යාපන කයිට්ස් දුපතේ රා තැබෑරුම ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊ පී ඩී පී ) ඡන්ද කාර්යාලයයක් බවට පත් වී ඇත.
ඡන්ද නීතී උල්ලංඝණය කරමින් මහා මාර්ගවලද,ගොඩ නැගිලි හා බිත්තිවලද අපේක්ෂකයන්ගේ ප්‍රචාරක දැන්වීම් අලවා ඇතැයි ප්‍රදේශවාසිහු කියති.
කයිට්ස් වැසියන් කියනුයේ යුද්ධය අවසන් වුවත් ජීවන යුද්ධය අවසන් වී නැති බවයි.
මෙවර ඡන්දයට කවුරුන් ඉදිරිපත් වී සිටීද යන්න නොදන්නා බවත් මේ දිනවල මුලික ප්‍රශ්නය නියයත් සමග ඇති වු ජල හිගය බව කයිට්ස් වැසියෝ කිහිප දෙනෙක් සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් සදහා වු ජනතා ව්‍යාපාරය සමග පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්නෙ, ඒකයි මෙතන තෝරගත්තෙ (දී)
තිතට මත! (ස)
ගහෙන් බාපු රා ටිකක් බීල අයිස් බැදලා කන්න මට ආසයි.(නදී)
පෝස්ටර් කීපයක් ඇලවු පමණින් ඡන්ද කන්තෝරුවක් වෙනවානම් මීට පෙර බස්නාහිර පළාතේ තිබුණ ඡන්ද වලදි කොළඹ තිබුන සෑම ගොඩනැගිල්ලක්ම , සෑම බිත්තියක්ම ඡන්ද කන්තෝරු වෙන්න ඕනේ නේද ?(දී)
ඊළාම් කියන නම තහනම් නම් කොහොමද මේ අය එම නම පාවිච්චි කරන්නේ ? මම නොදන්නා නිසි අහන්නේ. (ස)
හමුදාවෙන් වතුර ලබෙනවානේ,ඊළාම් වචනය යෙදීම?? (ස)
තිතට මත.....කතිර නැත!! (නි)
ෂා දැන්ම යාපනේට යන්න හිතෙනවා. රා ටික නම් පංකාදුයි. (ස)
මේක දාලා තියෙන්නේ, රා ගැන කියන්න නෙමෙයි. පක්ෂ, පාට මොනා උනත් මේවට තියෙන කැමැත්ත නම් එකම වගේ. (ස)
මතට තිතද? තිතට මතද? මතට හිතද? (නි)
ඔව් දසුනි, දැන්වත් තේරෙනවද අපි කොච්චර එකමුතුද කියලා (ස)
මෙතන නම් ගම් විතරයි මාරු වෙලා තියෙන්නේ!!! (ස)
ඉතිහාසයේ ඉඳන්ම රා අරක්කු වලට තමන්ගේ ආත්මයම පාවා දීපු ජාතියක්නේ ලංකාවේ ඉන්නේ. තැබරුමේ රා නිකන් දීලා ඡන්දෙ ගොඩ දාගන්න හදනවා ඇති. තැබරුමේ පෝස්ටර් ගැහුවම ප්‍රසිද්ධිය වැඩිනේ. (ස)
කයිට්ස් වල දෙන්නේ රා විතරයි , මාතලේ නම් කසිප්පු, අරක්කු දන්සලකුත් දාල තියෙන්නේ (දී)
රිස්වාන් ඩුබායි!! එහෙම රා බිවම ,අර දවස් 40 ක් යනතුරු ''අල්ලාහ් '' දෙවියන්ගේ පිහිට නැහැ නේද..............?මම එහෙම කතාවක් අහල තියෙනවා!! එකයි, ඇහුවේ ඔන්න තරහ වෙන්න නම් ඔට්ටු නැහැ හොදේ (දී)
ෂා! කිතුල් රා... දැක්කත් ඇගට සනීපයි (නි)
බිත්තියක පෝස්ටර් එකක් ඇලවූ පමණින් මෙසේ වේද? (නි)
වැරදුණා! කිතුල් රා නෙමෙයි, තල් රා නේද? (නි)
මේවා මෙහෙට තියෙනවා (දී)
බලන්නකෝ රා බොන එක්කේනා දිරල ඉන්න හැටි. චන්දෙ දෙන්න කෙසේ වෙතත් බීලා හොඳට නිදාගනී වගේ . (දී)
හොර කසිප්පු වලට වඩා රා ටිකක් බොන්න තිබ්බ නම් කොයි තරම් හොඳද? වියදමත් අඩුයි.. ඇඟටත් ගුණයි... (ස)
අනේ දයෝ කයිට්ස් වල කොහෙද කිතුල් රා.එහේ තියෙන්නෙ තල් රා. (ස)
හප්පා තල් රා....කටට කෙළ උනනවා අප්පා....අපිට කොයින්ද පිනක් ඕවා බොන්න...නියම දේශීය පානයක්...ලුණු කැට ටිකකුයි රතු ලූණු ගෙඩි ටිකකුයි සුප් කැටේකුයි එක්ක ගත්ත නම් මරු..... (ස)
සෝමෙ මල්ලී, මමත් මේ කෙළ හලන්නෙ කවදද යාපනය පැත්තට යන්නෙ කියලා.අම්මපා තල් රා බොන්නමයි.හප්පා, හමන මුහුදු සුලඟේ සැප.ඇඟට වදිනවා වගෙත් දැනෙනවා. (ස)