ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම යනු ලෝකයේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කිරීම යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද (20) පැවසීය.
2019 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ජාතික කණ්ඩායම මෙහෙයවීම ජාතික ප්‍රමුඛ අරමුණක් බව සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා ජය මෙන්ම පරාජයේ අවසන් ඉලක්කය විය යුත්තේ ජයග්‍රහණයේ කිරුළ ලබාගෙන ශ්‍රි ලංකාවට කීර්තිය ලබාදීම බව සඳහන් කළේය.
ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට සහ පාසල් ක්‍රිකට් කණ්ඩායම් වල ක්‍රීඩකයින් සඳහා සුභ පැතීමේ අරමුණින් අරලියගහ මන්දිරයේ පැවැති තේ පැන් සංග්‍රහය අවස්ථාවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අදහස් දාල තියන කට්ටිය නුවරට යන්නේ සුද්ද ගල විදපු නිසා. තාමත් යන්නේ සුද්දගේ රේල් පාරෙන්. කටෙන්ද කතා කරන්නේ (ම)
ජනප්‍රියත්වය තියෙන තැන්වලට දේශපාලකයා කොහොම හරි හොට දාගන්න බලනවා. මේ තවත් එක අවස්ථාවක් (ම)
මේක මහත්වරුන්ගේ සෙල්ලමක් (නි)
එ්ක හොඳයි. අපිට ජාත්‍යන්තර වශයෙන් කරන්නට හැකි එකම ක්‍රීඩාව එය නිසා එතුමාගේ අනුශාසනාව අගය කරනවා. (නි)
දැන් එතකොට බුදු දහම අපට ලැබුනේ ඉන්දියාවෙන්. ථෙරවාද බුදු දහම තවමත් පවතින රටක් හැටියට අපට අනන්‍යතාවයක් තියෙනවා. ඒ වගේම අප ක්‍රිකට් ගහන හැටියෙන් අපට අනන්‍යතාවයක් ඇති කරගත හැකියි. 1996 දී එවැනි අනන්‍යතාවයක් තිබුණා. (නි)
හැම එකටම බනින එක තමා අපේ අයගේ වැඩේ (නි)
ජය කෙසේවෙතත් පරාජයන් ලබන ආකාරය පිළිබඳ හොඳම උපදෙස් ලබාගන්න කෙනෙක් නම් ඉන්නවා (නි)
දේශපාලන ඇගිලි ගැසීම් නිසා ක්‍රීඩාවත් තියෙන්නේ විනාශ මුඛයේ. ක්‍රීඩාවට ඇති දේශපාලන ඇඟිලි ගැසීම් නවතමු (නි)
ක්‍රිකට් වලින් කොහෙද ලාංකීය අනන්‍යතාවයක් ඇතිවෙන්නෙ. ක්‍රිකට් වලින් වෙන්නෙ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ අනන්‍යතාවය වැඩිදියුණු වෙන එකයි. ලංකාවට තමන්ගෙ කියලා කියන්න හරියමන් ජාතික ක්‍රීඩාවක්වත් නැහැ. පුරාණයේ කළ ක්‍රීඩා වැඩිදියුණු කර තමන්ගේ කියලා ක්‍රීඩාවක් නොකර කොහෙද ලංකාවේ අනන්‍යතාවය ලෝකෙට කියන්නේ. (නි)
ලංකාව ජාත්‍යන්තර මට්ටමෙන් ඉහළ තලයක ඉන්නේ ද ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වන්නේද ක්‍රිකට්. පාපන්දු ක්‍රිකට් වැනි ක්‍රීඩා බ්‍රිතාන්‍යයෙන් ඇරඹුණාට ඒවා මගින් අනන්‍යතාව ගොඩ නගා ගත වෙනත් රටවල් ඉන්නවා වගේ අපි ක්‍රිකට් වලින් අනන්‍යතාවක් ගොඩ නගා ගැනීම වරදකුත් නෙමෙයි, දැනටමත් ක්‍රිකට් මෙරට සංස්කෘතියේ කාටසක් වෙලා. (ම)
ක්‍රීඩකයන්ගේ ආකල්පත් මේකට ගොඩක් තදින් බලපානවා නේද? (නි)
දේශපාලන අතපෙවීම් ක්‍රිකට් වලට නැහැ කිවුව දවසේ ඉඳලම මැච් පරදිනවා. එහෙම කියන්න කලින් ටෙස්ට් මැච් 3 ම දිනුවා නොහිතපු විදියට (නි)
ඒක ඇත්ත. මොකද පරාජය ගැන එතුමාට වැඩිය කවුද දන්නේ? (නි)
මෙතුමා දේශපාලන ක්‍රීඩාවෙන් අයින්වෙනවා නම් අපි කැමතියි (නි)
දිනන්න කලින් පරාද වෙන්න පුරුදු වෙන්න. රටට ආදරේ නම් යහපත් පුරවැසියෝ වෙන්න ඕනෑ. වැරදි වැඩ කරන්න බැහැ. (නි)
හැමදාම අගමැතිතුමාගේ වැරදි ගැන කියනවා. බලමු මොකක්හරි ක්‍රීඩාවට කරයිද කියලා. (නි)
පිටිගල මිලානෝ, එතකොට අපේ කොල්ලෝ කුරුට්ටෝ වෙල් එළියේ, පොල් වතු වල, රබර් වතු වල, මහපාරේ ගහන්නේ ක්‍රිකට් නොවෙයිද? (නි)
අනන්‍යතාවයක් ගන්න චාමර වගේ අය සහභාගි කරගෙන ඡත්‍යාන්තරයට යමු... (නි)