ශ්‍රි ලංකා රජයේ ආයතනයක් වන රක්නා ලංකා ආරක්ෂක සමාගම අවි ආයුධ මිලදී ගෙන විකිණිමේ සිද්ධිය ගැන සොයනවා මිස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගැන නොසොයන බව බරපතල වංචා සහ දුෂණ පිළිබඳ ජනාධිපති පරික්ෂණ කොමිසමේ සහාපති විනිසුරු ප්‍රිතී පද්මන් සුරසේන මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.
ගාලු වරායේ තිබු අවි නැව පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මේ වන විට රහස් පොලිසිය , මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අවස්ථා තුනකදී ප්‍රශ්න කර ඇති හෙයින් එම කරුණු පිළිබඳව කොමිසම හමුවේදීත් ප්‍රශ්න නොකරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි අනිල් සිල්වා සහ ජනාධිපති නිතිඥ අලි සබ්රි යන මහත්වරුන් ඉල්ලා සිටි අවස්ථාවේදී කොමිසමේ සභාපති විනිසුරුවරයා මේ බව දැනුම් දුන්නේය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති සුරසේන (සභාපති), අමේන්ද්‍ර සෙනෙවිරත්න, විකුම් කළුආරච්චි,ගිහාන් කුලතුංග සහ විශ්‍රාමික විගණකාධිපති පි.ඒ.පද්මතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පරික්ෂණ කොමිසම රැස් වු අවස්ථාවේදී එහි සාක්කි විභාග කිරිමට පෙර කොමිසමේ අධිකරණ බලය පිළිබඳ මුලික විරෝධතාවයක් එක් කිරිමට අවශ්‍ය බව රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරු දැනුම් දුන්හ.
රක්නා ලංකා සමාගමේ සිදු වී ඇතැයි කියන බරපතල වංචා සහ දුෂණ සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අතර එහි අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ අනිල් සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් රක්නා ලංකා සහ ඇවන්ගාඩ් සමාගමේ තුවක්කු ප්‍රශ්නය පිළිබඳව රහස් පොලිසිය පරික්ෂණයක් පවත්වා ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කළ යුතු බව නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි කීවේය.
ජනාධිපති නිතිඥ අලි සබ්රි මහතා කරුණු ඉදිරිපත් කරමින් ගාලු වරායේ අවි නැව පිළිබඳව රහස් පොලිසිය මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වැනි ආයතන තුනක් තම සේවාදායකයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇතැයි පැවසුවේය.
ආයුධ ගැන රහස් පොලිසිය කළ පරික්ෂණ පිළීබඳව නිතිපතිවරයා තීරණය ගෙන ඇති හෙයින් ඒ පිළිබඳව විමසිමට කොමිසමට බලයක් නැතැයි ද එමෙන්ම හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද හමුදාවට අවශ්‍ය භාණ්ඩ
“ හයිකොප් ” ආයතනයෙන් මිලදී ගෙන වංචා කරන ලදැයි කියන සිද්ධියට අදාළව යුදාධිකරණය හමුවේ නඩු පවරා ඒ චෝදනාවට ඔහු වරදකරු කර දඩුවම් නියම කළ පසු ඔහුට එරෙහිව චෝදනාව එකම මහාධීකරණය හමුවේ නිතිපතිවරයා විසින් නඩු පවරනු ලැබු විට එය විභාග කළ හිටපු මහාධීකරණ විනිසුරු අනිල් රාජපක්ෂ මහතා එකම චෝදනාව යටතේ එකම පුද්ගලයකුට එරෙහි අධිකරණ දෙකක නඩු පැවරිමට හැකියාවක් නැති බව පවසමින් මහාධිකරණය හමුවේ පවරනු ලැබු නඩුවෙන් ඔහු නිදොස් කර නිදහස් කළේය.
රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා කොමිසම අමතමින් රක්නා ලංකා ආරක්ෂක අවි ආයුධ මිලදී ගෙන විකුණුවේ කෙසේ දැයි පමණක් මෙම කොමිසම විමර්ශනය කරනු ලබන නමුත් ඇවන්ගාඩ් පිළිබඳ සෙවිමට තමන්ට අදහසක් නැතැයි කීවේය.
දෙපාර්ශවයෙන්ම කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල අධිකරණ බලය පිළිබඳ ඇති විරෝධතා ලිඛිතව ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශවයටම දැනුම් දුන්නේය.
(විනිසුරු මඩුල්ල - වමේ සිට දකුණට : මහාධිකරණ විනිසුරු අමේන්ද්‍ර සෙනෙවිරත්න මහතා, කොමිසමේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා, විකුම් කළුආරච්චි මහතා, විශ්‍රාමික විගණකාධිපති පී.ඒ.පද්මතිලක මහතා, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයන්ත ගණන්ගන්න එපා ගෝඨාභය කරපු වැඩ කොටස දන්නේ හමුදාවේ අපේ වීරයෝ .හමුදා සාමාජිකයෙක් ඉන්නන පවුලකින් අහන්න ගෝඨා කවුද කියල .යුද්දෙට සතපහකින් දායක නොවුන අය කියන ඒවා ගණන් ගන්න එපා.සපත්තු නිල ඇදුම් වැස්සට තෙමිලා කොල්ලන්ගේ කකුල් කුනුවෙනකොට කන්ටේනර් පෙට්ටි වල හීටර් හයි කරලා ඇදුම් වේලලා දුන්න මුළු සංග්‍රාම භූමියේම මේක කෙරුණා .හිටපු හමුදා නිලධාරියෙක් විදිහට සහ පරිපාලන නිලධාරියෙක් විදිහට එතුමා සම්බන්ධීකරන කටයුතු ඉතාම ඉහලින් කලා වැඩිය ඕනේ නැහැ සරත් ෆොන්සේකාව හමුදාපති කළෙත් මෙතුමනේ (බ)
ගාමිණී විජිත් දර්ශන රේණුක වගේ බොලද අදහස් ඇති අය නිසා තමා රටට රජයත් විපක්ෂයත් ඒකක් වුනේ නිකන් කාලය කන්න ලියන්න එපා (බ)
ගෝඨා ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්. අපහාස එපා (නි)
සිංහල ශ්‍රේෂ්ඨ නායකයන්ව එකින් එක බිලිගන්නවා. (නි)
මේ නඩුව හරියට සිදුවුණොත් ගෝඨාට කුමක් වේද? (නි)
මම හිතාහිටියේ මටයි පිස්සු කියලා. එහෙත් බලොගෙන යද්දී ජයන්තටයි, පහන්ටයි, මහීටයි තමයි පිස්සු (නි)
බලය පාවිච්චි කර අකටයුතුකම් කරන්න පුලුවන්ද?රට බේරාගත්තා කියලා බේරාගත්ත රට පවුලේ බුදලයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන් කියලද ඔවුන්ට කඩේ යන අය කියන්නේ? (නි)
