ගලේවෙල පහළ දිග්ගල පවුල් 400ක් සිටින ගමේ පවුල් 54ක වකුගඩු රෝගීන් 54ක සිටින බවත්, තවත් පවුල් 125ක 125 දෙනකු රෝග ලක්ෂණ මතුවී පරීක්ෂණ වලට ලක් කර ඇති බවත් ගම්මු කියති.
ගමේ ළිං හා නළ ළිං ජලය දැඩි කිවුල් බව ගැමියෝ කියති.
වසර හත කට පමණ පෙර රජය විශාල මුදලක් වියදමින් ඉදිකළ ජල යෝජනා ක්‍රමය අතහැර දමා ඇත .
පිරිසිදු පානිය ජලය කඩිනමින් ගමට ලබාදෙන ලෙසය .රෝගයෙන් පෙළෙන ජනතාව හඩා වැටෙමින් කියා සිටියේ ගමේ අනිත් ජනතාව ආරක්ෂා කර දෙන ලෙසය .
තවද රෝගීන්ට රජයේ සහනාධාර මුදල හෝ නොලැබෙන බව ද ඔවුහු කියති .
බොහෝ දෙනාගේ ගෙළේ සුර බැඳ ඇත.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඇස් වලට කඳුලු ආවා මේ අසරණයෝ දැක්කහම. බලධාරීන්ගේ ඇස් ඇරේවා! (නි)
මේවට කරේ සුර එල්ලගෙන ඔහේ බලාහිටියට හරියන්නේ නැහැ. ගමට මේ තරම් ජල ප්‍රශ්නයක් තිබෙනවා නම් ජල යෝජනා ක්‍රමය යළි ක්‍රියාත්මක කරවන්න ගමේ ඉන්න අයට උවමනාව තියෙන්න ඕනෑ, මේවා වල්වැදීමට දීලා ආණ්ඩුවෙන් කරනකල් උඩ බලාහිටියට වැඩක් නැහැ (නි)
රට පොහොර, කෘමිනාශක තව තව යොදන්න. එවිට අගය තේරේවි. (නි)
කරදරයක වැටුන මිනිසුන්ට නැගිටින්නට අත දෙමු. ඔවුන්ට පිරිසිදු වතුර බිඳක් ලබාදීමට අපි උදව් කරමු. මහමෙව්නා අසපුවේ ශ්‍රද්ධා රුපවාහිනිය මඟින් කරගෙන යන " පිවිතුරු පැන් පුජා " පිරිසිදු පානීය ජලය ලබාදෙන සමාජ සත්කාරයට ඔබත් දායක වී, මේ අහිංසක මිනිසුන්ගේ කදුළු බිදු නවත්වන්න ඔබට හැකිනම්, සැබවින්ම ඔබ මිනිසුන් අතර සිටින දෙවියෙක් වැනිය. (නි)
වර්තමාන ජනපතිතුමාට හොඳ වැටහීමක් තිබෙනවා මේ පොහොර ගැන. ඒ නිසයි පොහොර නොදී සල්ලි දුන්නේ. මේ අහිංසක මිනිස්සුත් එ්ක දන්නවා. හැබැයි කොහොමහරි බලයට එන්න දඟලන බලලෝබි මිනිස්සු මේ මිනිස්සු අවුස්සනවා (නි)
ප්‍රේමකුමාර, ඔබ හරියටම හරි. මට මගේ දරු පරම්පරාවට කන්න අඳින්න ඉන්න හිටින්න උගන්වන්න හොඳටම පුළුවන්. එ්ත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජිවත්වෙන්න අපා දුක් විඳිනවා. එහෙව් අසරණයන්ගෙන් තමයි බදු පිට බදු ගහලා හිටපු පාලක පවුල දිව්‍ය සැප වින්දේ. ඔවුන් වෙනුවෙනුයි මගේ කාලය මිඩංගු කරගෙන අදහස් දාන්නේ. (නි)
