (දී)

:       0       0

සදරුවන් Tuesday, 05 March 2013 05:17 PM

බජාර් එකේ චණ්ඩි වගේ කතා කරන එක ගැන ලැජ්ජයි. (නි)

:       0       0

දිල්රුක් Tuesday, 05 March 2013 11:41 PM

හැසිරීම නම් හරිම දුර්වලයි. විනය පියවරක් ගතයුතුමයි. (නි)

:       0       0

බාසුර Tuesday, 05 March 2013 12:49 PM

මාලිංග හැසිරිච්ච විදිහනම් අන්තිම කැතයි (දී)

:       0       0

සදරුවන් Tuesday, 05 March 2013 05:19 PM

මම ෆේස් බුක් එකෙනුත් මෙයාව අයින් කළා. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 06 March 2013 10:56 AM

කෑම ගෙදරින් අරන් ආවානම් ඉවරයිනේ (දී)

:       0       0

පාලිත Wednesday, 06 March 2013 10:52 AM

මාලිංගගේ හැසිරීම අන්තිමයි (දී)

:       0       0

යොහාන් Tuesday, 05 March 2013 12:52 PM

ඕකනේ බැරි, මිනිස්සු ඉස්සරහා වීරයා වෙන්න ගිහිල්ලා නිකං නම කතාකර ගත්තා (දී)

:       0       0

රුවන් Wednesday, 06 March 2013 10:54 AM

මෙයා ඉගෙන ගත්ත ඉස්කෝලේ මොකක්ද? (නි)

:       0       0

මද්දුම Wednesday, 06 March 2013 05:28 PM

මාලිංගගේ කතාව කොහොමද (දී)

:       0       0

රෙක්ස් Wednesday, 06 March 2013 11:07 AM

අර අ‍පේ අහවල් ඇමතිතුමාටත් මේ වගේම කේන්ති යනවා. (නි)

:       0       0

රත්නායක Wednesday, 06 March 2013 11:11 AM

අනේ මින්පස්සේවත් හැදෙන්න බලන්න. නිකන් බොරුවට දෙමවුපියොත් බැනුම් අහනවා මේවයෙන්. (නි)

:       0       0

යසිත් Tuesday, 05 March 2013 12:57 PM

ක්‍රිකට්....සල්ලි.....කලබ්.....කෙල්ලො (ස)

:       0       0

වසන්ත Tuesday, 05 March 2013 05:37 PM

හරිම කැතයි කතාකරපු විදිය නම්. එයා හිතාගෙන ඉන්නේ අනෙක් කට්ටිය සෙල්ලම් කරන්න දන්නෙ නැහැ කියලයි. (නි)

:       0       0

දිනුක Wednesday, 06 March 2013 11:10 AM

ඇයි මෙයාට දෙමවුපියන් මිනිස්සුන්ට කතා කරන හැටි උගන්වලා නැත්තේ? (නි)

:       0       0

රමල් Tuesday, 05 March 2013 12:58 PM

හරිම කැතැයි , මෙයාල ජීවිතාන්තය ‍‍තෙක්ම ක්‍රිකට් තහනමකට ලක්කර යුතුයි . (ස)

:       0       0

අශෝක Wednesday, 06 March 2013 01:13 AM

අඩුගාණේ කතා කරන්නවත් ඉගෙනගෙන නැහැනේ. (නි)

:       0       0

තිස්ස Tuesday, 05 March 2013 01:00 PM

මෝඩ කම තිබුණට පෙන්වන්න එපා‍ . උඩ පැන්නොත් බිම වැටේවි (ස)

:       0       0

ආනන්ද Tuesday, 05 March 2013 01:05 PM

අයියෝ මාලිංග (දී)

:       0       0

තරිඳු Tuesday, 05 March 2013 05:56 PM

මාලිංග පුලුවන්නම් කොල්ලෝ ටිකක් මැද්දට ඇවිත් ඔය වගේ කියලා බලන්නකෝ (දී)

:       0       0

අජන්ත Tuesday, 05 March 2013 01:05 PM

මීට පස්සේ මම මාලිංග පන්දු යවන කොට චැනල් එක මාරු කරනවා (දී)

