පෞද්ගලික හේතු නිසා හෝ රජය අසීරුවට පත්කිරීම සඳහා පුද්ගලයකු ප්‍රජාවගෙන් ඉවත් වී සිටීමට තීරණය කළ විට රජය නිකරුණේ ලෝකාපවාදයට පත් කිරීම සඳහා හිතා මතාම එය පැහැර ගැනීමකියි හුවාදක්වමින් ආවේග, හිතලු හා ආක්‍රෝෂ මත රජයට ඇඟිල්ල දිගු නොකරන්නැයි විදේශ අමාත්‍යංශය නිවේදනයකින් කියයි. ප්‍රේමකුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැර ගත්තැයි කියන සිද්ධි ගැන රජය තානාපති කාර්යාලවලට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා සෙසු අන්තර් ජාතික සංවිධානවලට ද මේ නිවේදනය යවා ඇත. වන්නිනායක මුදියන්සේලාගේ දස්කොන් යනුවෙන් විවාහ සහතිකයේ ද, රත්නායක මුදියන්සේලාගේ දයාලාල් යනුවෙන් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ද, නොයෙල් මුදලිගේ යනුවෙන් ඕස්ට්‍රේලියා ගමන් බලපත්‍රයේ ද, සඳහන් ප්‍රේමකුමාර් ගුණරත්නම් යළි මතුවීමෙන් පසුව රටින් පිටුවහල් කළ බව ද අමාත්‍යංශය කියයි. වීසා අහෝසි වී පස් මාසයක් අනවසරයෙන් රැඳීසිටි ඔහු ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීති උල්ලංඝනය කැර ඇතැයි ද ඔහු ද, දිමුතු ආටිගල ද පැහැරගත් බවට පැමිණිලි බොහෝ පමාවී පොලිසියට කැර ඇතැයි ද, එම නිවේදනය කියයි. ගුණරත්නම්ගේ ඉතිහාසය පිළිබඳ කරුණුකාරණා ඕස්ට්‍රේලියා මහා කොමසාරිස් කාර්යාලයයට දන්වා යවන බව ද, මේ තොරතුරු සොයාගැනුණේ ගුණරත්නම්ගෙන් හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් පොලිසිය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව බව ද එම නිවේදනය සඳහන් කරයි. ඔහු කරන කියන දෑ ගැන විශ්වාසය තැබිය හැකි ද යන්න ගැන ඉන් ප්‍රශ්න මතුවෙතියි ද එහි දැක්වේ. ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගත්තැයි කියන කතාවේ බැලූ බැල්මට කැපී පෙනෙන පරස්පර ඇතැයි ද මෙවැනි වගකීමක් නැති දුෂ්ට චෝදනා වලදී රජය බලාපොරොත්තුවනුයේ අන් කිසිවක් නොව සාධාරණත්වය හා යථාර්ථය පමණක් බව ද රජයේ නිවේදනයේ සඳහන් කරයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙිවා ලංකාවෙි කීර්තිනාමයට කැලලක් ඇතිකොරන්න කොරනවැඩ. තව ඉස්සරහට ඔයවගේ දේවල් වෙන්න පුලුවන්.
රටටත්, වැඩක්නැති, මේවගේ සුළුපක්‍ෂයක, දෙන්නෙක් උසසලා මෙයාලගේ මොනවා ගන්නද ? මේවා රජය අපකීර්තියට පත්කරන මෝඩ කුණු වැඩ.
ලෝකේ එකම රට මෙහෙම චුන් එකට හැ න්ගෙන අය ඉන්න, අනේ මන්ද එතකොට පැහැරගෙන හම්බවෙන්නේ නැති අය දිවිය ලෝකේ යනවද?