සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කැර අතුරුදන් කිරීම් හා පැහැර ගැනීම් ගැන පරීක්ෂණ පවත්වන ලෙසත් පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ අයිතීය රකින ලෙසත් පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ක‍්‍රියාධරයෝ හීතලේ ගැහි ගැහී පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළහ.
ජර්කින්,අත්මේස් හා හිස් වැසුම් පැළැඳ ඔවුන් දෙපැයක් පැරීසියේ එළිමහනට වී උද්ඝෝෂණය පවත්වද්දී පැරීසියේ උෂ්ණත්වය සෘණ එකට බැස තිබිණි.
සිංහල, දෙමළ, මුස්ලිම් ශ්‍රී ලාංකිකයෝ රැසක් ඊට සහභාගි වුහ. උද්ඝෝෂණයෙන් අනතුරුව පැරීසියේ විවිධ සංවිධාන ක්‍රියාකාරීහු ශ්‍රී ලංකා ජනපතිට යොමු කිරීම සඳහා වන පෙත්සමක්ද අත්සන් කළහ.එළියට බහින්නට බැරි දැඩි සීතල විඳ දරා ගනිමින් තම නායකයාගේ අයිතීය වෙනුවෙන් ඔවුහු මේ කැපවීම කළහ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන පෙරටුගාමී පක්ෂයේ සියලු සාමාජිකයන් එක් වී ඇතැයි මම සිතනවා (නි)
උස්සගෙන ඉන්න බෝර්ඩ් එකේ පැහැදිලිවම තියනවා "රාජපක්ෂ රෙජීම‘‘ කුමාර් ගේ දේශපාලන අයිතිය දෙනු" කියලා. මිනිස්සු ගොන්නු කියලද හිතාගෙන ඉන්නේ? (නදී)
මේතරම් ඇඳුම් ඇඳගෙනත් සීතලේ ගැහි ගැහී ඉන්න හැටි? (නි)
ඇන්ටන්, ඉතින් 15ක් කියන්නෙත් සෙනඟක්නේ. තව එකක්. මෙහේ දැන් අවුරුද්දේ සීතලම කාලයනේ!මෙහෙ පෙළපාලි ගියාම වැටුප නැතිවෙනවා.ශ්‍රී ලංකාවේ වගේ හැමදාම මෙහේ පිකටින් කරලා රැකියා නැතිවුණාම මොනවද පවුලේ අයට යවන්නේ? (නි)
ලෝකයට මෙහෙම විහිලු සපයන්න එපා ලැජ්ජයි (නදී)
පිස්සු වැඩ කරන්නේ නැතුව ඔය සහෝදරුවරු ඇත්ත තේරුම් ගන්න (නදී)
අයියෝ දේශපාලන අනාතයෝ ටිකක්.(නදී)
කුමාර් ගුනරත්නම්ට මෙවැනි සුළු පිරිසක් හෝ පැරිසියෙන් සොයා ගැනීමට හැකි වුවත්,පුළුවන් නම්, ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට මෙවැනි පුද්ගලයන් පස්දෙනෙක් වත් සොයා ගෙන උද්ගෝෂණයක් කර පෙන්වන මෙන් මම අභියෝග කරමි.(නදී)
ඔලු ගැන නෙමෙයි වැදගත්. මතවාදය තමයි වැදගත් (නදී)
පුළුවන් නම් කුමාර් ගුණරත්නම්ට ටෝනි ඇබට්ගෙන් නාම යෝජනා ලබා ගන්නා ලෙස මම කියන්න කැමතියි. එහේ පුරවැසිකම තියෙනවා නම් එහෙට ලොකු සේවයක් ලබා දෙන්න (නදී)
ඕස්ට්‍රේලියාවෙන් ගන්න පුළුවන් පුරවැසි දීමනා ආදියත් ගන්න ගමන් ලංකාවෙනුත් යමක් ගන්න බලනවාද මන්දා? (නි)
මේ අය 87-89 කාලයේදී කරපු මිනිස් ඝාතන වහාම සොයා දඬුවම් දෙනු. ඔය ඔතන ඉන්න අයත් අතුරුදන් වෙච්ච අය වෙන්න ඇති. (නදී)
සූ ගාලා සෙනග.(නදී)
මරුනේ, පුදුම සෙනගක්. "සූ ගාලා" . කොහෙන් සොයා ගත්තද දන්නේ නැහැ. (නදී)
මේකද විශාල සෙනග (නදී)
මාර සෙනගක් නේ (නදී)
අනේ, සූ ගාලා සෙනග. (නදී)