:       0       0

නලීන් Wednesday, 06 March 2013 01:56 AM

මෙයා ඩුබායි ඇවිදිල්ලත් අපේ කොල්ලන්ට සැර දැම්මා. (නි)

:       0       0

සංජිව Saturday, 09 March 2013 01:56 PM

මාලිංග ලජ්ජා නැහැ නේද, තමන් මේ ගමන ආරම්භ කල හැටි මතකද (දී)

:       0       0

කුමාර Tuesday, 05 March 2013 01:06 PM

සල්ලි කියන්නේ හැම දෙයක්ම නොවන බව මතක තියා ගන්න. ඉහලට යන්න යන්න නිහතමානී වෙන්න. කවදහරි ඉතිරි වෙන්නෙ තමන්ගෙ හොද නම මිසක් සල්ලි නම්බු නාම නෙවෙයි. මෙවන් හැසිරීම රූපවාහිනියෙන් දැකීමෙන් කලකිරුණා. (ස)

:       0       0

නිශාන්ත Wednesday, 06 March 2013 11:19 AM

සමහර ඇමතිලා බනින විදියට මේක මොකක්ද? (නි)

:       0       0

පාලිත Tuesday, 05 March 2013 01:10 PM

සල්ලි.....සල්ලි.....සල්ලි..... සියල්ල සල්ලි වලට යටයි (දී)

:       0       0

දිසානායක Wednesday, 06 March 2013 11:28 AM

ඒ දවස් වල වගේමයි, හැමදාම ඉල්ලගෙනමයි කන්නේ. (නි)

:       0       0

ලසන්ත Tuesday, 05 March 2013 01:09 PM

මාලිංගගේ හැසිරීම නිසා ලංකාවේ ක්‍රිකට් නාමයම කතා උනා (දී)

:       0       0

අමිල Tuesday, 05 March 2013 01:09 PM

මම ඔය වීඩියෝ එක දැක්කා. මාලිංගගේ හැසිරීම සාධාරනයි. එයාලට මාධ්‍යයට කථා කරන එක තහනම් කරලා තියෙන්නේ. වැරදි දෙයක් කියවුනොත් අමාරුවේ වැටෙන්න පුළුවන්. (නි)

:       0       0

නිශා Tuesday, 05 March 2013 01:15 PM

මෙතෙන්ට මොකටද ආවේ රෑට කන්න (දී)

:       0       0

පෙරේරා Wednesday, 06 March 2013 03:13 AM

කූඩැල්ලාව මෙට්ටේ උඩ තියන්න බැහැ කියනවනේ. (නි)

:       0       0

රකිත Tuesday, 05 March 2013 01:14 PM

එදා අර්ජුන මාලිංගට කොන්ඩේ කපලා සෙල්ලම් කරන්න කිව්වේ ඕක තමා. කොහෙද ඉරිසියාව කියල හැමෝම බන්නනේ. ක‍්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක‍්‍රිඩාවක් එකේ ගරුත්වය අද සල්ලි වලට යටවෙලා. (දී)

:       0       0

දනුෂ් Tuesday, 05 March 2013 05:58 PM

ආරේ ගති නෑරේ... (නි)

:       0       0

අනුරාධ Tuesday, 05 March 2013 01:16 PM

මාලිංගගේ රංගනය නියමයි (දී)

:       0       0

අනු Tuesday, 05 March 2013 06:03 PM

මටනම් මාලිංග සෙල්ලම් කරන තරඟයක්වත් බලන්නේ නැහැ (දී)

:       0       0

මහින්ද Tuesday, 05 March 2013 01:18 PM

අපි දැක්කා මාලිංගගේ හැසිරීම අන්තිමයි (දී)

:       0       0

ඉන්දු Tuesday, 05 March 2013 06:09 PM

මාලිංග. හිතාගෙන ඉන්නේ අපි කවුරු කියලාද (දී)

:       0       0

ශාන් Tuesday, 05 March 2013 01:22 PM

අමතක කරන්න එපා‍ මෙයාගේ ගම (ස)