පේනවා නේද අසරණ මිනිස්සු. මේ වගේ මිනිසුන්ගෙන් තමයි දේශපාලකයෝ සුරාකන්නේ. අනේ අසරණ ලංකාව! (නි)
අවසාන ෆොටෝ එකේ ඉන්න වයසක දුප්පත් අම්මලා දැක්කහම පුදුම දුකක් ඇතිවෙන්නේ. දේශපාලකයින් ගසාකන්නේ මෙවැනි අන්ත අසරණ මිනිසුන්ගෙන්නේ (නි)
හැමදේටම දේශපාලනයට බනින මිනිසුනි, ඒ ගමේ මිනිසුන්ට වතුර ටික නටවලා බොන්න සළස්වන්න. (නි)
වැඩි වැඩියෙන් පොහොර ගැහිල්ලේ ප්‍රතිඵල මේ මිනිසුන්ට තේරෙන්නේ නැද්ද? (නි)
ඔබත් උතුරේ හෝ නැගෙනහිර සිටියා නම්, වෙනත් බසක් කතා කළා නම්, ඔබගේ ගැටලු වලට කඩිනම් සහන ලැබෙනු ඇත (නි)
තේරෙන්න මොලයක් තියෙන්න එපාය තමනුත් ආගාදයේ වෑටිලා අනිත් මිනිසුනුත් ආගාදයේ වට්ටනවා කාබනික පොහොර තමා තියෙන එකම විසදුම(බ)
හිටපු ඉන්න බලාධාරින් වේදිකාවල බෙරිහන් දෙන්නේ සොමියට මිසක් ජනතාවට කොරන මගුලක් නැ නේද? (බ)
සටන් කර රුපියල් 350ට බාල පොහොරම අරගෙන දාන්න.එතකොට මිනී පෙට්ටි මිස සුර ඕනෑ නැහැ (අ)
මෙහි උත්තර ලියා ඈති බොහෝ දෙනෙක් රට පොහොර වලට බැන ඇත. පොහොර වැටෙන්නෙ කුඹුරටයි. නුමුත් ළිදේ ඇති වතුරට රට පොහොර එන්නෙ කොහොමද? කුඹුරෙ තියෙන වතුර ගැමියො බොන්නෙ නැහැ. පොහොර වල වැරැද්දක් නැහැ. කුඹුරෙ වතුර බිව්වොත් ඔය ළිඳේ වතුරට වඩා හොඳයි. වැරැද්ද පොහොර වල නෙමෙයි, කැකෑරෙමින් පෙඳ වැවෙමින් ලවණ එකතු වූ ළිං වතුර සහ ටියුබ් වතුර බීම තමයි වැරැද්ද. වැහි වතුර බොන්න. කුඹුරෙ වතුර ටික අරගෙන, ඒක වැලි සහ අඟුරු දාපු බාල්දියක් මැදින් යවලා පෙරාගෙන බොන්න. (නි)
ලංකාවේ හෙක්ටයාරයකට පොහොර කිලෝ 190වක් දානවා. සිංගප්පූරුවෙ හෙක්ටයාරයකට එම පොහොරම කිලෝ 3000 ක් දානවා. හැබැයි එහෙ ලෙඩ නැහැ. ඕස්ට්‍රෙලියාව, යුරෝපය ආදී රට වලත් හුඟක් පොහොර දමනවා. මැලේසියවෙ කිලෝ 1700ක් දානවා. නමුත් ලෙඩ නැහැ. ඉතින් මේ බොරුවට පොහොර වලට බැනීම වැරදි යකාට දෙහි කැපීමක් පමණයි. ඔය ළිං වල තියෙන වතුර භූ ගර්භයෙන්ම එන ලවණ අධිකයි. වැව් වතුර ගන්න. එහෙම නැත්නම් ගඟකින් හෝ ඇලකින් හෝ වැවකින් වතුර ගන්න. (මේ කරුණු මහාචාර්යවරයෙකුගේ නමින් පළවුණ ලිපියකින් ගත් කරුණුය) (නි)