හබරාදූව ප්‍රාදේශීය සභා කණ්ඩායම හා ගාල්ල මහ නගර සභා කණ්ඩායම අතර කොග්ගලදී පැවැති කඹ ඇදීමේ තරගයකින් ගාල්ල මහ නගර සභාව ජය ගැනීමෙන් පසුව ඔල්වරසන් දුන් ක්‍රීඩකයකුට හබරාදූව කණ්ඩායමේ පහරදීමකින් දත් දෙකක් කැඩී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි.
ඔහු පොලිසියට කියා ඇත්තේ හබරාදූව ප්‍රාදේශීය සභාපති ද තමාට පහර දුන් බවයි.
හබරාදූව ප්‍රාදේශීය සභාපති ඩිල්ෂාන් විදානගමගේ මහතා පැවසුවේ තමා කිසිවකුට පහර නුදුන් බවයි. කඹ අදින කණ්ඩායමේ අට දෙනා අතර තමා ද සිටි බවත්, කඹ ඇදිල්ලේ වීඩියෝ දසුන් තමා සතුව ඇති බවත්, ගහ ගත්තේ කඹ ඇද්ද පිරිස නොව බලා සිටි පිරිසක් බවත් සභාපතිවරයා පවසයි.
එහි සිටි තවත් අය පැවැසුයේ පහරදීම සිදු වූ අවස්ථාවේ සභාපති වේදිකාවේ සිටි බවයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කඹ අදින්න ගිහින් දත් කැඩෙන්න ගහලා
උදාර Friday, 14 November 2014 04:24 AM
මේක නම් පුදුමාකාර ගුටි සංස්කෘතියක් (නි)
වෙදගේ Friday, 14 November 2014 04:40 AM
අද කාලේ අය බොහොමයක් ඉතින් ඔහොමම තමයි! (නි)
රොකී Friday, 14 November 2014 02:10 PM
මතු ආත්මයකදීවත් මොවුන් නැති ප්‍රදේශයක උපදින්න ලැබේවා! (නි)
සිරිසේන Thursday, 13 November 2014 03:43 PM
කඹ ඇදිල්ල ට ගිහින් කඹ කාපු කතාවක්.(හේ)
බන්දුල සිල්වා Thursday, 13 November 2014 03:45 PM
ලබන පාරත් දීලා පත් කර ගමු. ඕක තමා මුලික සිද්දන්තය වෙන එකෙකුට දිනන්න දෙන්න බෑ.(හේ)
චානක. Thursday, 13 November 2014 04:32 PM
බලවතා විසින් දුබලයාට හිරිහැර කිරීම ලංකාවට උරුම වූ දෙයක්.(හේ)
ධම්ම Thursday, 13 November 2014 05:52 PM
ගුටි සංස්කෘතිය ලංකාවේ දේශපාලකයින්ට අවේණික වුවකි. විශේෂයෙන්ම ප්‍රාදේශීය දේශපාලකයින්ට. (නි)
ටිකිරි Thursday, 13 November 2014 06:27 PM
ජය පරාජය විඳගැනීමට නොහැකියාව නේද මේ හැමදේටම මුල? (නි)
අසෝක් Thursday, 13 November 2014 07:48 PM
පරදින අය කොහොමත් දිනපු කෙනාට ගහලා හරි දිනනවා. හරියට ලංකාවේ ඡන්ද වගේ (නි)
වසන්ත Friday, 14 November 2014 12:30 AM
ප්‍රාදේශීය සභාවලට මිනිසුන්ට ගහන,මරන බලයක් ලැබුණේ කොහොමද? (නි)
මැතිව් Friday, 14 November 2014 01:16 AM
ඔය පැත්තේ ඉන්නෙම ඔය වගේ ජය පරාජය උදාර විදිහට බාරගන්න පුළුවන් වීරයෝ තමයි. ලංකාවේ ශ්‍රී නාමය බැබළේවා! ඔහොම යමු (නි)
සජාන් Friday, 14 November 2014 10:21 PM
ගහන්නමයි ඕනෑ අනුන්ගේ නගර සභාවල කඹ අදින්න යනවාට. (නි)
චානක. Friday, 14 November 2014 01:31 AM
සභාපතිම කියනවා ඔහු කඹ අඳින ස්ථානයේ සිටියා කියා.කොහොමද අනෙක් අය කියන්නේ වේදිකාවේ හිටියේ කියලා? (නි)
රෙජි-සිඩ්නි Friday, 14 November 2014 02:52 AM
ඔය වාගේ දේවල් ලංකාවේ සිදුවෙන නිසා කටපියාගෙන ඉන්නනේ තිබුනේ. පව් අහිංසකයාගේ දත් දෙක. (නි)
කසුන් Friday, 14 November 2014 03:21 AM
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
නිශාන්ත Friday, 14 November 2014 03:38 AM
සභාපති හිටපු තැන නෙවෙයි ප්‍රශ්නය. පහරදීම සභාපති හෝ එයාගේ අනු දැනුම මත වුනාද කියන එක. එ් අස්සේ තව පිරිසක් බොර දියේ මාළු බානවා. (බ)