අපි නොදන්නා සීතල. මේ මුහුණු වහ ගෙන කරන නාඩගමක්. අතුරුදන් වුනා යයි කියමින් හැංගිලා ඉන්න කට්ටියනේ.මේ ඉන්නේ කොටි සහ 87-89 ත්‍රස්තවාදී කට්ටියක්. (ස)
මෙතන 15 දෙනෙක් වත් නැහැනේ (නදී)
ප්‍රංශයේ ගියත් මෝඩයන්ට නුවන නොලැබේ ? මොවුන් උද්ඝෝෂණ කරන්නේ වැරදි තානාපති කාර්යාලය ඉස්සරහ. ගුණරත්නම් ඔස්ට්‍රේලියා පුරවැසියෙක් නිසා ඔහුගේ ඉල්ලීම් ඉල්ලන්න ඕනේ ඔස්ට්‍රේලියා තානාපති කාර්යාලයෙන්. (ස)
ප්‍රංශයේ සිටින ඔබ, පසුගිය ජනපතිවරණ සමයේ ලංකාවේ මොහුගේ ක්‍රියාකලාපය දුටුවේ නම් සහ ඔබ රටට සැබවින්ම ආදරේ නම් මොහු වෙනුවෙන් මෙලෙස කටුක සීතල දරාගෙන සටන් නොකරනු ඇත. මෙවන් පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිට ඔවුන් "වංශ සහෝදරයා" මෙන් පුම්බා වීරයින් නොකරන්න. මව්බිමට ආදරය කරන්නෝ පන බේරන් රට නොපනිති. විදෙස් පුරවැසියන් වී සංචාරක වීසා ගෙන මෙහි පැමිණ දේශපාලන අයිතීය නොඉල්ලති. "ලක් මවගේ සුජාත පුතුන් මව්බිමේ නමින් මියගියද එය සැපතක් යයි සිතා මෙහිම රැදී නියම විරුවන් සේ මියෙති". උදාහරණ එමටය. මොහු එවැන්නකු නොවන බව ඔප්පු කර හමාරය. (නදී)
එයාට ප්‍රංශයෙත් පුරවැසිකම තියනවද දන්නේ නැහැ. අපි වගේ නෙවෙයිනේ කොයි රටෙනුත් යමක් කමක් කර ගන්න පුළුවන් පුද්ගලයෝනේ. (නදී)
සෙනඟ දැක්කහම අනේ පව් කියලා හිතෙනවා. (නි)
රසිකා පෙන්වල තියෙනවා හරි. දැන් කොහෙද රාජපක්ෂ රෙජිමයක් තියෙන්නේ. සිල්වා කියන්නා වගේ වැරදි එම්බසිය ගාව කෑගහනවා මදිවට වැරදි ආණ්ඩුවක් ගැන කෑගහන්නේ. මොළේ කොහෙද මන්ද තියෙන්නේ. මෙතනට ලියල තියන ඔස්ට්‍රේලියාවේ ඉන්න ලාංකිකයන්ගෙන් අහන්න ගුණරත්නම් කොහොමද එහෙදී ලංකාව ගැන කතා කරන්නේ කියල. (බ)
අර පැත්තෙන් බැලුවත්. මේ පැත්තෙන් බැලුවත් ඉන්නේ එකම කට්ටිය (නදී)
දැන් ටික ටික බොහෝ දේ පැහැදිලි වෙනවා. (නි)
පෙරටුගාමීන් කොටි සෙවනැල්ලක් කියන එක දැන් ටික ටික පැහැදිලි වෙනවා. මෙහෙය වීම සී.අයි.ඒ කියන එකත් මතක තියා ගන්න. (නදී)
ද සිල්වා බෙර්ලින් මහතාණෙනි, දැන් මෙතන ප්‍රශ්නය තියෙන්නේ ඔස්ට්‍රේලියාව එක්ක නෙවෙයිනේ. කුමාර් ගේ ශ්‍රී ලංකික පුරවැසිභාවය නැති වුනේ ලංකාවේ නීති රීති අනුව නේද ? ඕස්ට්‍රේලියාවෙන් එහි පුරවැසියන්ට මව් රටේ පුරවැසි බවත් තියාගෙන ද්විත්ව පුරවැසි භාවය ගන්න කිසිම අවහිරයක් නැහැ. (නදි)
අනේ පවු කියලත් හිතෙනවා (නි)
මේ අයට පිස්සු. (නදි)
රටේ පුරවැසිභාවය අත හැර ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලැබු අයෙක් කොහොමද ලංකාවේ ඡන්දය ඉල්ලන්නේ. ඔලුව අල්ලලා බලන්න අන් ඇවිත්ද කියලා (නදී)
රටේ පුරවැසිබාවය අතහැර ඕස්ට්‍රේලියාවේ පුරවැසිබව ලැබූ අයෙක් කොහොමද ලංකාවේ ඡන්දය ඉල්ලන්නේ? (නි)
මාර සෙනගක් නේ ඉන්නේ. මම ගොඩක් දන්නා අයත් ඉන්නවා. මෙහෙ ආවත් ඔලුවේ අමාරුව හොඳ කර ගෙන නැහැ. යුරෝපයේ ජිවත් උනත් මනස තාම දුර්වලයි (නදී)