රටේ දේශපාලන බල අරගලයක් පැහැදිලිව දකින්නට ඇති නිසා ලංකාවේ අඛණ්ඩව දේශපාලනයේ නිරත වීමට තීරණය කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් මහතා කීවේය.

විවිධ අඩුපාඩු මධ්‍යයේ වුව ද පක්ෂය නගා සිටුවීමට තමන් කැපවෙන බවත්, ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් දේශපාලන ගමනක් යෑමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.