මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ජිනීවා වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන ප‍්‍රතිචාරය දිරිගන්වන සුලු බව එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කී මූන් සඳහන් කරයි.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පෙරේදා(17) දෛනික මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මහලේකම්වරයා මේ බව සඳහන් කර සිටි බව ඒ.ඒ.පී පුවත් සේවය වාර්තා කර සිටී.
බැන් කී මූන් පෙන්වා දුන්නේ අදාළ වාර්තාවට ශ්‍රී ලංකා රජය දැක්වූ ප‍්‍රතිචාර මෙන්ම ඒ සඳහා පළ කර ඇති කැපවීම අතිශය ප‍්‍රශංසනීය බවය.විශේෂයෙන්ම අර්ථවත් ක‍්‍රියාවලියක් සඳහා සියලූ පාර්ශවයන්ගේ අදහස් විමසීමට රජය කටයුතු කිරීම අගය කළ යුතු බවද හෙතෙම ප‍්‍රකාශ කොට ඇත.
එමෙන්ම ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව විශ්වසනීයත්වයකින් යුතු සැබෑ වගවීමේ සහ සංහිඳියා ක‍්‍රියාවලියක් ශ්‍රී ලංකා රජය විසින් ක‍්‍රියාවට නංවනු ඇති බවට තමා අපේක්ෂා කරන බවය.
වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මඟින් දිගුකාලීන සාමයක් සහ ස්ථාවරයක් පවත්වා ගෙන යාමට, මානව හිමිකම් වලට ගරු කිරීමට, වගවීමේ ක‍්‍රියාවලියට සහ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට උපකාරී වනු ඇති බවද එක්සත් ජාතීන් ගේ මහලේකම්වරයා කියා සීටී. ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහාය ලැබී ඇති අවස්ථාවක පවතින ධනාත්මක තත්ත්වය ඉදිරියට ගෙන කටයුතු කරන්නැයි හෙතෙම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් මහතා විසින් ඉදිරිපත් කළ පිටු 300 කින් සමන්විත වාර්තාව මඟින් මෙරට තුළ මිශ‍්‍ර අධිකරණයක් පිහිටුවීම ඇතුළු නිර්දේශ රැසක් ඉදිරිපත් කර තිබිණි. ඊට පිළිතුරු දුන් ශ්‍රී ලංකා රජය දේශීය යාන්ත‍්‍රණයක් ලබන ජනවාරියේ සිට මාස 18 ක සිට ක‍්‍රියාත්මක කරන බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදි අරාබියේ මානව හිමිකම් තත්ත්වය ගැන කුමාරයා මොකද කියන්නේ? (නි)
ද සිල්වා, මේකට අදහස් දාන කෙනෙක් කියන විදියට නම් මැදපෙරදිග අනිත් රටවල් වලට වඩා හොඳයි (නි)
සීනි බොලේ වගේ මුන්ගේ ආදරේ. ඔයාල මේවට අහුවෙන්න එපා. හොඳට අතගාලා වෙලාවට ඔලුව පැලෙන්න එකක් දෙයි. (බ)
ඉන්දික එක ඇත්ත මැදපෙරදිග හොදයි අනිත් රටවල් වලට වඩා (අ)
ඔය කුමාරයව යවන්න බැරිද ඇෆ්ගන්ස්තන්, පාකිස්තාන් වාගේ වැඩ බලාගන්න (අ)
රාජ්‍ය තාන්ත්‍රික හැකියාව ගැන පරීක්ෂණයක් (ම)
හැම අභියෝගයක්ම ජයගත් එකේ අපිට මේකත් අමාරුවෙන එකක් නැහැ (නි)
ටේෂන්, ඔයාට පිස්සුද? හිතුවද ලංකාව වගේ සාමකාමී රටවල් කියලා (නි)