පිළියන්දල බල්ලන්, කුකුළන් හා වෙනත් සතුන් රැසක් අතුරුදන් කිරීමට වගකිව යුතු කිඹුලාගේ බඩේ තිබූ බිලී කොක්කක් ඉවත් කිරීමට සැත්කමක් සිදුවිය.
බිලී කොකු කීපයක් ත්‍රිරෝද රියක ඇක්සලේටර කම්බියකට පාස්සා එම කොකුවල මස් කුට්ටියක් අමුණා කිඹුලා අල්ලාගෙන ඇතැයි ද බිලීකොකු වලින් මරණය සිදුවීම වැලැක්වීමට සැත්කම කර ඇතැයි ද දැනගන්නට ඇත.
සැත්කමින් පැය කිහිපයකට පසු කිඹුලා මිය ගියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කවුරුත් ඔහොම කතා කරන්නේ නැහැ මිනිහෙක් දෙන්නෙක් ඇඳගෙන ගියානම්.නමුත් මෙතන කවුරුත් මොන ක්‍රමයකින් හරි උත්සහා ගත්තේ සතාවත් බේර ගන්නනේ.(හේ)
කිඹූලා අහිංසක සතෙක් කියන අය කිඹුලා ළඟට ගිහිල්ලා උගේ ඔළුව පොඩ්ඩක් අතගාලා බලන්නකෝ (නි)
දැන් ඉතින් ලෙඩා මලත් බඩ සුද්දයි. හම ගහන්න තව සැත්කමක් කරන්න මොකද හම වටිනවා කුකුල්ලුන්ට බල්ලන්ට වැඩියේ. (අ)
මේ වගේ සැත්කමකින් දේශපාලනයෙන් ජරාව කන අය සුවපත් කළොත් ලොකු පිනක් පුතේ. (නි)
අදහස් දමා ඇති බොහෝදෙනෙක් පොළවට මීටර් ගණනක් උඩින් ජීවත්වෙන බව තේරෙනවා (නි)
ලංකාවේ හරියට පශු වෛද්‍ය වරුවත් නැතිව පුහුණුවක් සහ පහසුකම් නැතිව ඔවැනි ඔපරේෂන් කරන්නේ කොහොමද ..? පව් අසරණය මරලා දැම්මා කියලා තමයි මාත් කියන්නේ..? (හේ)
කිඹුලාට මුහුණදීමට වුණ ඇබැද්දිය ගැන ඇත්තටම කණගාටුයි (නි)
අපේ බන්දුල පෙරේරාටත් සත්තු පේන්න බැහැනේ. කොච්චර අකමැතිද කිව්වොත් සභාවේ මිනිස්සු පෙනෙන්නෙත් සත්ව කොට්ඨාශයක් වගේ. (නි)
අපේ සභාවේත් කිඹුලෙක් ඉන්නවා කට ඇරගත්ත ගමන්, විරුද්ධ මත දරන උදවියව ගිලින්න බලාගෙන. (නි)
මිනිස්සු අහිංසක සත්තුන්ට ඉන්න වතුර වලක් නැතිවෙනකන් ගොඩකරනවා අන්තිමට අහිංසක සත්තුන්ව මරල දැන් බොරුවට වෙදකම් කරනවා කරන්න ඉස්සර දන්නවනේ ඕවට මැරෙනවා කියල (අ)
නිකන් බොරු අහිංසාව, මු ළමෙක් දැහැගෙන ගියානම්? කැලේ වියලි කලාපේ ඉන්නේ ඕනා තරම් කිම්බුලෝ. මුගේ හම ගන්නත් පුළුවන් මස් කන්නත් පුළුවන්, වෙන රටවල මේ දෙකටම කිම්බුල්ල් ෆාරම් දාල තියෙනවා. (අ)
කිඹුලා මිනිස් වාසයකින් තොර ප්‍රදේශයකට ගෙන ගිහින් දමන්න ගත් සාධාරණ උත්සාහයක් මේක. උගේ අවාසනාවට උත්සාහය අසාර්ථක වෙලා තිබෙනවා. ඒකට මේ අයට දොස් කියන එක සාධාරණ නැහැ (නි)
සැත්කම සාර්ථක වුණා නම් මොනතරම් හොඳද? (නි)
පව් අහිංසක සතා.(හේ)
ලෙඩා මලත් බඩ සුද්දයි කියල කතාවක් තියෙනවනෙ. මේ සතාව අල්ලගන්න වෙන ක්‍රමයක් තිබුනෙම නැද්ද තුවාලයක් නොකර. සීසීටීවී10 චීන චැනල් එකේ මම දැකල තියෙනව සද්දන්ත කිඹුලන්ව අල්ලනව සුලු සුලු උපක්‍රම මගින්. (අ)
බයිට් එකට ගමුද ? (නදී)
ෂුවර් එකටම කිඹුලට දොස්තර ඉල්ලපු ගාන දිගන්න බැරි වෙන්න අැති.දොස්තර දුන්න වැඩේ. (අ)
බල්ලන් කුකුළන් කාලා දෙවැනි අවස්ථාවේ මිනිස්සු අල්ලාගනීවි.ඊට කලින් මෙහෙම හරි වුණ එක හොඳයි. (නි)
මොකද දන්නෙ නැහැ කිඹුලා මියගියේ? (නි)
ඔය පව් කියන අයගේ කාවහරි කෑවා නම්. බලාගන්න පුළුවන් පව්ද පින්ද කියල (අ)
දැන් මොකද කරන්නේ කිඹුලාට? (නි)
ලෙඩා මළත් බද සුද්දයි කිවුවලු. පව් කිඹුලා. (නි)
