(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ක්‍රිකට් පාලක මණ්ඩලය  සම්බන්ධයෙන් හෙට දවස පුරා විවාදයක් පවත්වා තීරණයක් ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලාංකිකයන් යනු බඩගින්න අමතක කර ක්‍රිකට් බලපු ජාතියක් බව කී ගයන්ත කරුණාතිලක මහතා ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන්  සිටි ලංකාවට මෙහෙම වූයේ ඇයිදැයි විමසා බැලිය  යුතු බව සඳහන් කළේය.