:       0       0

රූපසිංහ Tuesday, 05 March 2013 01:27 PM

රටේ තැනක් ඇති වෙනකොට එයාම ඒ තැන නැති කර ගන්නවා (දී)

:       0       0

අසේල Tuesday, 05 March 2013 01:23 PM

මාලිංග ඔයිට වඩා හැසිරෙන්න ඉගෙන ගන්න (දී)

:       0       0

දෙව්මිණි Monday, 11 March 2013 02:27 AM

කේන්ති යන්නේ උගත්කමක් නැති කට්ටියට මිසක් අවංක අයට නෙමෙයි. (නි)

:       0       0

නිමල් Tuesday, 05 March 2013 06:20 PM

ගුණයක් නැතිකම (දී)

:       0       0

දෙව්මිණි Monday, 11 March 2013 02:29 AM

කටුස්සාගේ කරේ රත්තරන් බැන්දහම ඔහොම වෙනවා යාළුවනේ. (නි)

:       0       0

සුරංග Tuesday, 05 March 2013 01:27 PM

එයාගේ කොන්ඩෙත් මැටි පාට වෙලා තියෙන්නේ මොළයේ මොකක්හරි අවුලක් නිසාද දන්නෙ නැහැ. (නි)

:       0       0

මාලක Tuesday, 05 March 2013 01:31 PM

මහත්මයෙක් වෙන්න හැමෝටම බැහැ. (නි)

:       0       0

මාලතී Tuesday, 05 March 2013 01:33 PM

විද්‍යා දදාති විනයං... (නි)

:       0       0

සිල්වා Tuesday, 05 March 2013 01:35 PM

මාලිංගට විනය පරීක්ෂණයක් තියන්නම ඕනේ (දී)

:       0       0

පූජිත Tuesday, 05 March 2013 01:37 PM

මාලිංගට ගැන පුරාජේරු කියවපු අයට හොද වැඩේ. (නි)

:       0       0

හරීන් Tuesday, 05 March 2013 01:34 PM

මතක නැද්ද දන්නෙ නැහැ 2012 ලෝක කුසලානයේදී ද්‍රෝනිගෙන් කාපු කෑම? (නි)

:       0       0

එඩී Tuesday, 05 March 2013 01:44 PM

හැමදේටම වැඩිය වටින්නේ උගත්කමයි කියලා ‍දැන් තමයි තේරෙන්නේ. (නි)

:       0       0

සමන් Wednesday, 06 March 2013 04:52 AM

පේනවා නේද වදගත් පාසැල්වලට ගිය වැදගත් කොල්ලෝ හැසිරෙන විදිහ. ඒ වෙනස අපි හොදට දැක්කා. සංගා සහ මාලිංගගෙන්. නුඹට කවදා හෝ මේ ගැන පසුතැවීමට සිදුවේ.(නදී)

:       0       0

චන්ද්‍රා Monday, 11 March 2013 03:03 AM

මාලිංගට ඔයාලා එයාගේ පාඩුවේ ඉන්න දෙන්න. (නි)

:       0       0

කමල් Tuesday, 05 March 2013 01:43 PM

අයියෝ මාලිංග කාල එන්න එපායෑ ගදරින් එනකොට (දී)

:       0       0

සාල්ස් Tuesday, 05 March 2013 01:49 PM

මෙහෙම විනයක් නැති අය අපිට වැඩක් නැහැ. (නි)

:       0       0

චන්ද්‍රා Monday, 11 March 2013 03:11 AM

මිනිස්සුන්ට එක එක "මූඩ්ස්" තියෙනවා. (නි)

:       0       0

කුසුම් Tuesday, 05 March 2013 01:47 PM

ක්‍රිකට් ගැහුවට සමාජයත් සමග ගණුදෙනු කරන ආකාරයත් දැනගත යුතුයි. (නි)

