ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු අනූෂ සමරනායකගේ හා සහායක පන්දු යවන්නකු වන ගයාන් විශ්වජිත් ගේ වැඩ තහනම් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී කුසල් ජනිත් පෙරේරා හා රංගන හේරත් මුදලට තරග පාවාදීමට පෙළඹවීමට උත්සාහ කළැයි ඔවුන් දෙදෙනා පැමිණිල්ලක් කර තිබූ අතර සිද්ධියට අදාළව පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා එෆ්සීඅයිඩියට දන්වා ඇත.
මෙම තහනමත් සමග මුදලට තරග පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධියේ පරීක්ෂණ අවසන් වන තෙක් අනූෂ සමරනායකට හා ගයාන් විශ්වජිත්ට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු කාර්යයකට සම්බන්ධ විය නොහැක.
සිද්ධියට සම්බන්ධ බවට සැකකරන ගයාන් විශ්වජිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයකු නොවන බවත් ඔහු පුහුණුවීම්වලට තාවකාලිකව සම්බන්ධවී දෛනික වැටුප් ලබන අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මට තේරෙනවා ලංකාවේ ක්‍රිකට් එකවරම කඩාවැටුන හේතුව ? (ම)
මේක ඇත්තනම් මේ මිනිසුන්ට දෙන දඩුවම මොකක්ද ?මේ වෙලාවේ කුසල්ට හැමකෙනාගේම උදව් හම්බවෙන්න ඕනි මෝහතක්.කුසල් හරි නං ඉක්මනටම මේක විසදේවි ප්‍රාර්ථනා කරමු (බ)
ලිඳෙන් වතුර බීල ගඟට, ආවඩන කට්ටිය,මුදලට ඕනෑම ජරා වැඩ කරන කව්රු උනත් හෙලා දකිමි.(කෞ)
තරඟ වලටත් ඔට්ටු අල්ලන්න කියලාද? (නි)
හොඳ සාකච්ඡාවක්. (නි)
අනුෂ සාමරනායකයා කරපු හොරකම් අපි දන්නවා (බ)