IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කූඹි කැළේ බබාගේ මව අල්ලයි

අනියම් සැමියාද සමඟ එක්වී උපන්  හැටියේ දරුවෙකු දින තුනක් තිස්සේ  මාතර  බ්‍රවුන්ස් හිල් ලඳු කැළැවක දැමු බව කියන තුන් දරුමවක  ඌරුබොක්කේදි සැකපිට අත්අඩංගුවට ගත්බව ඌරුබොක්ක පොලිසිය කියයි. කූඹියන්ගේ දෂ්ඨ කිරීමට ලක්වු දරුවා දැන් සුවසේ මාතර රෝහලේ පසුවෙයි දරුවාගේ මව වෛද්‍ය පරීක්ෂණයකින් පසුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණවිමට නියමිතය



අදහස් (0)

කූඹි කැළේ බබාගේ මව අල්ලයි

රජන්ත Sunday, 01 April 2012 06:15 PM

ඔය වගේ අම්මලට සීනි දාලා වෙඩි තියන්න ඕනේ කූඹි කාලා මැරෙන්න.

:       0       0

ජයකොඩි Sunday, 01 April 2012 07:01 PM

කපන්න ඕනේ.

:       0       0

රංගා ශානි. Sunday, 01 April 2012 07:06 PM

අනේ මෙහෙමත් අම්මලා. දෙන්න එපා දරුවා අම්මට

:       0       0

නිස්සංක Sunday, 01 April 2012 07:38 PM

විවාහයෙන් පසු පමණයි බිරිදක් හෝ සැමියෙක් වන්නේ. තෙවැනි පාර්ශයක් ඇති වුවහොත් එය පීඩාවිදින දෙයක්.

:       0       0

චන්දවිමල හිමි. Sunday, 01 April 2012 07:39 PM

ඔය අම්මණ්ඩිගේ කිරිත් විස ඇති. මෙහෙමත් අම්මලා. ප්‍රේත වස්තුවට තවත් කතාවක් මේක. හරිම අප්‍රසන්නයි.

:       0       0

සෙනරත් යාපා Sunday, 01 April 2012 08:33 PM

ගහක බැදලා ලොකු දිමිගොට්ටක් දාන්න ඕනේ මේ ගෑණිට, කවදාවත් දරුවෝ නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

:       0       0

දළු බණ්ඩා Sunday, 01 April 2012 09:03 PM

ඒක එක කථාවක් විතරයි. තව කොයි තරම් අම්මලා දරුවෝ දාල යනවද ? මැරෙනවද ? ඇයි මේකට හේතුව ? විසදුම මොකක්ද ? රජයට බරයි.

:       0       0

මාලදිවයිනේ සිට, චූලරත්න Sunday, 01 April 2012 09:34 PM

ඔයවගේ ගෑණු ලංකාවෙන් තුරන් කරන්න ඕන. අපේ රටට ආදර්ශයක් වෙන්න ලංකාවේ කියන්නත් පිළිකුල්.

:       0       0

ජූඩ් -ජේ පැරිස් නුවර සිට Sunday, 01 April 2012 09:39 PM

දරුවාව මරන්න හිතක් අපු නැති එක්ක ,පුදුම වැඩක් ..මෙවන් දේවල් ඇසීමට නොලැබේව ..!!!!

:       0       0

උදයකාන්ත , ඇෆ්ගනිස්ථානයේ සිට Sunday, 01 April 2012 09:51 PM

එයා කළ අපරාධයට බුද්ධාගමේ හැටියට මේ ආත්මයේදීම පඩිසන් දෙනවා.

:       0       0

සමන් ඩුබායි. Sunday, 01 April 2012 09:52 PM

අම්මා බුද්ධියෙන් අඩු ඇති. දරුවා මෙළොවට බිහි කළ පින ඇයට තියෙනවා. එයා හොරෙන් හරි කිරි දෙන්නත් ඇති.

:       0       0

ඩිල්ශාන් Sunday, 01 April 2012 09:59 PM

මේ අපේ සමාජයේ දේශපාලනික වශයෙන් සිදුවන විනාශය පිළිබද විශාල චිත්‍රයයි. ජීවත් වන්න සල්ලි නැහැ. ජනතාවට මානසිකව සහ ආර්ථික වශයෙන් සුවදායී ජීවිතයකට රජයෙන් කිසිදු සහ‍යෝගයක් නැත. අපේ මිනිසුන්ට සිදුවන්නේ මියයන්නට පමණි. මෙය ඉතාමත්ම කණගාටුදායක පුවතක්. නමුත් මේ එහි ප්‍රථම පුවතත් නොවේ.

:       0       0

ප්‍රේම් Sunday, 01 April 2012 10:21 PM

නිසි දඩුවම් දෙන්න ඕන, ඔය වෙගේ අය රටටම වදයක්.

:       0       0

මොහොමඩ නිසාම් Sunday, 01 April 2012 11:52 PM

.මෙවන් දේවල් ඇසීමට නොලැබේව ..!!!!

:       0       0

සාගා Monday, 02 April 2012 12:30 AM

ඩිල්ශාන් හරි.

:       0       0

මනෝෂ් Monday, 02 April 2012 12:35 AM

මොවුන්ට නිසි දඩුවම් දිය යුතුයි.

:       0       0

සුරේකා Monday, 02 April 2012 12:58 AM

දෙන්නම පව්.

