එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව විචාරශීලීව හා බුද්ධිමත්ව විමසා බැලිය යුතු බවත් දැනට ඇතැම් මාධ්‍ය ඒ ගැන පළකරන අදහස් වැරදි බවත් මාධ්‍ය ප්‍රධානීන් හමුවූ ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූහ.
පසුගිය රජය බලයේ සිටියානම් රට ඉතා බරපතල තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවන බව අමතක නොකළ යුතු යැයිද ඔවුහු කීහ.
ඉවක් බවක් නැතිව එම වාර්තාව විවේචනය නොකළ යුතු යැයිද පසුගිය ජනවාරි 8 වැනිදාට පෙර එය ඉදිරිපත් වූයේ නම් තත්ත්වය ඉතා බරපතල විය හැකිව තිබුණේ යැයිද ජනපති කීවේය.
නව රජය බලයට පත්වී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ස්වාධීන කොමිසන් සභා ආදිය පිහිටුවීමෙන් පසුව ශ්‍රී ලංකාව ගැන ලොව පුරා යහපත් ප්‍රතිචාරයක් පවතින බවත් ඒ අනුව මෙම වාර්තාව එදා ඉදිරිපත්වූයේ නම් සිතිය නොහැකි තරම් බරපතල තත්ත්වයකට මුහුණ දීමට සිදුවන්නේ යැයිද එහෙත් දැන් එය ඉතා ලිහිල්වී ඇතැයිද ජනපති කීවේය.
ලබන 24 වැනිදා ඉදිරිපත්වන අවසන් යෝජනාව අනුව ශ්‍රී ලංකාව තීරණයක් ගන්නා බවත් දේශීය පරීක්ෂණයක් හෝ ජාත්‍යන්තර පරීක්ෂණයක් යන දෙකෙන් එකක් තෝරාගැනීමට ශ්‍රී ලංකාවට සිදුවන බවත් දේශීය පරීක්ෂණය ශ්‍රී ලංකාවේ අනිවාර්ය තේරීම බවත් ජනපති හා අගමැති එහිදී අවධාරණය කළහ.
ගිය රජය සමයේ සතුරුව සිටි බොහෝ රටවල් දැන් මිත්‍රවීමත් සමග එදා සතුරුවූ රටවල් පවා දැන් ශ්‍රී ලංකාවට සහාය දෙන බවත් ඒ අනුව ලිහිල් යෝජනාවක් ඉදිරිපත් වුණු බව තම විශ්වාසය බවත් ජනපති කීවේය. එම වාර්තාවේ කිසිදු තැනක යුද අපරාධ සිදුවී ඇතැයි සඳහන් නොවන බවද යුද්ධය මෙහෙයවූ කිසිවකුගේ නම් නැතැයිද ජනපති අවාධරණය කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ තම ඉන්දීය සංචාරයේදී පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම (සීපා) ගැන ඉන්දියාව සමග වචනයක්වත් කතා නොකළ බවයි. එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් ඇතුළු පිරිස් හා ඇතැම් මාධ්‍යයද ඒ ගැන බොහෝ වැරදි කළ බවත්ය.
ඡායාරූප - ජනපති මාධ්‍ය අංශය





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ අපරාධ කළ ඉතා සුලු පිරිසට දඬුවම් කරලා බහුතර හමුදාවේ ගෞරවය රැකගන්න ලැබෙන අවසාන අවස්තාව (අ)
අපි බලමුකෝ ඉස්සරහටත් පාට මෙහෙමම තියෙයිද කියලා (නි)
සාධාරණය ඉටුකිරීම යහපාලන රජයේ වගකීමක්. (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
නාමල්,නුඹලා රැකගත් එකද අපරාධය ..? (නි)
රටපුරා බෝම්බ පුපුරවමින්, දහස් ගණන් මිනිස් ජීවිත ජාති ආගම් බේදයකින් තොරව රටට අහිමිකළ යුගය නිමාකිරීමද අපේ හමුදාව කළ අපරාධය? (නි)
ඔයගොල්ලන්ට එහෙම දැනුනත් අපිට නම් බයයි (නි)
යක්කු කොහොමත් කලුයි. නමුත් යකාගෙන් අනතුරක් නැහැ. අපිට පොඩ්ඩක් කියන්නකෝ අපේ හමුදාවෙන් වුණ අපරාධ මොනවාද කියලා. මේ රණවිරුවන් මේ විදිහට පළිගැනීම් වලට ලක්කරන්නේ ඇයි? (නි)