රාජිණිකාන්ත් සමගින් තවමත් දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි වීරයාට තරග කරන සුපිරි දමිළ සිනමා නළු කමල් හසන් පසුගියදා අනතුරකට මුහුණ දුන් පුවතක් වාර්තා වේ. එය ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීමක් අතරතුරදී බව සඳහන් වන අතර, එම අනතුරින් ඔහුට දැඩි හානියක් නොමැති බව සඳහන් වේ.
කමල් හසන් හා සිය දියණියන් වු ශ්‍රැති හා අක්ෂනා දෙදෙනාද රඟපාන මෙම චිත්‍රපටයේ රූපගත කිරීමක් තුළදී ඔහු රිය අනතුරකට මුහුණ දී ඇත. අනතුර සිදුව මොහොතක් ගෙවෙන්නට මත්තෙන් ඉක්මනින් රෝහල් ගත කරනු ලැබු ඔහු මේ වනවිට සුවය ලබමින් සිටින බවද සඳහන් වේ.
ඔහු රිය අනතුරකට ලක්වූ පුවත අසා දහස් සංඛ්‍යාත කමල් හසන්ගේ සිනමා ලෝලීන් ඔහුගේ සුවදුක් බැලීමට රෝහලටත් නිවසටත් පැමිණ ඇති අතර, ශ්‍රැති හා අක්ෂනා සිය පියාට සිදුවු අනතුර පිළිබඳව සිය "ට්විටර්" ගිණුම් හරහා ඔහුගේ රසික, රසිකාවියන් දැනුම්වත් කර ඇත. අඩි 20ක පමණ ඉහළ සිට කමල් හසන් මෝටර් රථයකට පැණ ඇති අතර, ඉන් ඔහුගේ වම් කකුලේ අස්ථියක් බිඳීගොස් ඇතැයි වාර්තා වේ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කමල් හසන්ට අනතුරක්