මාස ගණනක් තිස්සේ දිග් ගැස්සෙමින් යන ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡුාවක් හෙට (17 වැනිදා) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ කි‍්‍රකට් කී‍්‍රඩකයන් අතර ඇතිකරගනු ලබන ‘වාර්ෂික’ ගිවිසුම සාමාන්‍යයෙන් අත්සන් කරනු ලබන්නේ අපේ‍්‍රල් මාසයේදීය. එහෙත් මෙවර ගිවිසුමට අත්සන් කිරීමට පෙර කී‍්‍රඩකයන් සිය වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකගතාවක් නොමැති වීමෙන් වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීම දිනෙන් දින කල් දමන ලදි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සම්පූර්ණ ආදායමෙන් සියයට 25 ක ප‍්‍රමාණයක් කී‍්‍රඩකයන් ඉල්ලා සිටින බවයි. -බොහෝ දෙනා කියනවා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මුදල් නැතිව බංකොලොත් කියලා. ඒත් ඇත්තටම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට මුදල් නැතිවුණේ කී‍්‍රඩාංගණ හදලා නොවෙයි, අපට ලැබුණ මුදල් වලින් 70% ක් විතර කී‍්‍රඩකයන්ට ගෙවන්න සිදුවණ නිසායි. තවත් 15% - 20% ක් විතර කි‍්‍රකට් සංවර්ධනයට යොදන්න සිදුවුණා ” යයිද එම නිලධාරියා පැවසීය. ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් පාකිස්තානු තරගාවලියට සහභාගි වූයේද වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීමකින් තොරවය. පසුගිය වසරේ ගිවිසුම් ප‍්‍රකාරව, තමන්ගේ ගෙවීම් ප‍්‍රමාද වීම නිසා තදබල කි‍්‍රයාමාර්ගයක් ගැනීමටද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් සූදානම්ව සිටි නමුත් කී‍්‍රඩා ඇමතිවරයාගේද මැදිහත්වීමෙන් පසු, මේ වසරේ මාර්තු 31 වැනිදාට පෙර එම ගෙවීම් නිමාකරන ලදි. මේ අතර ලබන මාසයේදී ආරම්භ වීමට නියමිත එස්. එල්. පී. එල්. තරගාවලියට කී‍්‍රඩා කිරීම සම්බන්ධයෙන්ද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් නැවතත් සිතමින් පසුවන බවද දැනගන්නට තිබේ. එස්. එල්. පී. එල්. තරගාවලියට කී‍්‍රඩා කිරීම සඳහා සියලූම කී‍්‍රඩකයන් කැමැත්තෙන් සිටින බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීහු කියති. එහෙත් ඒ සඳහා ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට සහ විදේශීය කී‍්‍රඩකයන්ට කරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් ජාතික කණ්ඩායමේ ඇතැම් දෙනා ප‍්‍රශ්න කරමින් සිටින බවත් දැනගන්නට තිබේ. -එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ, ඒ අය නැතිව එස්. එල්. පී. එල්. තරගාවලියට යන්නයි වෙන්නේ” යයිද ඒ පිළිබඳව කළ විමසීමකදී තවත් ඉහළ නිලධාරියෙක් පැවසීය. 2012 එස්. එල්. පී. එල්. තරගාවලිය හඳුන්වාදීමේ ප‍්‍රධාන මාධ්‍ය සාකච්ඡුාව අද (16 වැනිදා) පස්වරුවේදී පැවැත්වීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ලිපල් එක අනිවාර්යෙන්ම තියෙන්න ඔනේ මොකද ඉන්දියාට පේන්නත් එක්ක අපිත් ආසාවෙන් ඉන්නේ අපේ අයගේ දස්කම් බලන්න.
සිසිරට පොඩ්ඩක් අවුල් වගෙයි
අනේ ඉතින් ඒ ගොල්ලෝ එලවලා ඔයාලා ක්‍රිකට් ගහන්නකෝ.. එතකොට එයාලට ගෙවන්න ඕනේ නෑනේ..
පළමුව මුදල්.දෙවනුව රට.
අනේ එස්.එල්.පී.එල්. නතර කරන්නකෝ.
ඒ කියන්න ක්‍රීඩකයොත් උද්ගෝෂණ කරනවද ? දන්නේ නැති නිසයි අහන්නේ
ඔවුනේ අනේ.ඉක්මණට පඩි වැඩි කරන්න.ඒ අයත් ඉන්නේ හරි අමාරුවෙන් වෙන්න ඇතිනේ.
ක්‍රිකට් ක්‍රීඩකයෝ ලොකු උත්සාහයක් දාන්න ඕනෙ මේ ක්‍රීඩා කරන කාල සටහන් වලට ක්‍රීඩා කරන්න. හිතලා බලන්න පහුගිය 2011 ජූනි ඉදන් ඒ මිනිස්සු ගෙදර හිටපු දින ප්‍රමානය..? අනික 25% ක්, හම්බ කරන ක්‍රීඩකයන්ට දුන්නම පාලක මන්ඩලයට ඈති පාඩුව මොකක්ද? නිලදරුවන් සෑහෙන හම්බ කරනවා මුකුත්ම නොකර... මම හිතන්නෙ ක්‍රීඩ්කයන්ගේ ඉල්ලීම් සදාරනයි කියලා...! SLPL තරගාවලියට විදේශ ක්‍රීඩකයන්ට ගෙවන මුදලට සමාන හෝ වෑඩි මිලක් අපේ අයට ගෙවන්න ඕනෙ... අපේ කොල්ලො එතරම්ම දක්ශයෝ..!
සිසිර සහ අන්කල් වෙත... ඔච්චර ගුනමකු වෙන්න එපා...ක්‍රිකට් ගහන්න ඔහෙටයි මටයි බෑනේ... එකනේ ඔහේලා ඔහොම ඉදලා අපේ ක්‍රිකට් ගහන කොල්ලෝ ලෝක පූජිත උනේ..! ඔය කෑගහන සිසිර වාගේ දේශප්‍රේමී අය තමයි මේ රටේ වෑඩි හරියක් ඉන්නේ. එකනේ අපිට මෙහෙම වෙලා තියෙන්නේ... තව මිනිහෙකුට හරි යනවා බලාගෙන ඉන්නම බෑනෙ අම්මපා...!
@ජී ම හෑ මම ඔය කියන දේට සම්පූර්ණ එකගයි 1000%
තරග බලන අයට ගානක් දෙන විදිහේ වැඩපිළිවෙලක් නැද්ද ....... දැන් ගොඩක් අය තරග බලන්නේ නැ නේ ....
ක්‍රිකට් පඩි ගැන කතා නොකර තරග පඩිය වැඩි කරන්න බලාගත්තනම් හොදයි නේද ?