
(සිතුම් චතුරංග)
යාපනය කයිට්ස් මෙලින්ජිමුනායි නාරායම්පති මාතා දේවස්ථානයට බීමත්ව බලහත්කාරයෙන් අැතුළුවී එහි තිබූ වටිනා සුරුවමක් කඩාබිඳ දේපොළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ කයිට්ස් සංවිධායක අැතුළු අටදෙනකු අත්අඩංගුවටගත් බව කයිට්ස් පොලිසිය කියයි.
දේවස්ථානය අසල යාබද ඉඩමක විස්සකට අාසන්න පිරිසක් සාදයක් පවත්වා අැති අතර එම අවස්ථාවේ අශෝභන ලෙස හැසිරෙන පුද්ගලයන් කිහිපදෙනකු සම්බන්ධයෙන් දේවස්ථානයේ සිටි පිරිසක් විරෝධය පලකිරීමත් සමඟ සංවිධායකවරයා අැතුළු පිරිස පැමිණ දේවස්ථානයට කඩාවැදී අැති බව පොලිසිය පැවසීය.
ඉන්දියාවේ සිට රැගෙනවිත් බැතිමතුන් සඳහා වන්දනාමාන කිරීමට සකස්කර තිබූ වටිනා සුරුවමක් එම පිරිස කඩාබිඳදමා අැති අතර අනතුරුව එම පිරිස දේවස්ථානයේ තිබූ දේපොළවලට ද හානිකොට පිටවගොස් අැති බව පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 04
563
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කයිට්ස් දේවස්ථානයට පහරදුන් ජාජබ සංවිධායක ඇතුළු හතරක් මාට්ටු
ගුණරත්න Sunday, 27 July 2025 04:11 PM
සහෝදරත්වය අරං ගියා කියල බීලා යකා නටල නේ. උන්ගේ ලොක්කන් වගේම තමයි. කියන්නේ එකක්, කරන්නේ තව එකක්.
ටිල්වින් සීයා Sunday, 27 July 2025 04:55 PM
අපි නිරාගමිකයි. පන්සල්, කෝවිල් වගේ රටේ සංස්කෘතියට, ඉතිහාසයට සම්බන්ධ තැන්වලට ගහනවා තමයි. කොහොමත් ඉතිහාසය නම් අපිට පේන්න බෑ. පේනතෙක් මානෙක ඡන්දයකුත් නැති එකේ කටවල් වහගෙන හිටපල්ලා.
Neel Sunday, 27 July 2025 05:20 PM
යන්තම් ඇති එකෙක් අහුවුණා මී කතුරට...!
දිනේෂ් Sunday, 27 July 2025 05:43 PM
ජාජබ වුණාට වැරැදි කරන එක මනුෂ්‍ය ස්වභාවය. ඒත් දැන් නීතිය හැමෝටම සමානවම ක්‍රියාත්මක වෙනවා..!
අරවින්ද මොණරවිල Sunday, 27 July 2025 09:05 PM
වෙන පක්ෂයක අපේක්ෂකයෙක් මෙහෙම කෙරුවා නම් පක්ෂයේ නම දාන්නේ නැහැ... ජාතික ජනබල වේගයේ නිසා කැත නැතුව නම දැම්මා. කොහොම වුණත් නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා... වෙනස ඒකයි.