:       0       0

නලින් Monday, 02 April 2012 03:48 AM

මේ වගේ දේවල් වලට රජයට බැනලා වැඩක් නැහැනේ. මොකද රජය කියලා නැහැ අනියම් සම්බන්ධකම් හදාගෙන ළමයි බිහි කරන්න කියලා. සමහරුන්ට ප්‍රශ්නයක් හරියට තේරුම්ගන්නවත් බැරි බව තමයි මට නම් පේන්නේ. කොහොම වුනත් මේ වගේ ගෑණුන්ට නම් නිසි දඩුවම් ලැබෙන්න ඕනෑ.

:       0       0

ප්‍රභාත් Monday, 02 April 2012 04:26 AM

කතෝලික පල්ලියට බය නොවී ආණ්ඩු‍ව ගබ්සාව නීති ගත කළොත් මේවා අඩු වේවි. ඉපදිලා දුක් විදිනවට වඩා හොදයි ගබ්සා කරන එක.

:       0       0

අජන්ත Monday, 02 April 2012 04:59 AM

ඩිල්ශාන්ට පිස්සු. මේක එහෙම එකක් නෙවෙයි. හොරකම වහගන්න කළ දෙයක්. සංස්කෘතියට පටහැනි නිසා.

:       0       0

සෝමා Monday, 02 April 2012 06:01 AM

දරුවගේ තාත්තට හෙන ගහලද ? ඒකා කොහේ ගිහින්ද ? ඒ කාලකණ්ණියාට දරු කැක්කුමක් නැද්ද ?

:       0       0

සමිත් Monday, 02 April 2012 06:06 AM

අම්මයි තාත්තයි දෙන්නම අල්ලලා නිසි දඩුවම් දිය යුතුයි.

:       0       0

රොශාන්ත Monday, 02 April 2012 07:06 AM

ඩිල්ශාන් ඔබ හරි. ඔබ සදහන් කල කරුණුත් මේවට බලපානවා.

:       0       0

සංජය දිසානායක Monday, 02 April 2012 07:21 AM

අම්මට මාර වැඩේ තමයි. දරුවගේ ලග තියාගත්තොත් අවජාත‍කයෙක් බිහිකරපු ගෑණි කියලා බැනලා දරුවව ඉස්කෝලෙකටවත් ගන්නේ නැතුව කොන් කරනවා. ඒකෙන් බේරෙන්න දරුවව ඈත් කලොත් යක්ෂ ගෑණි කියලා බණිනවා. මේ තත්වෙට පත්කරපු සමාජයට බනින්න කවුරුත් නැහැ.

:       0       0

තරිදු Monday, 02 April 2012 07:26 AM

මරන්නම ඕන කපල නෙවෙයි.

:       0       0

සසර Monday, 02 April 2012 08:18 AM

සංජය දිසානායක, ඔය කියන දේත් ඇත්තක් තියෙනවා. ඕකට සම්බන්ධ පුරුෂයාට කවුරුත් මොනවත් කියන්නේ නැහැ. මම නම් කියන්නේ හැම වැරදි ගැහැණියක් පිටිපස්සේ වැරදි පිරිමියෙකුත් ඉන්නවා.

:       0       0

හේවින් සුජිත Monday, 02 April 2012 08:20 AM

මෙතන වරදක් තියෙනවා තමයි. හැබැයි එම වැරැද්ද කරන්නත් හේතුවක් ඇති. මම අම්මා කරපු වැඩේ සාධාරණීකරණය කරනවා නෙමෙයි. ඒත් අම්මට බණින අය එයා දරුවා දාල ගිය හේතුව හොනවනම් තමයි හරි. මගේ ප්‍රතිපත්තිය මේ වගේ නිවුස් අහන්න නොලැ‍බේවා කියන එකයි.

:       0       0

ඩබ්.ඒ.ප්‍රභාත් Monday, 02 April 2012 08:34 AM

කරන්න ඕන හොදම දේ තමයි අම්ට දරුවා හදාගන්න බැරිනම් හදාගන්න පුළුවන් කෙනෙකුට දෙන්න. පවු දරුවගේ අනාගතය.

:       0       0

චන්දු Monday, 02 April 2012 08:53 AM

යකෝ. දිල්ශාන්ට ආච්චි වැහිලද ? ළමයි හදලා කැලේ දාලා යන එකටත් රජය පලිද ? එහෙනම් ‍හැම අම්මම දරුවෝ කැලේ දාලා යන්න ඔ්න ආර්තික ප්‍රශ්න කියලා. ඩිල්ශාන් හරි කියලා තියෙන්නේ ප්‍රශ්නේ මොක වුනත් ආණ්ඩුවට ගහන්න බලාගෙන ඉන්න රනිල්ගේ එහෙයියෝ ටිකක්.

:       0       0

පිස්සා Tuesday, 03 April 2012 09:02 AM

මචං දිල්ෂාන්ට මොකුත් කියන්න එපා. මහේල අයිමත් කැප්ටන් උනනිසා දිල්ෂාන් ඉන්නෙ අප්සෙට් එකේ.. හික්ස්

:       0       0

Nirmala Tuesday, 03 April 2012 09:09 AM

ඩිල්ශාන්, සංජය දිසානායක, හේවින් සුජිත ඔයාලා හරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 423 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 91 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 314 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 748 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 435 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 716 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1398 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site