යුරේනි නොෂිකා ගැන බොහෝදෙනා කතා කරන්න පටන්ගත්තෙ කිඳුරංගනා, සඳසාක්කි, පියවි, පිංගල දනව්ව, සිහින සින්ඩරෙල්ලා, ඒ330 සහ අයල් ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවක් වෙතිනි. අද රංගනයෙන් නිතර දැකගත නොහැකි වුවත් අද ඇය අපට හමුවන්නේ දෙරණ මියුසික් ඔන්ලයින් වැඩසටහනේ නිවේදිකාවක ලෙසය. දැන් යුරේනි රඟපෑමෙන් සමුඅරගෙනද? රඟපාන්නෙ නැද්ද? ඒ ගැන කියන්න ”යුරේනි” සඳැල්ලට ආ මොහොතකි මේ.
යුරේනි මොකද දැන් ටෙලිනාට්‍යවල රඟපාන්නෙ නැද්ද?
රඟපානවා. මේ දිනවල කොටස් 40 කින් පමණ යුතු ”කූඹියෝ” ටෙලි මාලාවේ රඟපෑම්වලට දායක වෙනවා.
යුරේනි ඇත්තටම ඔබ කොහොම චරිතයක්ද? වඩා උණුසුම් චරිතයක්ද? සීතල චරිතයක්ද? නැත්නම් පෙරළිකාර චරිතයක්ද?
නිවිච්ච කියලාම කියන්නත් බැහැ, තැන්පත්මත් නැහැ, පෙරළිකාරත් නැහැ. ඒ සියල්ලට අතරමැදි චරිතයක් වෙන්න පුළුවනි.
මොන වගේ කෙනෙක් වෙන්නද කැමති?
හොඳ පුරවැසියකු ලෙස කාටත් බරක් නැතුව, දැහැමින් ජීවත්වීම පරමාර්ථයයි.
ඒ වෙනුවෙන් තියෙන බාධා මොනවද?
එහෙම බාධා නැහැ. මොකද මම මාව බලාගෙන පාඩුවෙ සිටින කෙනෙක්.
ක්ෂේත‍්‍රයේ ඔබට සිටින්නේ යාළුවෝද? හතුරෝද?
මම හැමෝටම ගෞරව කරනවා. ඒ අයත් මට ගෞරව කරනවා. හැමෝම මට යාළුවෝ. හතුරෝ නැහැ.
මේ අද කටයුතු කරන විදියට යුරේනි වැඩ නොකළා නම්? මොන වගේ දෙයක් කරන්න තිබුණද?
එක්කෝ නීතිඥවරියක වෙන්න තිබුණා. නැත්නම් ඔෆිස් එකක ජොබ් එකක් කරන්න තිබුණා.
ඇයි දැන් නීතිඥවරියක වෙන්න බැරිද?
දැන් පාඩම් කරන්න තරම් මනස පොතට යොදවන්න අමාරුයි.
දැන් මනසට මොකද වෙලා තියෙන්නෙ?
මම හිතන්නෙ තැන්පත් වෙන්න කාලය දැන් ඇවිදින්.
ඒ වෙනුවෙන්ද අද සූදානම් වන්නෙ?
පොඞ්ඩ - පොඞ්ඩ හෙමි හෙමිහිට ඊට සූදානම් වෙමින් සිටින්නෙ. තනියම ජීවිතය ගතකරන කෙනෙක් හැටියට මම මගේ ජීවිතයේ ස්ථාවරය හදාගන්න ඕනෑ. මටම කියලා තැනක් හදාගන්න ඕනෑ. හොඳ සහකාරයෙක් ජීවිතයට අවශ්‍යයි.
මේ දක්වා හොඳ සහකාරයෙක් හමුවුණේ නැද්ද?
හමුවෙලා තියෙනවා. ඒත් හිමිකරුවා හමුවෙලා නැහැ.
හිමිකරුවා කොහොම කෙනෙක් විය යුතුද?
මේ විදියයි අරවිදියයි කියලා කියන්න බැහැ. නමුත් මම හිතන විදියට දෛවයෙ ලියැවිලා ඇති කෙනා හමුවුණාම ජීවිතයේ හරි සංකලනය ඇතිවේවි.
ගෙවී ගිය ජීවිතය ගැන කොහොමද අද හිතන්නෙ?
සතුටක් තියෙනවා. තවත් වගකීමකින් වැඩ කළා නම් තවත් හොඳයි කියලත් හිතෙනවා. තාරුණ්‍යයේ සිතිවිලි එක්ක වැරදි අතපසුවීම් වෙද්දී මාව හදන්න කවුරුවත් හිටියෙ නැහැ. නමුත් තනියම පොළවේ පයගහලා, ආත්ම ගරුත්වය ඇතිව හරි විදියට කටයුතු කරලා මහන්සියෙන් ලොකු දුරක් ඇවිත් කියලා හිතෙනවා.
වැරදි හදන්න හිටියෙ නැහැ කිව්වෙ? මොනවද කළ වැරදි?
ක්ෂේත‍්‍රයට ආවේ පාසැලින් අයින්වූ විගසම වගෙයි. ඒ මුල් කාලයේදී සමහර දේ වෙද්දි මට තරහා ගියා. ඒ නිසාම අහිමිව ගිය දේ තිබුණා. සමහර වෙලාවට එදා මම ඕනෑවටත් වඩා සැහැල්ලූවෙන් හිතුවෙ. කොහොම වුණත් අද මම ඉන්නෙ හරි ට‍්‍රැක් එකේ, නැත්නම් නියම මාර්ගයේ කියලා හිතනවා.
