පෞද්ගලික සංචාරයක යෙදෙමින් ලන්ඩන් නුවරට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ නායක මණ්ඩල සභාපති දේශබන්දු කරු ජයසුරිය මහතා වෙසක් පුන් පොහොය වෙනුවෙන් ශ්‍රී ලාංකික විහාරස්ථාන කිහිපයකටගොස් තිසරණ සරණ ලබාගත්තේය.
ලන්ඩන් බෞද්ධ විහාරය, කින්ග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ තේම්ස් බෞද්ධ විහාරය වෙත පැමිණි ජයසුරිය මහතා වෙසක් සතිය වෙනුවෙන් එම විහාරස්ථානයන්හි පින්කමකට ද සහභාගී විය.
ලන්ඩන් බෞද්ධ විහාරයේදී විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල හිමියෝ ජයසුරිය මහතාට සෙත්පතමින් වෙසක් සතියේ තුල විහාරස්ථාන වෙත ගොස් තෙරුවන ආශීර්වාදය ලබාගැනීමට අදහස්කිරීම අගය කරනා බව පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවීන්, අපේ ජනාධිපතිතුමා නම් චීනයට ගියේ රාජ්‍ය තාන්ත්‍රික සමුළුවකට. එතනදී වැදගත් යෝජනාවකුත් කළා කියලා ඔයා තාම දන්නේ නැද්ද? අනිත් කට්ටියට හිතන්නත් බැරි දේවල් අපේ ජනාධිපතිතුමා කළා. එතුමා නම් පුද්ගලික චාරිකා යනවා කියලා කවදාවත් මම අහලා නැහැ. (නි)
ඉතින ඇයි කරු මහත්මයා වෙනම වාඩිවෙලා ඉන්නෙ? (නි)
චින්තාට රිදුනේ මොකද කියලා හොයන්න හිතෙනවා මට (නි)
ආණ්ඩුවේ හොරනෑවක් වෙලා කතා කරන්ටවත්, ආණ්ඩුවේ වැරදි කියා පාන්ටවත් මං සැදීපැහැදී නැහැ. මේ රජයේ නිහඬව වැඩ කරන ඇමතිවරු තව ඉන්නවා. ඔවුන් මාධ්‍ය කැඳවලා ඒවා කියන්නේ නැහැ. අපි බලා ඉමු ලියනගේ මහත්මයා.. (ස)
මෙතුමාට ටිකකලක් අනෙක් අයගෙන් වෙන්ව සිටීමට සිතක්වත් ඇති වෙලාද? (නි)
චින්තා, මොකද මේ? (නි)
අනේ කරු ගෙදර ගියොත් යූ.ඇන්.පී. එකට..පායයි හිරු (අ)
චින්තා, හරි එතුමා යමක් කරනවා කියමුකෝ. එතකොට අනිත් කට්ටිය? (නි)
චින්තා බළලා මල්ලෙන් පැන්න වගේ නේද?, මම කිව්වේ පක්ෂ විපක්ෂ දෙගොල්ල ගැනම කතා කරන්න කියලනේ. හරි අපිත් බලන් ඉම්මු ඉස්සරහට චින්තා මොනවද ලියන්නේ කියල.(දිල්)
ඩොලර් ටිකක් හොයා ගන්න වෙන්න ඇති. (ස)
අනුර - අනේ අයියා. මම මේ ආණ්ඩුවේ හොරනැවක් නම් නෙවෙයි. මං කිවේ ඉගෙනගත්තු දේවල අනුව මගේ මොළේට දැනිච්ච දේ විතරයි. ඔය අයියා අහපු නිසාම මම තව කෙනෙක් ගැන කියන්නම්කො. පහුගිය දවසක ලෝක සෞඛ්‍ය සංවිදානයේ නියෝජ්‍ය සභාපති ධුරයට පත් වූ අපේ අද ඉන්න ගරු සෞඛ්‍ය ඇමතිතුමා. එතුමා තම තනතුරේ ගෞරවය රැකගෙන වගකීමෙන් ඒ රාජකාරිය කරනවා නේද අයියා..? මේවා මම කිවුවහම අයියලා විරුද්ධ වෙනවාට වඩා එකඟ වෙන්ටකෝ. එතකොටනේ මටත් ලියන්ට හිතෙන්නේ. (අ)
