ආගමන විගමන බලධාරින් විසින් තමා අත්අඩංගුවට ගැනීම හෝ මෙරටින් පිටුවහල් කිරීම වළක්වාලන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා විසින් ගොනු කැරුණු මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග නොකරම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
අගවිනිසුරු කේ ශ්‍රී පවන්,ප්‍රිසාද් ඩෙප්, ඊවා වන සුන්දර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව මේ තීන්දුව දුන්නේය.
මෙම තීන්දුවත් සමඟ කුමාර් ගුණරත්නම් මහතාට අද (18) වන තෙක් මෙරටේ රැදී සිටීමට අවසර දුන් නියෝගයද අවසන් විය.
කුමාර් ගුණරත්නම් මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවත් ඔහු ශ්‍රී ලංකාවේ රැදී සිටින්නේ නීතී විරෝධිව අයුරින් බව නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දැන්වීය.එසේම ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට පැමිණ ඇත්තේ සංචාරක වීසා බලපත්‍රයෙන් බවත් එම බලපත්‍රය වලංගු කාලය ජනවාරී 31 වැනිදායින් අවසන් බවද විරාජ් දයාරත්න මහතා කිය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා සිටියේ ජිවිත හානි සිදු වේ යැයි බියෙන් පෙත්සම්කරු ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලැබු වහාම ශ්‍රී ලංකාවේ පුවරවැසි භාවය තමාට ඉබේම අහිමිවන බව ද ඔහු නොදැන සිටි බව ද ඔහු කියයි.
කෙසේ වුවද එරට පුරවැසිභාවය අත්හැර ලංකාවේ රැදී සිටීමට පෙත්සම්කරුගේ අපේක්ෂාව බවද ඔහු කීවේය.
සියලු කරුණු සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙනම ප්‍රත්ක්ෂේප කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දේ අපි කලින් ඉදලම කිව්වා.(හේ)
ඔය දේ වෙන බවත් දැන දැනනේ හිටියේ.(හේ)
යහපාලනයේ අවසානයේ ආරම්භය (අ)
මෙයා ලංකාවේ ඉන්නවට එයාලගේ මුල් කට්ටිය කැමති නැහැ (බ)
මේ ලෝකේ ඕනෑම කෙනෙකුට රටවල් දෙකක පුරවැසිබාවය තියාගන්න පුළුවන් අනේ මන්දා .(හේ)
ඉගෙනගන්න කාලේ ඉඳලා පුදුම කැක්කුමකින් දේශපාලන වැඩකළ කෙනෙක් මේ. තවම උණ හොඳ නැහැ වගේ.අපේ රටට නම් ඔහොම අය වැඩක් නැහැ. (නි)
දිනේෂ් හරි.එයා බබා ,ආගමන නීතිරීති මොකුත් දන්නේ නැහැ. (අ)
ප්‍රසාද්, ඉගන ගන්න කාලේ ඉදල දේශපාලනය ගැන උනන්දු වීම වරදක්ද? ලංකාවේ දේශපාලනය කරන්න ඕන ඉගෙන ගන්නේ නැති කුඩු කාරයෝ සහ හොරු විතරද? මෙතන අධිකරණයට ඉදිරිපත් කරලා තියන නීති තර්කය වැරදි බව ඇත්ත. නමුත් ජීවිතේ බේරගන්න රටින් පිටවෙන කෙනෙක් නීතිය හොයා හොයා ඉන්නේ නෑ. (බ)
මීට කලකට පෙර මාගේ හිතවතෙක් සහ ඔහුගේ පවුලේ උදවිය වීසා කාලය අවසන්වී කටුනායකදී ආරක්ෂක නිලධාරින් හොරෙකු අල්ලාගත්තාක් මෙන් බෙල්ලෙන් අල්ලාගෙන ඒටීඑම් යන්ත්‍රයක් වෙතට ගොස් මුදල් ලබාගෙනයි දඩ මුදල ගෙවා ඇත්තේ. හේතුව දඩ මුදල ක්‍රෙඩිට් කාඩ්පතින් ගෙවීමට අවසර නැති බව පවසමිනි. ඉතින් මට ඇසීමට ඇත්තේ කුමාර් ගුණරත්නම්ට එවැනි දඩ මුදලක් ගෙවීමට සිදුවන්නේද? නොඑසේනම් එයට හේතුව කුමක්ද ? (නි)
මා ඉතින් යන්න යනවා ...මට යන්න අවසරයි.(හේ)
