එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට දීම බොහෝ දුරට සිදු වනු ඇති බව විශ්ව විද්‍යාල හා මහා මාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
හාරිස්පත්තුවේ පැවති උත්සව කිහිපයක් අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ, වසර 30 ක් පුරා පැවැති යුද්ධය අවසන් කළ නායකයා සරත් ෆොන්සේකා බවයි.
“එතුම හිරේ දාලා විශාල හානියක් පසුගිය රජය කළා. එතුමට මන්ත්‍රී ධුරයක්ධූරයක් ලබා ලබාදීම ඉතා සුදුසුයි.”
ලබන 9 වැනිදා සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දියුරුම් දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කියන්න ඕනේ ගොනෙකුට පුළුවන්. (බ)
මෙතුමා හැරෙන පැත්තට කතාකරන ප්‍රතිපතියක් නැති අයෙක්. ෆොන්සේකා අවූරුදු 30 ක් හමුදාවේ හිටිය එජාප ආණ්ඩු තුනක හමුදාවේ හිටය ඈයි ඒ කාලේ යුදදය ඉවර නොකරේ. මහින්ද එනකම් හිටිය. දැන් යුද්දය කළේ කවුද (බ)
ඕනෑම ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් වගේ, ඕනෑම ගොනෙකුට ම ....කම දෙන්න පුළුවන් .නේද මහත්තයෝ (බ)
දැන් ගොනා කව්ද කියල හොයාගන්න බැරුව මම ඉන්නේ..(කෞ)
ෆොන්සේකා මහත්මයා රටේ ඉන්න ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙක් බව කවුරු වුනත් පිලි ගන්න ඕන. අද පාර්ලිමේන්තුවේ ඉන්න සමහරු ඒ උතුම් ආයතනයට අවමානයක් වුනත් මෙතුමා එයට ආභරණයක් වන බවට සැකයක් නැහැ!(හේ)
දේශපාලනයේ හැමදාම හතුරොත් නැහැ මිතුරොත් නැහැ (හේ)
එදා යුද්ධය යනකොට ඕව වීඩියෝ කියපු මිනුස්සුන්ට අද තමයි සරත් ෆොන්සේක හීරෝ වෙලා තියෙන්නේ නේද(කෞ)
අර උඩින් මේකට අදහස් දැක්වූ කෙනාත් යුද්ද කළාද ? එහෙම නම් මෙයාටත් මන්ත්‍රී කමක් ලැබේවි ඉදිරියේදීම ! යුද්ද කරලා රට බේරාගත් රණවිරුවන්ටත් හමුදා නායකයන්ටත් ඔය විදියේ ගොන් කතා කියා අපහාස නොකරන් (බ)
වාසි පැත්තට හෝයියා කියමු. අනේ මන්ද...(බ)
කිරි ඇල්ල ඉන්නේ කොහොමත් ගුණ ගයන්න තමයි.(හේ)
හිරෙන් නිදහස් වුණු අය ගොඩක් ඉන්නවා. අරින්න පාර්ලිමේන්තුවට. (බ)
යුද්දය ගැන කතා කළ යුත්තේ යුද්ධ ගැන දැනුමක් තිබෙන අයයි.(හේ)