කොහෙට ගියත් වැඩක් නෑ යූඑන්පී දිනන දවසක් පෙනෙන්නට නැහැනේ. (ස)
යූඇන්පී නායකයෝ රටවල් වලට යන කොට ගුවන් යන පිරෙන්න කට්ටිය ගෙනියන්න ජනතාවගේ මුදල් නාස්ති කරේ නැහ (අ)
චින්තා මොකද මේ කඩේ යන්නේ කැපුවත් නිල්පාටද... (අ)
මෙතුමා එජාප යෙන් ගිය ගමන් එජාපය දිනනවා. (ස)
ජනක. මම හිතන්නේ රාජපක්ෂ පාලන සමය යනු ශ්‍රී ලංකා මෑත ඉතිහාසයේ පහළ වූ ගෞරවනීය පාලනයයි. කලින් කල පහලවූ රජයයන් විසින් කළ වැරදි නිවරද කරමින් හා වඩා ක්‍රමවත් කරමින් නවීන තාක්ෂණය භාවිතයට රට යොමු කරමින්, අනාගත පරපුරට සුදුසු සංවර්ධිත භූමියක් ලෙසින් ලෝකයේ ඕනෑම දියුණු රටක් සමග කරට කර එක පෙළට සිට ගැනීමට හැකියාව ඇතිකරමින් සමාජය ඉදිරියට මෙහෙයවන මේ ආණ්ඩුව හදවතින් වැළඳ ගැනීම යම් කෙනෙකු කරනවා නම් එය අගය කළ යුතුය. නමුත් කුහක සිතුවිල්ලෙන් එයට "කඩේ යාමක් " ලෙසින් නිර්වචනය කරමින් කාට හෝ පහර ගහන්නට උත්සාහ කරනවා නම් ඔහුගේ හැදියාව ගැන සිතාගන්නට පිළිවන් නේද..? (අ)
ඔබතුමාට ජය! (නි)
එජාපය තමයි රටට වැඩක් කළ පක්ෂය. ජයවේවා!! (නි)
චින්ත, ඔයා ලියන්නේ ආණ්ඩුවේ ඇත්තන්ගේ හොඳ පැත්ත විතරයි. අපි පක්ෂයකට ගති කම් කරන්නේ නැතුව හරි වැරැද්ද ලිව්වොත් තමයි මෙම ලංකාදීප එසැණ පුවත් තීරයේ රැඳෙන්න පුළුවන්. ඔබ කිව්වා වගේ අපේ සෞඛ්‍ය ඇමතිතුමා කෙලින් වැඩ කරන , කෙලින් කතා කරන අවංක ඇමතිවරයෙක්. එකයි ජිනීවා වලදී එකී සභාපති තනතුර ලබාගන්න හැකි උනේ.එම ඇමතිතුමා මේ ළඟදී ඖෂධ පනත කොහොම හරි එළි දැක්වුවා. ඒවා හොඳ කාර්යයන්. ඒවගේ පක්ෂ විපක්ෂ දෙකේම වැරදි වැඩ කරන, වැරදි වැඩවලට අනුබල දෙන ඇමතිවරු සහ මන්ත්‍රීවරුත් ඉන්නවා. එම අය ගැනත් කතා කරන්නකෝ, එතකොට ඔයත් මෙම තීරයේ හොඳ කොටස්කරුවෙකු වේවි. (ස)
කොස්වත්ත මහත්මයා, යු.එන් .පී . එක දිනන්නේ කොහොමද? පාර්ලිමේන්තුවට විශ්වාශ භංගයක් ඉදිරිපත් කරලා කරු ජයසුරිය මහත්තයා ලන්ඩන් වල පුද්ගලික ගමන් ගිහින් . දිනන්න හරි පරදින්න හරි මෙයා ඉන්න ඕනේ පාර්ලිමේන්තුවේ. නායකත්ව මණ්ඩලයේ සභාපතිකමින් වහාම ඉවත් කරන්න මෙම හේතුවම මදිද? (ස)
මේ දවස් වල ලොකු ලොක්කෝ හැමෝම වගේ ලන්ඩන්, පැරිස්,ඉතාලි,චීන රටවලට යනවා. මේ රට සවාරි යන්නේ මේ අයගේ සල්ලි වලින්ද කියලා හොයන්න හිතෙනවා මට (නි)