මේ අනෙක් දිනේෂ් ලියා තිබෙන දෙයට අමතරව කියන්නේ. ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම ගන්නකොට වෙන රටක ද්විත්ව පුරවැසිකම ඔප්පු කරන්න ලියකියවිලි නැත්නම් පළමු රටේ පුරවැසිකම නැතිවෙනබව දැනුම් දෙනවා. ගුණරත්නම් නොදන්නවාද නැත්නම් ඒවගේ පෙන්වා ලංකාව රවටන්න හැදුවාද? (නි)
කුමාර් ගුණරත්නම්ට දැන් කොහොමටත් ඕස්ට්‍රේලියාවේ රක්ෂාවක් නැහැ. ඒ රටේ ආයතන වල මෙතරම් කාලයක් නිවාඩු දෙන්නෙත් නැහැ. දැන් ඉතින් ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම අත්හැරලා ලංකාවේ පුරවැසිකම ලබාගෙන ලංකාවේම බින්න බැහීමයි ඔහුට ඇති එකම විසදුම.(නදී)
යන ගමන් අර තව එක්කෙනෙක් ඉන්නේ, එයාවත් අරගෙන යන්න. (නි)
මාක්ස්වාදය , සමාජවාදය වැනි දේවල් හොඳට දන්නා විශ්ව විද්‍යාලෙටත් ගිය මොහු මේක දන්නේ නැත්නම් මේවා ගැන දන්නේ වැස්සකටවත් විශ්ව විද්‍යාලෙකට නොගිය අපිද ? නිකන් බොරු දෙසා බන්නේ නැතුව යන්න ,(අ)
ජයවේවා! (නි)
පක්ෂයේ බලාපොරොත්තු ඉටුවේවා! (නි)
"ශ්‍රී ලංකාවේ පුවරවැසිභාවය තමාට ඉබේම අහිමිවන බවද ඔහු නොදැන සිටි බව ද ඔහු කියයි".එයා ඕකත් නොදැන ඉඳලද? (නි)
ශ්‍රී ලංකාවේ පුවරවැසිභාවය තමාට ඉබේම අහිමිවන බවද ඔහු නොදැන සිටි බවද ඔහු කියයි" අම්මපා මෙහෙම කෙනෙක්ද එයා? (නි)
එයා බබා, ඉන්දියන් හමුදාවට එරෙහිව බිම් බෝම්බ පුපුරවන්න දන්න මිනිහා, පුරවැසිකම නැතිවෙන බව දන්නේ නෑ. (නදී)
ජයවේවා ශ්‍රී ලංකා (නදී)
ධනපති නීතියට අභියෝග නොකර ද්විත්ව පුරවැසිබව අරගෙන පසුව ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම අතහරින්න පුළුවන්කම තිබෙනබව ඇයි සහෝදරවරුන්ට තේරුම් ගන්න බැරිවුණේ? මේක වැරදි නීති උපදෙස්මත සිදුවුණා කියලා හිතෙනවා. දැන් යහපාලනයට සහ ජනතා විමුක්ති පෙරමුණට දොස්නඟා තේරුමක් නැහැ. (නි)
ඕස්ට්‍රේලියාවට වෙලා ඉන්න මහත්තයෝ (නි)
මානව හිමිකම් අද දියුණුවෙලා තියෙන්නේ. ගෝලීය පුරවැසිබාවය ගැන කතාකරන තරමට දියුණුවෙලා. අපේ රටේ පුද්ගලයෙක් වෙලා ඉඳලා ආයෙත් රටට එන්න අවශ්‍යනම් ඉඩදීම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් ඔහු එන්නේ ක්‍රියාකාරී දේශපාලනයට නම් එතැනදී මේ විදිහට ක්‍රියාකිරීම මානව හිමිකම් දැඩිලෙස උල්ලංඝනය වෙනවා. මේක තමන් කැමති මතයක් දැරීමට තිබෙන අයිතිය උල්ලංඝනය කිරීමක්. (නි)
කුමාර් ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න දන්නවා ,පුරවැසිකම කම ගන්න දන්නවා , ඒ වුණාට ශ්‍රී ලංකාවේ පුවරවැසි භාවය තමාට ඉබේම අහිමිවන බව දන්නේ නෑනේ (දිල්)
දන්නෙ නැහැ කියන්නේ මොන බොරු කතාවක්ද? (නි)
ජයවේවා! (නි)
ඇයි ඒක දන්නෙ නැත්තෙ? කලින්පාර පිටුවහල් කරද්දිත් ඕකමනේ කිව්වෙ (නි)
ලංකාවේ මිනිහෙක් රටින් පැන්නුවාම ජයවේවා කියන පිස්සෝ ඉන්න රටක් මේක.(හේ)
ඔස්ට්‍රේලියාවට යන්න දන්නවා. ගිහින් පුරවැසිභාවය ගන්නත් දන්නවා. එතකොට මෙහේ එක අහෝසි වෙන බව විතරක් දන්නේ නැහැ. මෙයා දන්නේ තමන්ට වාසි දේවල් විතරයි. අවාසි කිසිම දෙයක් දන්නේ නැහැ. (හේ)
දැයේ දරුවන්ගේ වාසනාවට ලැබුන තීන්දුවක්.පෙරටුගාමීන් කුරුටුගාමීන් ඉන්නේ මොකටද කියලා පෙනෙන්නේ නැද්ද? ඔබතුමන්ලාගේ නිවැරදි තීන්දුව වෙනුවෙන් අපේ ආචාරය! (නි)