(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් කඩිනමින් පත් කිරීමට බලාපොරොත්තු වුවත් එම පත් කිරීම් තවත් සති කීපයක් පමා වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ස්වාධීන කොමිෂන් සභාවල සාමාජික පුරප්පාඩු සඳහා අයදුම්පත් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබීම නිසා සුදුස්සන් තෝරා ගැනීම සංකීර්ණවී ඇති හෙයින් මෙම ප්‍රමාදය ඇතිවී තිබෙන බව ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර සමහර අපේක්ෂකයන් කොමිෂන් සභා හතර පහකට අයදුම්පත් යොමු කිරීම නිසාද සුදුස්සන් තේරීම සංකීර්ණවී ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව පවසයි.
තවද සුදුසුකම් නැති පිරිසක්ද කොමිෂන් සභා සඳහා අයදුම්පත් යොමු කර ඇති අතර ඒ අය වෙනම ලැයිස්තුවකට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
සුදුසුකම් සහිත අයදුම්පත් යොමු නොකළ බාහිර පුද්ගලයන් කොමිෂන් සභාවලට පත් කිරීමට හැකියාව ඇත්දැයි යන්න සම්බන්ධයෙන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ අවධානය යොමුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් උප්පර වැට්ටියක්...
මේ මොන අපරාධයක්ද? දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිගේ මාසික නිත්‍ය දීමනාව රුපියල් 35000 යි. සන්නිවේදන දිමනාව රුපියල් 13000 යි. සහභාගිත්ව දීමනාව මාසයකට රුපියල් 8000 යි. වාහන දීමනාව රුපියල් 50000 යි. ඉන්ධන දීමනාව සෑම මසකම රුපියල් 35000 යි. පසුගිය මැයි මාසයේදී ඉන්ධන දීමනාව රුපියල් 49010 යි. ඒ සභාපතිට විතරක් ඒ කියන්නේ ලක්ෂ එකහමාරක් විතර මාසයකට ලබනවා. අනික් සාමාජිකයින් හත්දෙනාට එක් අයෙකුට මාසයකට රුපියල් 40000 ක් විතර ලැබෙනවා. අනික 1994 පටන් අද දක්වාම ඒ කොමිෂන් සභාවේ සමාජිකත්වය ලබන කිහිප දෙනෙක්ම ඉන්නවා. ඇත්තටම මේවා ස්වාධීනද? ඊට අමතරව ඒ අයට විශාම වැටුපකුත් ලැබෙනවා. මම මේවා දැන ගත්තේ තොරතුරු පනත යටතේ. මේ රටේ මා දන්නා තරමින් හරියටම කියාත්මක වෙන්නේ තොරතුරු කොමිසම විතරයි. අනික් කොමිසන් නඩත්තු කරන්න මහජන බදුමුදලින් කෝටි 20 ක් විතර මාසයකට වැය කරනවා. ඒ විතරක් නොවෙයි. ඇයි වාහන පර්මිට්. ඒ නිසා මේ බොරු වැඩ නවත්තන්න. අපරාදෙ සල්ලි. තොරතුරු කොමිසම විතරක් හොඳටම ඇති.