ගංගාරාම පංසලේ පිංපෙට්ටියෙන් රුපියල් 400ක් සොරකම් කළ තිදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මාස හයක සිර දඩුවම් නියම කර වසර පහකට අත්හිටුවීය.
ගනේමුල්ලේ එම් ඒ නිහාල්, ජයන්ත ශාන්ත කුමාර හා තුසිත කුමාරට රුපියල් 1500 බැගින් දඩ ද නියම විය.
පංසලේ සවි කර තිබූ ආරක්ෂක කැමරාවලින් ඔවුන් අල්ලා ගැනීමට හැකිවී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම අනුමත නොකරමි. (ස)
බෞද්ධයෝ කෙනෙක් යහපත් මාර්ගයට ගේන්නේ දඩුවමින් නොවෙයි. (ස)
රුපියල් 400 මාස 6 හිරගෙදරට ...... ලොකු මිනිස්සු ගහන ගැහිල්ලට කොච්චර කාලයක් හිර ගෙදරටද?අනේ රටට ගිය කලක්... (නි)
පින් කැටයක්වත් කඩලා නිදහසේ ජීවත් වෙන්න අද බැහැ මේ කැමරා නිසා (නි)
පන්සලක මේ දේවල් වුණ නිසා 6 මසක් දඩුවමක් ලැබුණා. (නි)
අනේ ඇත්තට පන්සල් වලට ගිය කල? සසර කලකිරී සිවුරු දැම්මට මේ හාමුදුරුවරු සිල් රකින්නෙත් මෙහෙමද? අවිහිංසාවාදීව ඉන්නවා නම් සියලු සත්වයාටම මෛත්‍රී කරනවා නම් පන්සල් වලට මොකටද කැමරා? (නි)
හාමුදුරුවන්ට මොකටද සල්ලි? බඩගිනි වැඩිකමටයි ෆස්රුල් ගත්තේ. (නි)
ඇෆ්ගන් නිමල්, එච්චර ලොකු ගණන් පින් කැටවල නැහැනේ. ඒකයි අහු නොවෙන්නේ. හැබැයි, ගාමිණි කියනවා වගේ පොඩි හාමුදුරුවන්ට ඇත්ත කිව්වා නම් ඇත්තටම මේ වැඩේ දුප්පත්කමට කළා නම් මේ අයට සල්ලිත් දීලා ජීවත් වෙන්න මාර්ගයකුත් පෙන්වලා දීලයි යවන්නේ. (නි)
රුපි 400 ට දඬුවම මෙහෙම නම් (මාස 6 කට) රටේ ජනතාවගේ මුදල් මිලියන වලින් හොරකම් කරන දේශපාලුවන්ට දඬුවම් දෙන්න ඔවුන්ගේ ආයුෂ කාලය මදි බවයි හැඟෙන්නේ. (නි)
අනේ පොඩි හාමුදුරුවනේ, අද කාලේ රු 400 කියන්නේ මොන තරම් සුළු ගානක්ද ? ඔබ වහන්සේ මේකට මැදිහත් වෙලා මේ මිනිසුන්ට අවවාද කරලා යවන්නනේ තිබුනේ. බඩගින්දරට වෙන්න ඇති මේ හොරකම කරන්න ඇත්තේ. මීට වඩා ලොකු අපරාද කරපු මිනීමරුවන්ට මං පහරන්නන්ට අපේ බුදු හාමුදුරුවෝ මෛත්‍රී සිතින් පිහිට වුණා නේද ? (නි)
අර කොහෙද රටක කෝටි ගාණක යකඩ වගයක් වංචා කල කෙනා නිදැල්ලේ ... එයාට මෙම තීන්දුව ආදර්ශයක් වේවා (ස)
රුපියල් 400 සොරකම් කිරීමට වඩා පන්සලේ පින්කැටය බිදීම ලොකු වරදක්. මෙම තීන්දුව වටිනවා. (නි)
පින් පෙට්ටියේ සල්ලි පිනට දෙන්ට තියෙන නිසා ඔය බඩගින්නට ඕකෙන් ගත්තට පව් නැහැ නේද හාමුදුරුවනේ? (ස)
කොහොමත් හොරකම කිසිසේත් අනුමත නොකරමි. එතකොට මිලියන ගනන් හොරකම් කරන මිනුස්සු ඔය කැමරාවලට වලට අහූ වෙන්නැද්ද?(නදී)
එකඟ වෙනවා පද්මිණිගෙ අදහසට..... (ස)
දොන්සේතං - කන්න නැතුව හිටියා කියලා පින්කැටය කඩන එක සාධාරණීයකරණය කරන්න බැහැ. ඇත්ත කියලා තිබුනා නම් අර ගාමිණී - සිරි කියනවා වගේ පොඩි හාමුදුරුවෝ පිහිට වෙන බව ඒකාන්තයි. මේක කුඩු කාරයින්ගේ වැඩක් වෙන්න බැරිද? අද බඩට කන්න උවමනා නම් ඕන තරම් රැකියා තිබෙනවා කරන්න. අපේ රට සෝමාලියාව නොවේනේ? (ස)
පින් කැට වැනි දේවල් අද කඩන්නේ 'කුඩු' වලට ඇබ්බැහි වුවන්ය. කන්ටේනර් වලින් කුඩු ගෙන්වන අපේ රටේ මේ ගැන අදහස් දක්වා වැඩක් නැත. ගංගාරාමයේ 'ගලබඩ පොඩි හාමුදුරුවෝ' තරම් තරුණයන්ට අත දුන් කෙනෙක් තවත් නැත. උන්වහන්සේගේ 'ජිනරතන' අධ්‍යාපන ආයතනය හරහා නොමිලේ වෘත්තීය අධාපනය හැදෑරු දුප්පත් ළමුන් කී දාහක් අද ලෝකය පුරා සේවය කරනවා ඇත්ද? (ස)
පින් කැටයක් කැඩීම ලොකු පාපයක්. අමාරු කම කීවා නම් පොඩි හාමුදුරුවෝ පිහිට වෙන බව ඒකාන්තයි.(නදී)