රටේ නීතියට, ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාවට සහ ක‍්‍රීඩා නීතියට අනුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට පත්වීමට තමන්ට කිසිඳු නීත්‍යානුකූල බාධාවක් නොමැති බවත් සභාපති ධූරය සඳහා තරග කිරීමේ අවස්ථාව තමන්ට ලැබෙන බවට විශ්වාස බවත් මෙවර ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයේදී සභාපති ධූරයට තරග කරන හිටපු සභාපතිවරයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රි තිලංග සුමතිපාල මහතා පැවසීය.
ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට ඒ මහතා තරග කිරීම නීති විරෝධි යැයි ක‍්‍රීඩා සමාජය කීපයක් ඉදිරිපත් කර තිබූ විරෝධතා පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට පත්කළ ත‍්‍රිපුද්ගල කමිටුව හමුවේ ටොරින්ටන්හි ක‍්‍රීඩා විද්‍යායතනයේදී අද (11) පස්වරුවේ කරුණු දැක්වීමෙන් පසු සුමතිපාල මහතා මෙසේ ද පැවසීය.
‘‘මූලික කරුණු 4 ක් පදනම් කරගෙන විරෝධතා ඉදිරිපත් කර තිබුණා. මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වීම, ක‍්‍රිකට් උපකරණ අළෙවියට සම්බන්ධ වීම සහ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සම්බන්ධ වීම ලෙස ප‍්‍රධාන වශයෙන් මට චෝදනා ඉදිරිපත් කර තිබුණා. රටේ පවතින නීතියට අනුව මෙම කිසිඳු ව්‍යාපාරයකට මා සම්බන්ධ නැති බවට මෙම පරීක්‍ෂණයේදී ඔප්පු කළා. මගේ කරුණු දැක්වීම පිළිබඳව සෑම විටම කමිටුවේ නිලධාරීන් සෑහිමට පත්වුණා. මට විරුද්ධව ඉදිරිපත්කර තිබූ පුහු චෝදනාවලට පිළිතුරු දෙන්න මෙය හොඳ අවස්ථාවක් වුණා’’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ ආශ්චර්යය... (නි)
අනේ මන්දා හැමතැනම තරඟය.. තරඟය.. තරඟය.. (දී)
සුභපැතුම් ඔබට (දී)
ඔබට සුභ පැතුම්! (නි)
වෙලා පෙන්නන්න ඉස්සෙල්ලා (දී)
මෙයා කියන්නේ ඇත්ත..ලoකාවෙන් නීතිමය බාධාවක් නෑ.ඒත් ඔය නීති ඔක්කොම තියෙන්නෙ අයි.සී.සී. එකේ. ලoකා ක්‍රිකට් පාලන මණ්ඩලය අයි.සී.සී. එකට යටත් නිසා, මෙයත් ඒකට අහුවෙනවා..කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසියයුතුයි නේ... (දී)
අයි.සි.සි එක කැමති වෙයිද (දී)
ඕන කෙනෙක් පත් කරගන්න, මොකද මම ක්‍රිකට් බලන එක මාලිංගගේ නින්දිත රංගනයෙන් පස්සේ නැවැත්තුවා (දී)
මට කියන්න හිතෙනවා. ලියන්න බැහැ. (නි)
කියා කියා ඉන්න එපා කරලා පෙන්නන්න (දී)
මම හිතාගෙන උන්නේ මන්ත්‍රී කෙනෙක් වුණහම මහජන සේවය නිසා වෙන දේවල් කරන්න ඉඩක් නැහැ කියලා. (නි)
මමනම් කියන්නේ මහත්තුරුන්ගේ රස්සාවට (ඕක ක්‍රීඩාවක් නොවෙයි) ඕන කෙනෙක් පත් කර ගන්න (දී)
දක්ෂයෙකු වන ඔබට ජය! (නි)
හොද ප්‍රවෘත්තියක්. (නි)
ඇයි මේ තනතුරට මෙච්චර කරදර? (නි)
ඔබතුමා ක්‍රිකට් වලට හොද බව අපිත් පිළිගන්නවා (නි)
ඉතින් එයාට බැරිද එයාට එරෙහි දේවල් වලට විරුද්ධව නඩු දාන්න? (නි)
හොදයි සන්තෝසයි (දී)
ධර්මදාස හොදයි. තිලංග හොදායි... (නි)
නියමයිනේ. (නි)
අපිටනම් කවුරු උනත් එකයි (දී)
එතකොට මේ ව්‍යාපාරවලට අපිද සම්බන්ධ? (නි)
එතකොට කවුද මේවට සම්බන්ධ? (නි)
අයියෝ සල්ලි. (දී)