තරිඳු ජයවර්ධන
ජාතික පොලිස් කොමිෂන් සභාව හා පොලිස්පතිවරයා අතර මතුව ඇති ගැටළු දින 14ක් ඇතුළත නිරාකරණය කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුම්වත් කරන ලෙස අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පොලිස් කොමිසමටත් පොලිස්පතිවරයාටත් දැනුම් දුන්නේය.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්විය.
පොලිස් කොමිෂන් සභාව ලබා දෙන නියෝග පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකිරීම නිසා මතුව ඇති ගැටළුව ගැන සාකච්ඡා කිරීම සඳහා දෙපාර්ශ්වයම අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට කැඳවා තිබිණි.
එම ගැටළු ගැන පුළුල් ලෙස අවධානය යොමු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එම ගැටලු දින 14ක් තුල සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ගන්නා ලෙස දෙපාර්ශ්වයට දැනුම් දුන්නේය.
පොලිස් කොමිෂන් සභාවෙන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කැරුණු පාලිත සිරිවර්ධන මහතාට අදාල උසස්වීම ලබා නොදීම, දේශපාලන පලිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන්ට අදාළ සහන ලබා නොදීම, යුද්ධයෙන් පීඩාවට පත්වූ පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබා නොදීම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විභාග නොකිරීම ඇතුළු කාරණා කිහිපයක් පොලිස්පතිවරයා ඉටු නොකළ බව කියමින් ජාතික පොලිස් කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ කරුණු දක්වා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනී මැරුමකට සිරගත කල කෙනෙකුට නියෝජ්‍ය පොලිස්පතිකම දෙන්න කියලා කොමිසම කියන්නේ මොන පදනම යටතේද ? එහෙම පුද්ගලයාව නැවත පොලිස් සේවයේ යෙදවූයේ කවුද කෙසේද කියන එකයි ඔය කොමිසමෙන් සොයා බැලිය යුත්තේ
කව්ද මිනී මරලා තියෙන්නේ? සාක්කි තියෙනවද? අධිකරණයෙන් දඬුවම් දීලා තියෙනවද?
නොවිසඳුනත් අපිට කමක් නැත.