කොළඹ යුනියන් පෙදෙසෙහි රාත්‍රී සමාජ ශාලාවක සුදු පොළක් කළමණාකරණය කිරීම හා පවත්වාගෙන යාමේ චෝදනාවට වරද පිළිගත් එහි කළමණාකරුවන් තිදෙනකු හට රුපියල් 25000 ක දඩයක් හා එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප නියම කළ මාලිගාකන්ද අතිරේක මහෙස්ත්‍රාත් රෂන්ත ගොඩවෙල මහතා වරද පිළිගත් සමාජ ශාලාවේ මුදලට සුදු සෙල්ලම් කළ හැත්තෑනව දෙනකු හට එක් අයකුට රුපියල් සියය බැගින් දඩ ගෙවන්නැයි නියෝග කළේය.
ලෙස්ලි සමරදිවාකර, චමින්ද මංජුල කරුණාරත්න, හෙට්ටිආරච්චිගේ දිලීප් මධුෂාන් ට ඇප තැබීමට ලගම ඥාතීන් ඉදිරිපත් නොවුයෙන් ඔවුහු අගොස්තු 23 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැසිනෝ ලංකාවේ අනුමත නම් ඇයි මේ කරදර අප්පා. (නි)
රුපියල් සීයක්? අධිකරණ ක්‍රමය තමන්වම හැල්ලුවට පත්කර ගන්නවා මේවගේ දේවල් වලින්. මේ නීතිරීති ඉක්මනින් සංශෝදනය විය යුතුයි.(නදී)
ජේමිස් පැකර් වෙනුවෙන් කට්ටිය පෙර පුහුණුවීම් වල. (නි)
පස් පව් වලින් වැලකිලා ඉන්න හෙළයෙක් හොයනවා තියා එහෙම මිනිස්සු ලංකාවේ ඉන්නවද කියලා හිතන්නත් අමාරුයි.. (නි)