2013 වසරේ ජූලි මාසයේ සිට මේ දක්වා කිරිපිටි නියැඳි 1190ක ඩීසීඩී පරීක්ෂාව සිදු කළ බවත්, 2013 වසරේ ජූලි සහ ඔක්තෝබර අතර කාලයේ කිරිපිටිවල සිදු කළ ඩීසීඩී පරීක්ෂාවෙන් එම නියැදිවලින් සියයට 20ක පමණ ඩීසීඩී පැවැති බවත් ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී අනාවරණය විය.
කාර්මික තාක්ෂණ ආයතනය ආයතනය කළ අනාවරණය රටේ බහුතර ජනතාව පිළිගෙන ක්‍රියා කරන බව කිරිපිටි අලෙවියේ පහත වැටීමෙන් පෙන්නුම් කරන බව තාක්ෂණ හා පර්යේෂණ ඇමැති චම්පික රණවක මහතා එම මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේය.
2013 වසරේ කිරිපිටි ටොන් 84000ක් ආනයනය කළත් 2014 මේ දක්වා ආනයනය කළ කිරිපිටි ප්‍රමාණය ටොන් 6000ක් පමණ බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියමය පරිදි මෙරටට ගෙන්වන සෑම කිරිපිටි තොගයකම ඩීසීඩී පරීක්ෂාව අයිටීඅයි ආයතනයෙන් සිදු කරන බවත් රණවක මහතා පැවසීය.
මේ දක්වා සිදු කළ සියලුම ඩීසීඩී පරීක්ෂාවල වාර්තා නිවැරදි බවට ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය මෙන්ම තමන්ද තහවුරු කරන බව කී ඇමැතිවරයා තම අමාත්‍යංශය හෝ ඒ යටතේ ඇති ආයතන සල්ලිවලට යට නොවන බව ද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දිනවල ඩී.සි.ඩී.තිබුනේ ඉතා ප්‍රසිද්ධම නම තිබෙන මොන කිරිපිටි වලද කියා කවුරුත් දන්නවා. දැනටත් තිබෙනවද දන්නේ නැහැ. කොහොම වුණත් අපි නම් තවමත් පාවිච්චි කරන්නේ දේශීය කිරිපිටි පමණයි. අපේ ඇඟටත් ගුණයි, අපේ රටටත් හොඳයි. (නි)
ඔබ වැනි නායකයන් , ජාතික හිතෛශීන් රටට ජාතියට අවශ්‍යම මොහොතකි මේ... දුප්පත් අසරණ ජනතාවට ඇත්තටම සේවය කල හැක්කේ ඔවුනට ටකරමක් බෙදා හෝ බඩු පාර්සල් ලබා දීමෙන් නොව ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමෙනි. (ස)
ඩීසීඩී නෙමෙයි මෙලමයින් තිබුනත් රටින් එන නිසා බොන කෙනා බොනවා. ඕකට සමහර වෙළෙන්දොත් හවුල්. (නි)
ඔබ දන්නවද කුඩන් කුලම් වල විකිරණ බලාගාරයකුත් තිබෙන බව. (ස)
කුඩා ළමුන් යොදාගෙන කරන කිරිපිටි දැන්වීම් වහාම තහනම් කරන්න. එයා කියන්නේ පට්ටපල් බොරුවක් කියලා ඒ දරුවා දන්නෙත් නැතුව ඇති. (නි)
ඇමතිතුමනි, ජාතියේ ජීවනාලිය වූ ළමා පරපුර රැකගැනීමට ඔබතුමා ගන්නා උත්සාහයට පින්! (නි)
මුදලට වඩා මනුෂ්‍යකමට තැනදෙන ඔබතුමා රටට හිතෛෂී නායකයෙක්. ප්‍රශ්නය වන්නේ මිනිසුන් කැමති හරසුන් නායකයන්ට වීමයි (නි)
බොනවා නම් බොන්නකෝ අපේ රටේ ඒවා. (නි)
නියම කියමන. ලෙඩ අමාත්යන්සයට හොඳ බෙහෙත, (අ)
මෙම නියැදි ලබා ගත් සහ ඩී. සී. ඩී අඩංගු කිරි පිටි වර්ග මොනවාද යන්නත් ප්‍රසිද්ධ කලානම්! ඇමති තුමනි එය මහජන සුභසිද්දිය පිනිස ප්‍රසිද්ධ කරන්න. (අ)
එළවළු වල කෘමිනාශක තියෙනවද කියල බැලුවොත් හොඳයි නේද? මිනිස්සු කිරි බොනවට වඩා එළවළු කනව නේ, (ස)
අර ප්‍රසිද්ධ වර්ගය මෙච්චර කියත්දිත් බොනවා නම් නියම හරක්. මෙතරම් හොඳ දේශීය වර්ග රටේ තියෙනවා. බොන්නෙම අරව. පව්කාරකම. වෙන මොනවත් නෙවෙයි. සිය රටදේ සිරිසැපදේ. (ස)
අපේ රටේ එල කිරි ගොවියෝ විකුණගන්න බැරුව වීසි කරනවා. අපි පිට රටින් ලෙඩ මිලට ගන්නවා. අනේ කාලේ වනේ වාසේ. (ස)
ගහපු ගමන් "නාගසලන්" වී යෝධ බල යෝධ ශක්තිය ලැබෙන එතනෝල් මෙතරම් සුලභව තිබියදී ඩීසීඩී ගහපු පිටිකිරි බොන එක මහා මෝඩකමක්! (නි)
අපිට මොනවද මේ කියන්නේ? මට තේරෙන්නේ නැහැ. වහාම ඕක නවත්වන්න බලයක් නැද්ද? (නි)