මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අයි අන්සාර් මහතාට පහර දුන් බවට සැකපිට 5 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදේශ අමාත්‍යංශ ආරංචි කියයි.
ඔහුට පහරදුන් සිව් දෙනෙකු සොයන බවත් ඔහුට පහර දී ඇත්තේ අවුරුදු 27-57 වයසේ පුද්ගලයින් බව ක්වාලාලාම්පුර පොලිසිය කියයි.
ඔවුන් කොටි සංවිධානයේ සාමාජිකයින්ද, කොටි සංවිධානයෙන් ඔවුන්ට අරමුදල් සපයන්නේද බව සොයා බලන බව මලයාසියාව පවසයි.
මේ වන විට මහ කොමසාරිස්වරයාට පහරදීමේ සිදුවීම ඇතුළත් වීඩියෝ පටයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතීන් අතර සංහිඳියාව ගැන මහා ලොකුවට කතාකරන අයට මේවා හොඳ පාඩම් (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
අපේ සිංහල මිනිසුන්ට සුමාන දෙකෙන් මතක නැතිවුණාට අනෙක් අයට අමතක වෙන්නේ නැහැ. (නි)
ඇයි මොවුන් විතරක්? අපේ හාමුදුරුවරුන්ටත් විදේශයන්හිදී විවිධ කරදර සිදුවුණා නේද? (නි)
හා හා එහෙම කියන්න එපා. මේවා සමහරුන්ට සංහිදියාවේ සංකේතනේ. එයාලට බනිනවා එහෙම නෙමෙයි හොඳේ (නි)
බුද්ධි අංශය බිඳවැටුනම ආරක්ෂාව නැතිවෙන බව තේරෙන්නෙ නැද්ද? දැන් ඒක පාරාවළල්ලක් වුණා නේද ඒ අයටම? උතුරේ හමුදා කඳවුරු නැතිවුණාම මොනවා වෙයිද දෙය්යො තමා දන්නෙ. හැබැයි එතකොට පමා වැඩිවෙයි. (නි)
මුදල් වියදම් කර කරනලද කොන්තරත්තුවක් ඉදිරියේදී දැනගත හැක. (ර)
මේ තත්වය යිදිරියේ බයානකයි වහාම බලදාරින් මේ ගැන දැඩි පියවරක් ගන්න. (ර)
මොන සංහිදියාවක් දුන්නත් ජන්මේ වෙනස් වෙන්නේ නෑ. (ර)
එතුමාට ආරක්ෂකයන් නොමැතිවද පැමිණ සිටින්නේ. (ර)
මෙය කාගේ හෝ උවමනාවකට සිද්ද වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්... (ර)
මෙය කිසිසේත්ම අනුමත කල නොහැකි දෙයක්. (ර)
ඉතාම නීච ක්‍රියාවක් මේක. (ර)
කොටිනම් වෙන්න බෑ. කොටි කියන්නේ සහජිවනෙට, සන්හිදියාවට බර හරිම අහිංසක ජන කොටසක්නේ. (ර)
ජාත්‍යන්තර සහයෝගය..... (ර)
මේ සම්බන්ධව එජාප ඇමතිවරයෙක් කීවේ මෙය මහින්දගේ තවත් සංදර්ශනයක් බවයි. ලංකා රජය අද මෙවන් පහත් තත්වයකට ඇද වැටී ඇත .ඉතාම කනගාටු යි . සිංහල වර්ගයා තම ජාතියේ විනාශය සඳහා ඉදිරියටත් කටයුතු කරනු නොඅනුමානය (බ)
අර අහවලා කියන විදිහට නම් කොටි ඩයස්පෝරාව හරිම අහිංසකයි. මේක රාජපක්ෂගේ වැඩක් කියයිද දන්නෙත් නැහැ. (නි)
අපේ රටේදී මෙහෙම දෙයක් වුණා නම් මෙලහට රටට ආර්ථික සම්බාධකත් දාලා ඉවරයි. කොහොම වුණත් අපේ රටේ අනාගතය ගැනත් මේකෙන් කියවෙන දේ බොහෝයි. (නි)
මේ ගහපු මිනිස්සු කවුද කියලා දන්නා කිසිම කෙනෙක් නැද්ද? (නි)
සුසන්ත, මලයාසියාවේ ද්‍රවිඩයින් කරන වැරදි වලට ශ්‍රී ලාංකික දමිළ ප්‍රජාව හෝ ලංකා රාජ්‍ය පළි නැහැ (නි)
මෙහි සිටින ආරක්ෂකයින් මැදිහත් වෙන්නෙත් හරිම බයෙන්නේ (නි)
ළඟදීම අපිට ඇත්ත දැනගන්න ලැබේවි (නි)
අනේ ඇත්ත සුසන්ත. ඒ අය හරිම අහිංසකයි. ජනක කියන්නෙත් ඇත්ත. කෙනෙකුගේ උවමනාවට තමයි එහෙම වෙන්නේ. ගුටිකන්නේ ආශාවට නොවෙන බව මොන මෝඩයටද නොතේරෙන්නේ. (නි)
අපි බලමු ගරු විදේශ ඇමතිතුමා මේ සම්බන්ධයෙන් ගන්නා පියවර (නි)
ඔහොම යමු ඔහොම යමු! (නි)
මේක අර අපේ උපවාස මහත්තයාට අනුව නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (නි)
ඔබට සතුටුයිද දැන්! (නි)
කොන්ත්‍රාත් එක, ලංකාවේ ජනතාවට අනාගත බියක් දනවලා බලය ලබාගන්න පුළුවන් කියා හිතන අයගේ වැඩක් වෙන්න පුලුවන් (නි)
බලලෝභී පුද්ගලයන් නැතිවූ බලය ලබා ගැනීමට ඕනෑම නීච ක්‍රියාවක් කිරීමට වුවද පෙලෙඹෙනු ඇත (බ)