:       0       0

මලින්ත අබුඩාබි Tuesday, 05 March 2013 06:42 PM

මෙයා හිතාගෙන ඉන්නේ එයාට විතරයි ක්‍රිකට් ගහන්න පුළුවං කියලා.. කණ්ඩායමෙන් එලියට දැම්මනම් ඉවරයි.!(නු)

:       0       0

චතුරංග සදරුවන් Tuesday, 05 March 2013 06:46 PM

සාමාන්‍යෙයෙන් මනුස්සයෙක් මාලිංග කියපු වචන කියන්නේ තරහකරුවන්ට.. අපිත් මේ අය අසාර්ථක වෙන වෙලාවට මොකුත් කියන්නේ නැහැනේ... ඒකට වෙන්නැති ඔය වගේ කතාකරන්නේ..!(නු)

:       0       0

ඔබේසේකර Wednesday, 06 March 2013 05:43 AM

මාධ්‍ය වලට ඔහොම තමයි උත්තර දෙන්න ඕනේ. ඒ ගොල්ලෝ දුමින්ද ආපු වෙලාවේ ආවරණය කළේ වෙන විදියකට. ප්‍රශ්ණ මොනවත් ඇහුවේ නැහැ. බාගෙට ආවරණය කළේ. දෙකම එයාගේ ඒවනේ.(නදී)

:       0       0

ඉන්දික Tuesday, 05 March 2013 01:57 PM

මාලිංග මොකද උනේ එක පාරටම (දී)

:       0       0

ලලිත් දෝහා Tuesday, 05 March 2013 06:53 PM

මුල මතක නැති උනාම ඔහොම ඉක්මනට වැටෙනවා..!(නු)

:       0       0

අරවින්ද Tuesday, 05 March 2013 01:59 PM

කූඩැ‍ල්ලෝ මෙට්ටේ තිබ්බම ඔහොම වෙනවා (ස)

:       0       0

කසුන් Tuesday, 05 March 2013 01:56 PM

මේකෙන් පිළිබිඹු වන්නේ ඔහුගේ බුද්ධියේ තරමයි. (නි)

:       0       0

කුරුවිට Tuesday, 05 March 2013 02:01 PM

මහත්වරුන්ගේ ක්‍රීඩාය රැකුනේ මහත්වරු නිසයි. ඒත් ඒක නැති වෙන්නේ මේ අය නිසයි (ස)

:       0       0

නිශාන්ත Tuesday, 05 March 2013 02:04 PM

මොකටද ඒ මාලිංගට කේන්ති ගිහින් තියෙන්නේ (දී)

:       0       0

ප්‍රදීප් Tuesday, 05 March 2013 07:06 PM

සල්ලි පස්සෙම යන්න එපා, මනුස්ස කම තියා ගන්න (දී)

:       0       0

අජිත් Thursday, 07 March 2013 10:12 AM

ලක්ෂ 40 කියන්නේ මේ රටේ බහුතරයකගේ මුළු ජිවිත කාලෙටම හම්බකරන්න බැරිතරම් මුදලක්. එහෙවු එකේ මෙයාල සල්ලි පස්සේ මෙතරම් පන්නන්නේ තණ්හාව නිසයි. මට හිතෙන්නේ මේ යන පිළිවෙළට මෙයාලා අපේ අවසන් තරග සියල්ල මුදලට පාවා දෙන්න ඇති. අනිවාර්යයෙන්ම. නැත්නම් කොහොමද සමහරුන්ගේ දුර්වලම පන්දු යැවීම 20/20 හා 50/50 හැම තරගයකදීම අවසන් තරගයකදී වෙන්නේ, නේද? (නි)

:       0       0

සුනෙත් Tuesday, 05 March 2013 02:05 PM

පාලක මණ්ඩලයට නැතිවට වැඩ (දී)

:       0       0

අසංක Tuesday, 05 March 2013 02:09 PM

අඩු කළේ දිය සෙලවේ (ස)

:       0       0

නිමාලි Tuesday, 05 March 2013 02:06 PM

කාට කියන්නද මේ අව නඩුව (දී)

:       0       0

ශානක Tuesday, 05 March 2013 02:06 PM

මාලිංග මොනවාද මේ කරන වැඩ (දී)

