(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය  වර්ණ විභේදන යන්ත්‍ර ලබා ගැනීම සඳහා කම්හල් හතරකට  ලබාදී තිබූ  හැට ලක්ෂයකට ආසන්න වටිනා ණය මුදලක් 2020 වර්ෂය තෙක්ම  අය  කරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය   බිම් සැකසීම සඳහා 2012 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා  හෙක්ටයාර්  7077 කට සහනාධාර මුදල් ගෙවා තිබුණද නැවත වගාව  කර ඇත්තේ   හෙක්ටයාර්  5244ක පමණක්  බව එම  විගණන වාර්තාවේ සඳහන් වේ.