IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ක්‍රිකට් ආයතනයේ දෙන්නෙක් අවුට්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු අනූෂ සමරනායකගේ හා සහායක පන්දු යවන්නකු වන ගයාන් විශ්වජිත් ගේ වැඩ තහනම් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී කුසල් ජනිත් පෙරේරා හා රංගන හේරත් මුදලට තරග පාවාදීමට පෙළඹවීමට උත්සාහ කළැයි ඔවුන් දෙදෙනා පැමිණිල්ලක් කර තිබූ අතර සිද්ධියට අදාළව පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා එෆ්සීඅයිඩියට දන්වා ඇත.

මෙම තහනමත් සමග මුදලට තරග පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධියේ පරීක්ෂණ අවසන් වන තෙක් අනූෂ සමරනායකට හා ගයාන් විශ්වජිත්ට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු කාර්යයකට සම්බන්ධ විය නොහැක. 

සිද්ධියට සම්බන්ධ බවට සැකකරන ගයාන් විශ්වජිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයකු නොවන බවත් ඔහු පුහුණුවීම්වලට තාවකාලිකව සම්බන්ධවී දෛනික වැටුප් ලබන අයෙකි.



අදහස් (0)

ක්‍රිකට් ආයතනයේ දෙන්නෙක් අවුට්

ද සිල්වා Monday, 18 January 2016 11:55 AM

දැන් මට තේරෙනවා ලංකාවේ ක්‍රිකට් එකවරම කඩාවැටුන හේතුව ? (ම)

:       0       0

අමල් Monday, 18 January 2016 12:26 PM

මේක ඇත්තනම් මේ මිනිසුන්ට දෙන දඩුවම මොකක්ද ?මේ වෙලාවේ කුසල්ට හැමකෙනාගේම උදව් හම්බවෙන්න ඕනි මෝහතක්.කුසල් හරි නං ඉක්මනටම මේක විසදේවි ප්‍රාර්ථනා කරමු (බ)

:       0       0

මහින්ද සෞදි Monday, 18 January 2016 12:36 PM

ලිඳෙන් වතුර බීල ගඟට, ආවඩන කට්ටිය,මුදලට ඕනෑම ජරා වැඩ කරන කව්රු උනත් හෙලා දකිමි.(කෞ)

:       0       0

රාධා Monday, 18 January 2016 10:59 PM

තරඟ වලටත් ඔට්ටු අල්ලන්න කියලාද? (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 19 January 2016 12:16 AM

හොඳ සාකච්ඡාවක්. (නි)

:       0       0

සෑම් Monday, 18 January 2016 02:34 PM

අනුෂ සාමරනායකයා කරපු හොරකම් අපි දන්නවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site