රටක දියුණුවට නව කර්මාන්ත ආරම්භ කළයුතුයි.නමුත් නිසි ආකාරයෙන් එහි සම්පත් රට තුළට ගලා යායුතුයි.නමුත් මේවා ඇදී යන්නේ එකම පවුලක් හා එක රොත්තක් වටා පමණයි.එවිට කොහොමද රටේ සංවර්ධනයක් ඇතිවෙන්නේ?බලය අතේ තියාගෙන කරන ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කරන්න සාමාන්‍ය ජනයා බයයි.එමනිසා ඔවුන්ට ඕනෑම දෙයක් කරන්න දී ජනතාව කට වහගෙන ඉන්නවා.එදා වුණේ එයයි.දැන් එම සේවකයන් විසින්ම රක්නා ලංකා සිදුවී තිබෙන දුෂණ හෙළිකර සිටියා.රටේ සංවර්ධනයක් ඇතිකර ගන්න ඕනෑ නම් මෙවැනි දුෂණ වළක්වා නැවත මේවා ඇති නොවීමට පියවර ගැනීම වරදක්ද? (නි)
පවුල්වාදියො කියල මඩ නෑවුවට සමහරු අපි අද පාරක බැහැලා යන්නේ මේ මනුස්සයට පින්සිදු වෙන්නයි කියන දේ කිසිවෙකු මෙනෙහි කළාද? අද කවුරු රජ කරනවාද කියන දේ නෙමෙයි වටින්නේ. මේ මිනිසා නිසා අප අනාගත පරම්පරාවට තැනක් ඉතිරිකළා කියලා අපි විඳින මානසික සැනසීම අද විඳින්නේ අපියි. එතනයි වටිනාකම තියෙන්නේ...! ඒ මේ මිනිසාගේ පරම වීර්යයයි (නි)
අපේ සමහර අයට තේරෙන්නේ නැහැ කොච්චර කිවුවත්. කවදාහරි ලංකාවටත් ඇෆ්ඝනිස්තානයට මාලදිවයිනට වුණ දේ වුණාම තේරෙයි. (නි)
ඩෙන්සිල්,මසුරන් කියමන. ප්‍රායෝගිකව වියයුත්තේත් ඒකම නේද? රට බේරාගත්තා කියන එක ඕනෑම වරදක් කළහැකියි කියලා දෙන සහතිකයක් නොවෙයිනේ (නි)
මට නම් හිතාගන්න බැහැ ඔහු වරදක් කර ඇතැයි කියා (නි)
නමුත් ඔහුට රටම ගෞරව කරනවා. (නි)
මේ අවනඩු ඉක්මණින් හමාර වෙනවා නම් හොඳයි (නි)
කළගුණ නොදත් අපේ අය ගැන දුකයි (නි)
මේකෙ අදහස් දාලා තිබෙන සමහරු තමයි වාසියට ඕනෑම දෙයක් කරන්නේ. (නි)
පහන්,ඔහු තුළ යම් ආකාරයක අයෝමය හා ස්ථිරසාර චරිත ලක්ෂණයක් තිබුනා. ඔහු හමුදා සේවය තෝරා ගත්තෙත් ඒ නිසයි. නමුත් ඔහු අනුන්ගේ හිත් පිනවීම සඳහා වැඩ කරන්න ගොස් වරද්දා ගත්තා. කොළඹ නගරය ලස්සන කරන්න ඔහු යමක් කළා. නමුත් "උඩින් ඔපේ යටින් හපේ" කිව්වා වගේ රාජපක්ෂ පවුලේ අපරාධ මුල්‍ය වංචා ඉවත්කර නම සුද්ධකරන්න යමක් නොකිරීමේ විපාකයෙන් මුළු සනුහරේම අද දුක් විඳිනවා. මට ඇත්තටම ඔහු ගැන දුකයි. නමුත් ඔහු කරන ලද වැරදි ඔප්පු වුණොත් ඔහු සිරගෙට යා යුතුමයි. (නි)
ඕනෑම තැනක යන යන තැන ගඳ ගස්වන උරුලෑවන් වැනි පිරිසක් ඇත. ඒ උරුලෑවන් ටික වෙන්කර සුදුසු තැනකට යැවිය යුතුය. එවිට ඒ ස්ථාන පිරිසිදු වනු ඇත. (නි)
අපි පාරේ බැහැලා යන්නේ සරත් ෆොන්සේකා මැතිතුමා වගේ රණවිරුවෝ නිසා මිස වෙන කවුරුත් නිසා නෙමෙයි (නි)