:       0       0

රුසිරු Friday, 08 March 2013 09:23 AM

මාලිංග මොනවා කරත් ඊලඟ මැච් එකේ වික‍ට් 5 ක් ගත්ත ගමන් එයා ආයෙමත් වීරයෙක් වෙනවා. අපේ මිනිස්සුන්ට කිසි දෙයක් මතක හිටින්නේ නෑ (ස)

:       0       0

වාසනා Tuesday, 05 March 2013 07:12 PM

මාලිංග මිනිස්සුන්ට බනින කැත. (දී)

:       0       0

තුෂාර Tuesday, 05 March 2013 02:07 PM

වචන වලින් හිතා ගන්න පුළුවන් (ස)

:       0       0

ඩීන් Wednesday, 06 March 2013 07:25 AM

නියමයි! මාලිංග නියමයි! (නි)

:       0       0

සම්පත් Tuesday, 05 March 2013 02:11 PM

කණ්ඩායමට මොන සේවයක් කළත් ඔයාගේ හැසිරීම නම් අන්තිමයි. (නි)

:       0       0

රාජා Sunday, 10 March 2013 04:49 AM

සල්ලි වැඩියෙන් ලැබෙද්දී එයාලා හිතන්නේ එයාලා විතරයි ලොක්කෝ කියලා. (නි)

:       0       0

උපුල් Friday, 08 March 2013 09:46 AM

උඩ බලාගෙන කෙල ගහගන්න එපා. වචනයක් අල්ලගෙන මඩේ දාදා හෝදනවා. බලන්න ඔහුගේ පසුගිය දක්ෂතා (ස)

:       0       0

ද සිල්වා Tuesday, 05 March 2013 02:09 PM

මේක මම හිතන්නේ මාලිංග හැදුණු වැඩුණු පරිසරයේ වැරැද්දක් (නි)

:       0       0

සිල්වා Tuesday, 05 March 2013 02:13 PM

මාලිංගට මොකද ඒ එකපාරටම උනේ, හොදට හිනා වේවි එලියට අවානේ (දී)

:       0       0

තුෂාර ද සිල්වා. Tuesday, 05 March 2013 07:42 PM

මුල අමතක කරන අය..!(නු)

:       0       0

දුමින්ද Tuesday, 05 March 2013 02:16 PM

අන්තිම කැතයි මෙයාගේ හැසිරීම නම්. (නි)

:       0       0

තාරුක Wednesday, 06 March 2013 07:57 AM

ඔය මොනවා වුණත් අපේ රටේ අය උඩින් තියාගෙන ඉන්නේ මෙයාලවමනේ. (නි)

:       0       0

නලින් Tuesday, 05 March 2013 02:25 PM

මොනවා උනත් වැඩේ වැරදි (දී)

:       0       0

සුසන්ත Tuesday, 05 March 2013 02:24 PM

මේ වගේ අයව දේවත්වයෙන් අදහන මෝඩයෝ රැළකුත් ලංකාවේ ඉන්නවනේ. (නි)

:       0       0

ශශික Tuesday, 05 March 2013 08:00 PM

එයා හින්දා තමයි අපිට හුගක් දේවල් නැතිවුණේ. (නි)

:       0       0

යවනාඩ් Tuesday, 05 March 2013 02:27 PM

බෝලේ දාන්න හයිය තිබුණට මොළේ නැති අය කියන දේවල් එච්චර ගණන් ගන්න එපා. (නි)

:       0       0

වසන්ත Tuesday, 05 March 2013 08:03 PM

අපේ රට ගැන හිතලා වැඩ කරන්න..!(නු)

:       0       0

නිශා Tuesday, 05 March 2013 02:31 PM

මුල අමතක වුණහම මෙහෙම වෙනවා. (නි)

:       0       0

සහන් Tuesday, 05 March 2013 02:39 PM

මොන විකාරයක්ද මේ (දී)

:       0       0

බුද්ධික. Tuesday, 05 March 2013 08:10 PM

මාලිංගට උපරිම දඩුවම් දෙන තෙක් ජනතාව අවදියෙන්..!(නු)

