ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් බිහිකර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සේවය කළ ලයනල් මෙන්ඩිස් මහතාට උපහාර පිදීමේ උත්සවයක් අද (21) වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විදුහලේදී පැවැත්විණි.
ලයනල් මෙන්ඩිස් මහතාගෙන් ගුරුහරුකම් ලැබූ බන්දුල වර්ණපුර, රොෂාන් මහානාම ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයෝද එම අවස්ථාවට එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලයනල් මෙන්ඩිස් ලංකාවට සම්පතක්. ඔබට දිර්ගායු ලැබේවා (බ)
විනය ඉතා ඉහලින් පවත්වාගෙන ගිය අසිරිමත් ගුරුවරයෙක්. මට තාම මතකයි මෙතුමා ආනන්දෙ ඈවිදිනවා. පිට්ටනියේ ඉන්නවා..හරියටම වෙලාවට පිටියට එන්වා..අපි පරක්කු වුණොත් , කම්ම්මුල් පාර ශුවර්. පාට සපත්තු දෑම්මොත් ගුටි තමයි..වෑරදි පාරක් ගෑහුවොත් ඒකම තමයි..අර්ජුනටත්, අපිටත් ඔක්කොටම එකම හෑන්දෙන් තමයි එතුමා සෑලකුවෙ..හෑමෝම එතුමගේ දරුවො..ඔබට දිගා සුව (අ)
ලයනල් මෙන්ඩිස් හා ඔහුගේ සහෝදරයා, රිච්මන්ඩ් විද්‍යාලය බිහිකළ රටක් වටිනා පුරවැසියන් දෙදෙනෙකි. ඔවූන්ට දීර්ගායුෂ පතමු. (අ)
සර්ට නිරෝගී සුව පතනවා මගෙත් ක්‍රිකට් ගුරුතුමා (බ)