බ්‍රිතාන්‍යයේ අති සුඛෝපබෝගී කමිස නිපදවන ‘බර්බෙරි‘ කමිස ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපානඥයන් අඳින බව ලන්ඩන් ආරංචි කියයි.
තරුණ දේශපාලනඥයකු මෑතදී බර්බෙරි කමිසයක් ඇඳගෙන රූපවාහිනී සාකච්ඡාවකට එක්වූ බව කියති. එම කමිසයේ මිල ඩොලර් 344 ක් (ශ්‍රී ලංකා රුපියල් 48000ක්) පමණ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද ආඩම්බර? (නි)
ලංකාවේ දියුණුව නේ ...(බ)
අයියෝ! ඕවා නම් මොනවද අනේ? (නි)
දියුණු රටක නම් තම කැමැත්තට ඔිනෑම සුඛෝපභෝගී දෙයක් පරිහරණය කරන එක ගැටලුවක් නොවේ. හේතුව ඒ මිනිස්සු අඳින්නේ තමන් උපයපු දේ වලින්. නමුත් අපේ එවුන් උජාරුවට නැති නාස්ති කරන්නේ මහජනතාව හූරලා ගන්න සල්ලි වලින්නේ. (ස)
48000 දාහේ කමිසයක් ගන්න පුළුවන් ගොඩක් දෙනාට (බ)
මෙයා ඉස්සර හරිම විප්ලවකාරය. වටිනා ජංගම දුරකථන හිමිකරුවෙක්. (බ)
අන් අයගේ සැපතට ඊර්ෂියා නොකරනු. ලබන සැරෙත් හොරුන්ව යවමු. ජයවේවා ලක් මවුණි (බ)
මමත් අඳිනවා ඒ ජාතියේ ඒවා .... (නි)
දුප්පත් මිනිස්සු හැමදාම කබලෙන් ළිපට! (නි)
අපිට බැරි බැරි වුනාට ඒගොල්ලන්ට බර්බේරී (බ)
අනේ මේවත් ප්‍රශ්නද අප්පා.පෙට්ටගම් වල සල්ලි පුස්කකා පොදි ගහගන්නවට වැඩිය කාල බිලා ඇඳල සැපසේ ජිවත් වෙලා මැරුණත් මොකද? (ස)
ඉතින් ඒ අයට අඳින්න පුළුවන් නම් අපිට මොකෝ?දේශපාලනඥයකු කියන්නේ සල්ලිකාරයෙක්නේ. හොඳ වැටුපක් ලැබෙන කෙනෙක් අධික මිල ඇඳුමක් ඇඳලා රූපවාහිනී සාකච්ඡාවට එක්වුණේ රටේ සෞභාග්‍යය පෙන්වන්න වෙන්න ඇති. නැත්නම් උජාරුවට වෙන්න ඇති. තව තවත් මෙවැනි සම්පත් ලබාගැනීම සඳහා මෙවැනි අය මැති සබයට යවමු. (නි)
මම නම් කියන්නේ මේ අය මේ දේවල් ගන්න ඕනේ. එතකොට තමයි ළඟ තියෙන සල්ලි සංසරණය වෙන්නේ. ගන්නේ නැතුව හිටිය කියල කාටවත් නිකන් දෙන්නේ නෑනේ. ගත්තහම ෂර්ට් ගේන අය, විකුණන අය, කස්ටම් ඩියුටි, වගේ දේවල් වලටත් බෙදෙනවානේ. තියන නිසානේ ගන්නේ. වැඩි වැඩියෙන් ගන්න කියන්න. (බ)
ලංකාවේ ඕවා ගන්ඩ තියෙන්නේ මොන කඩේද. (ස)
කොයි කාගේත් කෙරුවාව ඔහොම තමයි. දුප්පතා හැමදාමත් දුකේ! (නි)
ලංකාවේ රෙදිපිළි කඩ වලින් ඕනෑම ජාත්‍යන්තර බ්‍රෑන්ඩ් එකක් ගන්න පුළුවන්. ලංකාවේ ගාමන්ට් වලින් ඕනෑතරම් ලේබල් එළියට යනවා. ඒ වුණත් ඒවා ඔර්ජිනල් නෙමෙයි. පිටරට ඉන්න අය හිතන්නේ, මේ හුඟක් ගණන් බ්‍රෑන්ඩ් කියලා. (නි)