:       0       0

ඒන්ජල් Tuesday, 05 March 2013 02:41 PM

වීරයෝ කියලා හිතන්ද මේ වගේ කෑගහන්නේ (ස)

:       0       0

හනිස් Tuesday, 05 March 2013 02:38 PM

මාලිංග මිනිස්සු ඉස්සරහා ඔය විදිහට හැසිරෙන්න එපා. ජීවිතේට දත් වලින් බත් කන්න වෙන්නේ නැහැ (දී)

:       0       0

කුමාරි Wednesday, 06 March 2013 08:36 AM

මාලිංග එයාගේ උද්දච්චකමත්,නැහැදිච්චකමත් ලෝකයට පෙන්නුවා. (නි)

:       0       0

සේකර Tuesday, 05 March 2013 02:43 PM

මහත්මයා සෞත්තු වෙලා (දී)

:       0       0

සේකර Tuesday, 05 March 2013 02:39 PM

මාලිංග මොකද කෑගහන්නේ (දී)

:       0       0

ගාමිණී Tuesday, 05 March 2013 08:22 PM

විනයගරුක යහපත් ක්‍රීඩකයන් බිහිකිරීමට අඩිතාලම දමන්නේ පාසල තුලිනුයි. (නි)

:       0       0

සේකර Tuesday, 05 March 2013 02:39 PM

ආවේ මොකටද ගෙදරට වෙලා ඉන්න තිබ්බානේ (දී)

:       0       0

පාලිත Tuesday, 05 March 2013 02:43 PM

ලසිත් ඔබට දෙවි පිහිටයි (දී)

:       0       0

දීපාල් Friday, 08 March 2013 06:04 PM

සමහරුන්ට ඇත්ත තිත්තලු. හැබැයි හැසිරීම දැක්කහම තිත්ත ඇත්ත තේරුම්ගන්න පුලුවන්. (නි)

:       0       0

චම්පික Wednesday, 06 March 2013 08:48 AM

සල්ලි කියන්නේ හැම දෙයක්ම නොවන බව මතක තියා ගන්න. ඉහළට යන්න යන්න නිහතමානී වෙන්න. කවදාහරි ඉතිරි වෙන්නෙ තමන්ගෙ හොද නම මිසක් සල්ලි නම්බු නාම නෙමෙයි. ඔබගේ හැසිරීම රූපවාහිනියෙන් දැකීමෙන් කලකිරුණා. (නි)

:       0       0

දිනෙත් Wednesday, 06 March 2013 08:49 AM

මාලිංග කණ්ඩායමේ තැන නැති කර ගන්නයි හදන්නේ (දී)

:       0       0

තාරුක Wednesday, 06 March 2013 09:47 PM

මොනවාද මේ වැඩ (දී)

:       0       0

ඉන්දික Tuesday, 05 March 2013 03:04 PM

ක‍ට පියන් ඉන්නකම් මොඩයත් පණ්ඩිතයෙක්ලු කියලා කියමනක් තියෙනවනේ (ස)

:       0       0

තත්සරණී Wednesday, 06 March 2013 09:48 PM

සනත් අයියා ඔයාත් අයිපිඑල් ගැහුවා නේද (අ)

:       0       0

ජානක Tuesday, 05 March 2013 03:01 PM

හැසිරිච්ච කැත විතරක් (දී)

:       0       0

සේන Tuesday, 05 March 2013 03:06 PM

කොහොමත් මෙයාගේ වැඩ අනිත් අය‍ට වඩා අමුතුයි තමයි මුල ඉඳලම (ස)

:       0       0

නිමන්ත Tuesday, 05 March 2013 03:03 PM

මාලිංග ඔබ දක්ෂ, මිනිස්සු ආදරය කරන කෙනෙක්. මොකටද ඔය විදිහට හැසිරෙන්නේ, බලන්න ඒ හැසිරිච්ච කැත. (දී)

:       0       0

ජනක Tuesday, 05 March 2013 03:07 PM

මේ වගේ අය ජාතික කණ්ඩායමෙන් ඉවත් කරන්නයි තියෙන්නේ. (නි)

