හැටන් නගරයේ දී කිරි ලීටර් 12000ක් අද කාණුවට හැළූ බව ගොවියෝ කියති. රොටස් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේ ගොවීහු 613 දෙනාට කිරි විකුණා ගත නොහැකි වී සිටිති. පෞද්ගලික සමාගම් කිරි නොගන්නා නිසා කිරි නොදොවා ඉන්නත් බැහැ. එවිට සතුන් ලෙඩ වෙනවා. අන්තිමේදී සිදුවනුයේ මස්කඩේට හරකුන් ටික විකුණා දැමීම පමණ‘‘ යි යනුවෙන් විසි අවුරුද්දක් කිරි විකුණන කේ.පී. ප්‍රියන්ත මහතා කියයි. පශු සම්පත් අමාත්‍යංශයේ ලේකම් තිලක් කෑඳරගම මහතා පැවැසුයේ පෞද්ගිලක අංශ කිරි මිලට ගැනීම සීමා කරැ ඇති බවයි. මිල්කෝ සමාගම කිරි අතිරික්තයක් ඇතත් උපරිමය මිලට ගන්නා ලෙස අද උපදෙස් දුන් බව ඔහු කීවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ආසියාවේ ආශ්චර්යය
මොන අපරාධයක්ද ??
මෙහෙම ගියොත් ලංකාව ඉවරයි..දැන්වත් තේරෙන්නේ නැද්ද ?(ස)
ලංකාවෙ සංවර්ධනය කොතරම්ද කිවුවොත් දැන් කිරිවලින් මිනිස්සු නානවා.
මේ මොනතරම් අපරාදයක්ද? කිරි ටිකක් සල්ලි දීලා අරගෙන බොන්න බැරි දුප්පත් පවුල් අද ලංකාවේ කොච්ච්චර ඉන්නවද?අපේ රජයට මේවා මිලදී අරගන්න වැඩපිලිවක් සකසන්න බැරිද?
කිරි අතිරික්තයක් තියේනම් ...පිටරටින් ගෙන්වන එක නවත්වමු...
මිල්කෝ සමාගමේ කිරි අතිරික්තයක් තියෙනවනම් එයින් නිෂ්පාදනය වේගවත් කරා නම් හරි නේ...මොකද ඉදිරියේදී ආනයනික කිරි පිටි වල මිළ ගනන් වැඩි වේවි.කිරි මේ විදිහට කාණු වලට හැලීම අනුමත කල නොහැක.මක්නිසාද එම කිරි රජයේ සතු දේපලක්.කිරි හරකුන් ඔවුන්ට ලබා දී තිබෙන්නේ රජය විසින් එම නිසා එය කිසිසේත්ම විනාශ කල නොහැක.මේම විරෝධය සංවිධායකයාට වහාම නිසි දඩුවම් ලබා දිය යුතුයි.රජයේ දේවල් කියන්නේ මුළු ජනතාවගේ සල්ලි.අපෙන් අය කරගන්නා බදු යනාදිය................
වී ටික, කිරි ටික, එළවලු ටික විකුණ ගන්න බැරුව ගොවියෝ දුක් විදිනවා ලොක්කෝ පිස්සු නටනවා (ස)
මෙරට කිරි සඳහා මෙතරම් ඉල්ලුමක් තිබියදී කිරි ලිටර 12000 කණුවට ගියේ කොහොමද? සැලසුම්කරණය ඉතා ගැඹුරු විෂයක්.
මෙහිදී ප්‍රශ්න ගණනාවක් මතුවනවා. 1. ගොවින් සහ කොම්පැනිය සමග යටත් පිරිසෙන් මාස කිහිපයකටවත් ගිවිසුම් තිබුනද? 2. රජය මෙවනි ප්‍රශ්න කළමනාකරණයක් කලාද? 3. සමාගම් කිරි මිලදී ගැනීම ප්‍රතිෂේප කිරීම පිළිබඳව රජයේ ප්‍රතිචාරය කුමක්ද? 4.කිරි ගොවියා රක්ෂණය කරලා තිබුනද?
හම්බන්තොටනම් හොඳට කිරි විකිනෙනවා
මම අහන්නේ බලධාරියෝ ඉන්නේ මොකටද ???
අතිරික්තයක් කියලා විසිකරලා දාලා පිටරටින් ගෙන්වන සංස්කෘතියක් අද ඇවිල්ලා. අනාගතය දෙස බලා නිශ්පාධනය තුලනය නොකරොත් ගොවීනුත් අමාරුවේ අපිත් අමාරුවේ (ස)
අපේ රටේ බොන්න කිරි උගුරක් නැතුව කී දෙනෙක් ළත වෙනවද? රට පෙරට....???
මොනවා.... (ස)
පිටරටින් එන කිරිපිටි මිල වැඩි කරන්න , අපේ රටේ නැවුම් කිරි බෙදා හැරීම අරඹන්න (ස)