IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘කුමාර්ට දඩ ගැහුවෙත් නෑ‘

වීසා බලපත් කාලය ඉක්මවා හය මාසයක් පමණ අනවසරයෙන් ශ‍්‍රී ලංකාවේ රැදී සිටි මුදලිගේ නොයෙල් (පේ‍්‍රමකුමාර් ගුණරත්නම්) ආගමණ විගමණ නිලධරයන් විසින් ශ‍්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයට ඊයේ උදේ බාරදෙනු ලැබීමෙන් පසුව ඕස්ට්‍රේලියා රජයේ නියෝජිතයෙක් සමග මලයාසියාවේ ක්වාලලම්පූර් බලා පිටත්ව ගියේය. ඕස්ට්‍රේලියා පුරවැසියකු වන ඔහු වීසා කාලය ඉක්මවීමේ වරදට ගෙවිය යුතු දඩය අයකර නොගත් බවත්, එම දඩය පසුව ගෙවා යළි ඕනෑම දවසක ඔහුට ලංකාවට පැමිණිය හැකි බවත් ආගමන විගමන ආරංචි කියයි. ඔහු ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන නැත. ඔහු පිටුවහල් කළ බවක් ආගමන විගමන නිලධරයෝ නොපවසති. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයකු වූ පේ‍්‍රමකුමාර් ගුණරත්නම්, මුදලිගේ නොයෙල්, දස්කොන් වන්නිආරච්චි සහ දයාලාල් රත්නායක යන නම්වලින්ද හැදින්වෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ‘එසැණට’  පැවසීය. විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ මෙරට ආරක්ෂක අංශ ප‍්‍රධානීන් කිහිපදෙනෙකු සහ  ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් සමග ඊයේ අලුයම  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි  මොහුගේ ගුවන් ගමන් බලපත‍්‍රයේ  නොයෙල් මුදලිගේ යන නම සඳහන්ව තිබූ බවත් මොහු   ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 314 දරණ ගුවන්යානයෙන්  පෙරවරු 7.40ට ක්වාලාලම්පූර් බලා පිටත්ව ගිය බවත් ගුවන්තොටුපොළ නිලධාරියෙක් පැවසීය. මොහු ගුවන්යානයට ඇරලවීම සඳහා ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු ගුවන්යානය දක්වා ගිය බවත් ඉන් එක් නියෝජිතයකු මොහු සමග ඕස්ට්‍රේලියා බලා ගිය බවත් දැනගන්නට ඇත. 1965 නොවැමිබර් 18 වැනිදා කෑගල්ලේදී උපන් පේ‍්‍රමකුමාර ගුණරත්නමි  කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලයෙන් සහ පින්නවල මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය  ලබා ඇති මොහු  1988 වසරේ රජයේ ආරක්ෂක හමුදා විසින්  මොහුගේ සහෝදරයා වන රංජිතමි ගුණරත්නමි ඝාතනය කිරීමෙන් අනතුරුව  පොලිස් අත්අඩංගුවට පත් විය. පසුව අධ්‍යාපනය අතහැර දමා  1989 වර්ෂයේදී  බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට පැන ගොස් එහිදී සිංහල වෛද්‍යවරියක වූ චමිපා සෝමරත්න මහත්මිය සමග විවාහ වී ඇති අතර එතැන් සිට  නොයෙල් මුදලිගේ යන නමින් එරට පුරවැසිභාවය ලබාගෙන ඇත. මොහුගේ සහෝදරයා වන රංජිතමි ගුණරත්නමි 1987 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අන්තර් ශිෂ්‍ය  සංගමයේ කැඳවුමිකරු විය. එකල රජයේ හමුදා විසින් ඔහුව ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ කාර්යභාරය මොහු වසින් දිගටම කරගෙන ගොස් ඇත. පසුගිය වසරේ දෙසැමිබර් 02 වැනිදා ඔහුගේ බිරිඳ වන  වෛද්‍ය චමිපා සෝමරත්න සහ දරු දෙදෙනා ඕස්ට්‍රේලියා බලා යාමට කටුනායකට පැමිණ සිටියදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළේය. කුමාර් ගුණරත්නමි නැමැති අයෙකු සමග තමා විවාහ වී නැති බව ගුවන්තොටේදී ඇය පැවැසූ නිසා මුදා හැරිණි. 1988 සහ 1989 වසර වල මෙරට සිදුවූ භීෂණ ක‍්‍රියා වලට  ජනතා විමුක්ති පෙරමුණේ කුමාර ගුණරත්නමි සම්බන්ධදැයි සෙවීමට ඔවුන්ගෙන් ප‍්‍රශ්න කර ඇත.ඇය ඕස්ට්‍රේලියාවේ රෝහලක වෛද්‍යවරියකි. ඔවුන්ගේ දියිණිය සහ පුත‍්‍රයා  එරට අධ්‍යාපනය ලබති. පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයෙකු වූ කුමාර ගුණරත්නමි 1988- 89 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයේ නායකයෙකු ලෙස ත‍්‍රිකුනාමලය  ප‍්‍රදේශයේ  කටයුතු කර ඇත.  1988 වසරේ පල්ලේ කැලේ යුද හමුදා කඳවුරට පහරදීමේ මහ මොලකාරයාද ඔහු විය. ඉන්දියා සාමසාධක හමුදාවට බිම්බෝම්බ ඇටවීමට මුල්වූ අය අතර ඔහුද වෙතියි හමුදාව කියයි. මොහු අන්තර්ජාලය ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ සමග දිගටම සමිබන්ධකමි පවත්වාගෙන ගොස් ඇත.  1990 වසරේ සිට   2006 වසර දක්වා  වරින් වර ලංකාවට පැමිණ ඇති බවද වාර්තා වෙයි.



අදහස් (0)

‘කුමාර්ට දඩ ගැහුවෙත් නෑ‘

අන්මා Tuesday, 10 April 2012 03:21 PM

නම් තුනකින් පෙනී සිටීම වැරදි වැඩක්

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 10 April 2012 03:23 PM

මෙම කරුණට අදාලව රජයට අයත් විවිධ අංශ විසින් කරනු ලබන ප්‍රකාශ වල හැටියට, ආගමන විගමන නීතිය බරපතල ලෙස උල්ලංඝනය කල කෙනෙක් කිසිදු දඬුවමකින් හෝ පරීක්ෂණයකින් තොරව මෙසේ රටින් පිටකර යැවීම රටේ නීතිය අමුඅමුවේ උල්ලංඝනයක් නොවේද? අපි මෙහෙම කරලා අහුවුනා නම් නවාතැන් දුන්න කෙනා දක්වා පොලිස් ප්‍රශ්නකිරීම් වලට බඳුන් වී බන්ධනාගාර ගතවීමටත් සිදු නොවේද? නීතිය ඉදිරියේ සියල්ලම් සමානය යන කියමන මෙතනදී සත්‍ය නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site