:       0       0

නිමාලි Tuesday, 05 March 2013 03:05 PM

මාලිංග, ඔයාගේ අතීතය මතක තියාගෙන වැඩකරන්න. (නි)

:       0       0

රසාංග Tuesday, 05 March 2013 03:11 PM

මෙයාලට මොනවා හරි වුණාම තමයි මීඩියා මතක් වෙනනේ (ස)

:       0       0

මනෝජ් Tuesday, 05 March 2013 03:16 PM

මාලිංගගේ ඒ හැසිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ (දී)

:       0       0

සකු Tuesday, 05 March 2013 08:53 PM

මොකද මේ මාලිංග කවදාවත් නැතුව් කේන්ති ගිහිල් ලා (දී)

:       0       0

මංගල Tuesday, 05 March 2013 03:16 PM

අපිට මේ ලැබෙන රු 15000 න් ඔක්කොම කර ගන්නවා. මේ මිනිස්සුන්ට ලක්ෂ 20 දීලත් ඒක මදි කියනවා (දී)

:       0       0

සෝමා Tuesday, 05 March 2013 03:16 PM

සල්ලි තිබුනට වැඩක් නැහැ, මනුස්ස කම නැතිව (දී)

:       0       0

තිසල් Tuesday, 05 March 2013 03:20 PM

"උඩඟුකම විනාශයට මුල වේ " පැරණ ප්‍රස්ථා පිරුලක් (ස)

:       0       0

පෙරේරා Wednesday, 06 March 2013 09:17 AM

ක්‍රිකට් කණ්ඩායමටම අපහාසයක් (දී)

:       0       0

රවිඳු Tuesday, 05 March 2013 03:19 PM

මාලිංග ඔය විදිහට හැසිරෙන්න එපා, කැතයි (දී)

:       0       0

රුවන් Tuesday, 05 March 2013 03:23 PM

එයා අවේ රාත්‍රී ආහාරය ගන්නලු. (දී)

:       0       0

චතුරංග මහදුර Tuesday, 05 March 2013 03:25 PM

නිහතමානීව සමාජයේ හැසිරෙන්න ඉගෙනගන්න. ඔබ නිවැරදි මාර්ගයට මෙම සිදුවීම හරහා හෝ යොමුවේවි කියල හිතනව. (ස)

:       0       0

යොහාන් Wednesday, 06 March 2013 09:17 AM

මොනවා වෙලාද මේ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසසි
2024 මැයි මස 16 161 0

පවතින අධික වර්ෂාවත් සමඟ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12, සහ 13 කනුව ප්‍රදේශයේදී මාර්ගය ට විශාල පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමත්, කරදගොල්ල මලිත්තගොල


‘‘වත්මන් පාලනය මහින්ද අසරණ කරලා‘‘
2024 මැයි මස 16 413 0

රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විජාතික කරණය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට කිසිදු අයිතියක් හෝ ජනවරමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්ප


රුසියාවට සෙබළු පැටවූ රට රැකියා අයතන හිමිකරු - කළමණාකරු අත්අඩංගුවට
2024 මැයි මස 16 824 0

රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ නුගේගොඩ ප්‍රදේශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගත


’’සුරක්ෂා’’ රක්ෂණයට යළි පණ එයි
2024 මැයි මස 16 435 0

සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.


ලක්ෂ 80 කොල්ලය වරදී:පොලීසියේ දෙකක් ඇතුළු හතරක් මාට්ටු
2024 මැයි මස 16 1571 0

මහනුවර පූර්ණවත්ත ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 80 ක මුදලකට ව්‍යාජ මුදල් දමා එම ව්‍යාපාරිකයා පොලිසියට හසුකොටදී ,ම


උසස් පෙළ පන්ති 4 වැනිදා ඇරැඹෙයි
2024 මැයි මස 16 318 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා රජයේ පාසල්වල උසස් පෙළ පන්ති ජූනි මස 4 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 731 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2271 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1942 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site