බල්ලෝ කුකුළෝ ඉන්නේ කිඹුලාට කන්න තමයි. අපිට කිසිම අයිතියක් නැහැ ඒ අහිංසකයාව අල්ලන්න.කිඹුලා කියන්නේ මාංශ භක්ෂක සතෙක්. (නි)
නුසුදුසු පරිසරයක කිඹුලෙක් ඉන්නවා නම්,වනජීවී එකට දැන්විය යුතුයි. එවිට වනජීවී එක මඟින් ක්‍රමවත්ව කිඹුලා අල්ලා සුදුසු පරිසරයකට මුදාහළ යුතුයි. (නි)
අපරාදේ! ඔය බිලී කොක්කට ඕකා මැරෙන්නේ නැහැ. (නි)
මේ සත්තු අහිංසකයි (නි)
අවිහිංසාවේ නාමයෙන් කරන්න තිබුන හොඳම වැඩේ තමයි කිඹුලට නිදහසේ ඉන්න ඉඩ දීලා පිලියන්දල වගේ ජනාකීර්ණ නගරයේ සියළුම කුඩා ළමයින්ව සහ අනෙක් සතුන්ව කූඩු කර තැබීම. අපේ රටේ තියෙන පහසුකම් අනුව තමයි අපි කටයුතු කරන්නේ. සැත්කම කරපු අයට දොස් කියලත් වැඩක් නැහැ. (නදී)
අපි වගේ අය වෙන්න ඇති ඔය දොස්තරත්. එ්ක නිසා කමක් නැහැ. කිඹුලගේ නෑදෑයෝ නැහැනේ පොලිසියට යන්න. දොස්තර ගොඩ. කමක් නැහැ නඩු දාන්නේ නැති නිසා (නදී)
කිඔුලා ජීවත්වුණා නම් (නි)
කොහොමහරි අහිංසක සතෙකුට වද දීලා මැරුවා.(හේ)
තිරිසන් සතුන්ගේ ලෝකයේ ප්‍රභලයා විසින් දුබලයා ගොදුරකර ගන්නවා. ඒත් මිනිසුන් වන අපිට මීටවඩා සිතන්න තිබුණා (නි)
මේ සතාගේ ජීවිතේ බේරගන්න ගත්ත උත්සහයට මේ අයට ගොඩක් පින්.(හේ)
සත්ව කරුණාව හොඳයි. නමුත් ළමයෙක්, මනුස්සයෙක් බිලිගත්තාම පෙනෙයි භයානකකම සතාගේ (නි)
පව් අසරණ සතා! (නි)
මේ සතා අල්ලලා රක්ෂිත ප්‍රදේශයකට මුදාහරින්න තිබුනනේ! (නි)
කමක් නැහැ, බේරගන්න උත්සාහයක් අරගෙන තියෙනවානේ. අල්ලාගෙන සැත්කම කළේ නැත්නම් තව ටිකක් කල් දුක්විඳලානේ මැරෙන්නේ. (නි)
හයියෝ කිඹුලාට යකඩ දිරවන්න පුළුවන්. (අ)
අයියෝ පවු! (නි)
කිඹුලා නැතිවුණේ පශු වෛද්‍යවරුන්ගේ වරදින් වෙන්න පුළුවන්. නමුත් ඒ මිනිස්සු සත්තු කොපමණ ගණනකගේ ජීවිත බේරනවද? ඒවාට හොඳ කියන්න කවුරුත් නැහැ. එකක් දෙකක් වැරදුනාම බනින්න ඕනෑතරම් අය ඉන්නවා (නි)
ජිවීතය බේරාගන්න ගත් උත්සාහයට පිං (නි)
කවුරු මොනවා කිවුවත් ඒ අය උත්සාහ කරලා තියෙන්නේ කිඹුලා බේරාගන්නනේ! (නි)
ඔන්න අපේ පශු වෛද්‍යවරු...බිලි කොක්ක බඩේ තියාගෙන හිටියා නම් කිබුල තවම ජීවත් වෙනවා. මේ වගේ ඔපරේෂන එකකින් සතෙක් මැරෙනවා කියන්නේ හරි අපරාදයක්.. (අ)
බන්දුල පෙරේරාගේ අදහස කුකුල්ලු බල්ලෝ ඉන්නේ කිඹුලාට කන්නලු.තව ටික දවසකින් එයා කියාවි මිනිස්සු ඉන්නෙත් කිඹුලාට කන්නයි කියලා.අනේ මන්ද ..මේ මනුස්සයාව අංගොඩ ඉස්පිරිතාලයට අරගෙන යන්න කවුරුවත් නැතිද..(අ)
අවසන් කටයුතු කවදද? (අ)
ලෙඩා මලත් බඩ සුද්දඊ කිව්වලු (අ)
ලෙඩා මලත් බඩ සුද්දයි කියන්නේ මෙන්න මේක තමයි.(හේ)
අහිංසක සතා ඉන්න විදියට ඉන්න දුන්නා නම් තවමත් ඉන්නවා.(හේ)
ලංකාවේ පශු වෛද්‍යවරු හරි දක්ෂයි.(හේ)
අනේ පවු අහිංසක කිඹුලට වුණ දේ.(හේ)
බල්ලෝ, කුකුලෝ කෑවා කියලා කිඹුල්ලු මරණ රටක් තියෙනවද? බිලී කොකු දලා අල්ලන්න මාළුද මේවා. වෙන රටවල නම් මේවාට වෙනම රජයේ කට්ටිය ඉන්නවා. ලංකාවේ කොහොමත් ගොඩ වෙද්දි තමයි ඔක්කොම කරන්නේ.(හේ)
මේ සතාව මරලා , ඊට පස්සේ පන දෙන්න හදනවා.(හේ)
පවු අහිංසක සතා! (නි)