මට කාටවත් චරිත සහතික දෙන්න බැහැ. ඇතැම්විට වැරදි කරලා ඇති. නමුත් සරත්,මහින්ද, ගෝඨාභයට කිසිවෙක් අත නොතැබියයුතු පුද්ගලයින් විදිහට රටේ 99% ක් විශ්වාස කරනවා. පෙර වැරදි ඇත්නම් සමාව දෙන්න. (නි)
දිමුතුට ඔලුව හොඳ නැද්ද? එහෙම අත නොතැබිය යුතු මිනිස්සු කියලා ජාතියක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල නැහැ. අනෙක මේ හොරකම් කළේ ඔබේත් මගෙත් බදුමුදල්. සුදු වෑන් යවා මරාදැම්මේ අපේ රටේ පුරවැසියන්. අනෙක 99% ඔය කියන මතයේ නැහැ කියන එක ඡන්දෙදි ඔප්පුවුණා (නි)
රක්නා ලංකා ආයුධ පිටරට ත්‍රස්‌ත කණ්ඩායම් වලට වැඩි ගානට විකුණලාද කියන එක හොයන්න ඕනෑ. මේවා ආණ්ඩුවට අයිති දේවල්. (නි)
අනේ නාමල් ඔයා කියක් ගෙවලා තියෙනවද බදු හැටියට. (ම)
ගෝඨාබය කියන්නේ රටට වැදගත් වටිනා සේවයක් කරපු සිංහල නායකයෙක්ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ ශීඝ්‍රයෙන්ම සංවර්ධනය වුන අලංකාරම නගරය බවට කොළඹ පත්වීමේ ගෞරවය එතුමටයි හිමිවෙන්නේ මෙවන් රටට උදාර සේවයක් කළ සිංහල නායකයන්ට ගරහන මඩගහන මිනිස්සු වෙන්නෙත් සිංහලයමය් වැඩියෙන්ම අනුන්ගෙන විවේචනය කරන මෙවන් තිරිසන් ගති ඇති මිනිසුනේ හිතපල්ලා තමන් රටට මොකද්ද කරලා තියෙන්නේ කියල.තමන්ගේ වල තමන්ම කපාගන්න මෙවන් සිංහලයන් රටටත් ජාතියටත් ආගමටත් සාපයක්ම පමණි.සෝම හිමි අවසන් වරට කියූ දේවල් අමතක කරන්නෙපා...(බ)
පුද්ගලයා වැදගත් නැහැ.වරද ගැන හොයන්න. (නි)
ගෝටාට දොස් කියන මෝඩයෝ කොළඹ ගිහින් නැතුව ඇති (ම)
ඩෙන්සිල්, ගෝඨාභය කියන්නේ නිකම්ම නිකම් පුද්ගලයෙක් නෙමෙයි. මේ රට බේරාගැනීමට දිවි හිමියෙන් කටයුතුකළ කෙනෙක්. නිකන් කට තිබුනට කතා කරන්න එපා. ගෝඨා සත පහක්වත් හොරකම් නොකරපු කෙනක්. රට වෙනුවෙන් අවංකවම වැඩ කරපු උතුම් මනුස්සයෙක්. (නි)
මහජන විශ්වාසය දඩ කරගෙන රජයේ මුදල් හෝ දේපල වංචා කර ඇත්නම් නිසි දඩුවම් ලැබිය යුතුමයි. එය නිතිය කාටත් එක ලෙසටමය.(ම)
ගෝඨා කියන්නේ උතුම් මිනිහෙක්. අපහාස කරන්න එපා (ම)
බදු ගෙවලා තියන ප්‍රමාණය අසන සුදේශ් මැති තුමෙනි. ලක් පුරවසියන් ගෙවන සෑම රුපියලකින් ශත 70ක් බදු වශයෙන් රජයට ගෙවු බව නොදත් ඔබ බරපතල කෝමාවකින් පෙලෙන්නේ (ම)
ජෙනරාල් තෙවරක් ජිවිත පරිත්‍යාගයෙන් දිනවපු රට එක පවුලකට විනාස කරන්න දෙන්න බැහැ.(ම)