ජීවිතයේ ඔබ ගරුකරන චරිතය?
නෙල්සන් මැන්ඩෙලා. එයා ජීවිතයේ අවසාන කාලයේදී පවා බලාපොරොත්තු අත්හැරිය කෙනෙක් වුණේ නැහැ. ඒක හරි විශිෂ්ඨ පණිවුඩයක්. බාධක කම්කටොළු තිබුණත්, ඒවාට මුහුණදී ගියොත් ජීවිතය ජයගත හැකියි. එච්චර සිරගත වෙලා හිටපු මැන්ඩෙලා හිරෙන් නිදහස්ව ඇවිත් කිව්වෙ ”මේ අපි පළිගන්න වෙලාවක් නෙවෙයි” කියලයි. එයා ආදරය කළේ හොඳට විතරමයි. එයාට එහෙම කළා කියලා එයා කොහෙන්වත් පලිගන්න ගියේ නැහැ. කොච්චර හොඳ දර්ශනයක්ද එය.
ඔබ ඔබව හදාගන්නෙ කොහොමද?
මම අත්දැකීම් වලින්ම හැදුණු කෙනෙක්. ඒ සියලූ අත්දැකීම් වෙතින් මම වඩා ශක්තිමත් වුණා. සමහරු මා ගැන හිතන්නෙ පිස්සු නටන, බොහොම සැහැල්ලූවෙන් ජීවිතය ගතකරන කෙනෙක් කියලා, ජීවිතය සුන්දරයි තමයි. ඒත් හරි ලස්සන ලෙහෙසි ගමනක් වුණේ නැහැ. අභියෝග වලින් ජයගෙන, තවමත් ජය ගනිමින් සිටින කෙනෙක්. අරමුණ අධිෂ්ඨානය සහ දැක්ම තමයි දැන් මම එල්ලය කරගෙන සිටින්නෙ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් කෙල්ලෝ. (ස)
කොටට අඳින්න පුළුවන් අය ඇන්ඳට මොනවා වෙනවද? (නි)
මොන වැරදි තිබුනත් හොඳ ගමනක් මැයට යන්න පුළුවන්.හැබැයි උඩගු වෙන්න හොඳ නැහැ.(ම)
දඟකාරයි හැඩකාරයි විතරක් නෙවේ හරිම විසේකාරයි. මම නම් හරිම ආසයි ඔයාට.(ම)
ඔයා කෙළින් කතාකරනවට මම ගොඩක් කැමතියි. (නි)
අැයි ඉතින් මේ තරම් කොටට අන්දලා. (ස)
ලස්සන යුවතියක්! (නි)
ඔයාගේ ඉන්න හැටියටනම් යන්න හදන ට්‍රැක් එක එච්චර හොද පාටක් පෙන්නේ නැ කොහොම උනත් යන ට්‍රැක් එකේ හරියට යන්න මගදී පීලි පන්නගෙන වීල් කඩා ගන්නේ නැතිව. (ර)
මට නම් වරදක් නැහැ ඒ ඇඳුමේ. කකුල් දෙක පෙනුනාට මොකද? සාරියක් ඇන්ඳහම අත්, පිට, බඩ, ඉණ සේරම එළියෙනේ. (නි)
කකුල් ලස්සන අයට කොටට ඇන්දහම ලස්සනයි. (නි)
වැඩිපුර මේක්අප් එහෙමත් නැහැ. ලස්සනයි ගැහැණු ළමයා. (නි)
සමහරු සාරි අඳින්නෙ හැට්ට නැතුවම. ඔක්කොම එළියේ. සමහරුන්ගේ කර කපනවා පුළුවන් තරම් ගැඹුරට. නොපෙන්වන්න ඕනෑ ඒවා සේරම පෙන්වනවා. මේක පහසු ඇඳුමක්. කකුල් දෙක විතරයි පෙනෙන්නේ. කකුලේ මොනවා වහන්නද? (නි)
ඇයි මේ සමහරු පැනලා බලෙන් චරිත සහතික දෙන්ඩ හදන්නේ? තමුන්ගේ වැඩක් බලාගෙන පුළුවන් නම් අනුන්ට වචනයකින් හරි උදව්වක් කරන එකයි හැදිච්ච කම. යුරනිට සුබ අනාගතයක් පතනවා. ජීවිතේ වැරදි නැති කෙනෙක් නෑ, ඒවා හදාගෙන ආත්ම ශක්තියක් ඇතුව ඉදිරියට යන්න.(ස)
ඩුබායි ඇවිත් හිටපු හොටෙල් එක කා එක්කද හිටියේ කියන්නද එපාද? ඕනෙ නම් රූම් නම්බර් එක එක්කම කියන්න පුළුවන්. මෙයා ගියේ එසේ මෙසේ වැරදි පාරක නෙමෙයි (බ)
දඟකාරයි හැඩකාරයි... (නි)
මමත් හරි කැමතියි.දඟකාරයි.හැඩකාරයි (නි)
මුණත් හොඳයි (බ)
කව්රු මොනවා කිව්වත් ඔයා ලස්සනයි නංගී. ඔය වයසට ඔහොම අදින්නේ නැතුව කොහොම අඳින්නද ? (නදී)
දැන් ගොඩක් දවසක ඉඳන් මේකමනේ තියෙන්නේ. වෙන කෙනෙක් ගැන නැද්ද? නැත්නම් මේ අසරණීගෙ කකුල්වලට ඇස්වහ වැදෙයි (බ)
කසාදයක් කරගන්න කාලේ දැන් හරි (නි)
කකුල් බලන්න අකමැති අය නොබලා ඉන්න (නි)