හබරාදූව ප්‍රාදේශීය සභා කණ්ඩායම හා ගාල්ල මහ නගර සභා කණ්ඩායම අතර කොග්ගලදී පැවැති කඹ ඇදීමේ තරගයකින් ගාල්ල මහ නගර සභාව ජය ගැනීමෙන් පසුව ඔල්වරසන් දුන් ක්‍රීඩකයකුට හබරාදූව කණ්ඩායමේ පහරදීමකින් දත් දෙකක් කැඩී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි.
ඔහු පොලිසියට කියා ඇත්තේ හබරාදූව ප්‍රාදේශීය සභාපති ද තමාට පහර දුන් බවයි.
හබරාදූව ප්‍රාදේශීය සභාපති ඩිල්ෂාන් විදානගමගේ මහතා පැවසුවේ තමා කිසිවකුට පහර නුදුන් බවයි. කඹ අදින කණ්ඩායමේ අට දෙනා අතර තමා ද සිටි බවත්, කඹ ඇදිල්ලේ වීඩියෝ දසුන් තමා සතුව ඇති බවත්, ගහ ගත්තේ කඹ ඇද්ද පිරිස නොව බලා සිටි පිරිසක් බවත් සභාපතිවරයා පවසයි.
එහි සිටි තවත් අය පැවැසුයේ පහරදීම සිදු වූ අවස්ථාවේ සභාපති වේදිකාවේ සිටි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් පුදුමාකාර ගුටි සංස්කෘතියක් (නි)
අද කාලේ අය බොහොමයක් ඉතින් ඔහොමම තමයි! (නි)
මතු ආත්මයකදීවත් මොවුන් නැති ප්‍රදේශයක උපදින්න ලැබේවා! (නි)
කඹ ඇදිල්ල ට ගිහින් කඹ කාපු කතාවක්.(හේ)
ලබන පාරත් දීලා පත් කර ගමු. ඕක තමා මුලික සිද්දන්තය වෙන එකෙකුට දිනන්න දෙන්න බෑ.(හේ)
බලවතා විසින් දුබලයාට හිරිහැර කිරීම ලංකාවට උරුම වූ දෙයක්.(හේ)
ගුටි සංස්කෘතිය ලංකාවේ දේශපාලකයින්ට අවේණික වුවකි. විශේෂයෙන්ම ප්‍රාදේශීය දේශපාලකයින්ට. (නි)
ජය පරාජය විඳගැනීමට නොහැකියාව නේද මේ හැමදේටම මුල? (නි)
පරදින අය කොහොමත් දිනපු කෙනාට ගහලා හරි දිනනවා. හරියට ලංකාවේ ඡන්ද වගේ (නි)
ප්‍රාදේශීය සභාවලට මිනිසුන්ට ගහන,මරන බලයක් ලැබුණේ කොහොමද? (නි)
ඔය පැත්තේ ඉන්නෙම ඔය වගේ ජය පරාජය උදාර විදිහට බාරගන්න පුළුවන් වීරයෝ තමයි. ලංකාවේ ශ්‍රී නාමය බැබළේවා! ඔහොම යමු (නි)
ගහන්නමයි ඕනෑ අනුන්ගේ නගර සභාවල කඹ අදින්න යනවාට. (නි)
සභාපතිම කියනවා ඔහු කඹ අඳින ස්ථානයේ සිටියා කියා.කොහොමද අනෙක් අය කියන්නේ වේදිකාවේ හිටියේ කියලා? (නි)
ඔය වාගේ දේවල් ලංකාවේ සිදුවෙන නිසා කටපියාගෙන ඉන්නනේ තිබුනේ. පව් අහිංසකයාගේ දත් දෙක. (නි)
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
සභාපති හිටපු තැන නෙවෙයි ප්‍රශ්නය. පහරදීම සභාපති හෝ එයාගේ අනු දැනුම මත වුනාද කියන එක. එ් අස්සේ තව පිරිසක් බොර දියේ මාළු බානවා. (බ)