මම මේ කල්පනා කලේ අපරාදේ රටේ ඉන්න මේ වගේ අයගේ මොළ පාදන්න ගිහින් නිකන් දැන් ගෙඩියට බෙල්ල දුන්නනේ කියලයි.(ම)
නාමල්, පසුගිය රජය ගැන ජනතාව කළකිරුණේ හේතු කීපයක් නිසා 1) දරාගත නොහැකි වූ ජීවන බර 2) මහා පරිමාණ මෙන්ම කුඩා පරිමාණ දුෂණ . මුළු රටම පාගාකරුවනට යටවීම 3) 18 වෙනි සංශෝධනය හා නීතියේ ආධිපත්‍ය බිඳවැටීම 4) රජ පවුලක් ලෙස කටයුතු කිරීමට උත්සහ කිරීම 5) සරත් මහතාට සැළකූ ආකාරය. හැබැයි මේ රටේ යුද්ධය අවසන් කිරීම පිළිබඳව කළගුණ ජනතාවගේ සිත්වලින් ඈත් වී නැහැ.ඒ නිසා මේ අය මොනම ආකාරයකවත් කරදරයකට ලක්වෙනවට 99% ක් කැමති නැහැ. ඒකයි ඇත්ත. (නි)
ගෝඨාබය කියන්නේ රටට වැදගත් වටිනා සේවයක් කරපු සිංහල නායකයෙක්. ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ ශීඝ්‍රයෙන්ම සංවර්ධනය වුන අලංකාරම නගරය බවට කොළඹ පත්වීමේ ගෞරවය එතුමටයි හිමිවෙන්නේ මෙවන් රටට උදාර සේවයක් කළ සිංහල නායකයන්ට ගරහන මඩගහන මිනිස්සු වෙන්නෙත් සිංහලයමය් වැඩියෙන්ම අනුන්ගෙන විවේචනය කරන මෙවන් තිරිසන් ගති ඇති මිනිසුනේ හිතපල්ලා තමන් රටට මොකද්ද කරලා තියෙන්නේ කියල.තමන්ගේ වල තමන්ම කපාගන්න මෙවන් සිංහලයන් රටටත් ජාතියටත් ආගමටත් සාපයක්ම පමණි." මහේන්ද්‍ර, ඔබ හරියටම හරි. කුහක මිනිස්සු නිසා රටම ඉවරය. ගෝඨාබය, ඔබට තෙරුවන් සරණ සහ දෙවි රැකවරණ පතමු. (බ)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
ජයන්ත, ඔය කඩේ ගියා නම් ගන්න දෙයක් අරන් ගෙදර යන්න.රෙදි හෝදන්න එපා අනුන්ගේ. (නි)
ජයන්ත ගෝඨාභය මහත්තයාගේ කවුද? (නි)
ජයන්ත ගෝඨාභයගේ කවුද එයාට චරිත සහතික දෙන්න? (නි)
ජයන්ත, ඔයාලා කියන්නේ ඔහු රට බේරගත්තා කියලා ඕනෑ කපටි වැඩක් කළාට කමක් නැහැ කියලද? ඔහු නොමිලේ රටට වෙඩක් කළේ නැහැනේ. පඩි ගත්තා. තවත් වරප්‍රසාද ගත්තා.හැම එකටම යුද්ධය හිලව් කරන්න එපා (නි)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ජයන්ත,රෙදි හෝදන්න එපා අනුන්ගේ.පුද්ගලයා වැදගත් නැහැ.වරද ගැන හොයන්න.වරද වරදමයි (නි)
ජයන්ත කළකිරෙන්න එපා. ඒ අපේ මිනිසුන්ගේ හැටි (නි)
ඉටුකොට කළයුතු යුතුකම්... ලැබුනත් ලෝකෙන් ගැරහුම්... ඉවසන්නට පුලුවන් නම්... නුඹයි මගේ පුතා උතුම්.. (නි)
අපිත් බලාඉන්නේ මොකක්ද වෙන්නේ කියලා තමයි (නි)