පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිත කුමාර් ගුණරත්නම් මෙරට පුරවැසි භාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කළ බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා කියයි.
නීතිපති උපදෙස් මත අදාළ අයදුම්පත අද (27) ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව ද ආගමන පාලකවරයා කීය.
කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම හෝ රටින් පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ද ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය යනු එම යුගයේ පාලක පන්තියේ කැමැත්තයි. (නදී)
රනිල් මහත්තයට සහයෝගය නොලැබෙන නිසාද පුරවැසිබාවය නොදී ඉන්නේ. මහින්ද මහත්තයට උදව් කරන අයට ඇයි ඔහොම සලකන්නේ. නියම යහ පාලනය. ඔහොම යන් ඔහොම යන් (නදී)
අනේ මෙයාව ඔය මොන මහත්තයෙක්වත් ලඟට ගන්න එපා. මෙයා දැන් අවුරුද්දකට දෙකකට ඉස්සෙල්ල ඔස්ට්‍රලියාවේ ටීවී සහ අනෙකුත් මාධ්‍ය හරහා ලංකාවට ඇතිවෙන්න මඩ ගැහුවා. ආයේ එයාට ලංකාවට යන්න බයයි කිව්වා. දැන් මොකද ලංකාව හොඳ.? (ර)
කුමාර් යනු දෙමල ඉංජිනේරුවෙක්. ඉපදුන රටේ දේශපාලනය කරන්න ඉල්ලන්නේ. පිටරට ඉන්න අයට එන්න කියනවා. ජාතිවාදය නරකලු. තමන්ට බලය රැකෙ ගන්න විතරද ඔය කතා. (නදී)
දන්නැති නිසයි අහන්නේ මෙතුමා දේශපාලනය කරපු කෙනෙක්ද? (ර)
අතුරුදහන් වෙලා හිටිය කෙනා නේද මේ.? (ර)
මෙයා කාලයක අතුරුදන් වෙලා කිව්වනේ.? (ර)
මෙයාට දෙන දඬුවම මොකක්ද? මෙයා ළඟ පාස්පෝර්ට් කීයක් තියෙනවාද? අතුරුදහන් වුනා කියලත් ඉස්සර කිව්වනේ. (ර)
මෙයාට දෙන දඬුවම මොකක්ද?මෙයා ළඟ පාස්පෝර්ට් කීයක් තියෙනවාද?අතුරුදහන් වුනා කියලත් ඉස්සර කිව්වනේ. අනුර කුමාරගේ සහෝදරයෙක් මෙයා. (නදී)
කුමාර් යනු දෙමළ ඉංජිනේරුවෙක් . ඉපදුන රටේ දේශපාලනය කරන්න ඉල්ලන්නේ. පිටරට ඉන්න අයට එන්න කියනවා. ජාතිවාදය නරකලු. තමන්ට බලය රැක ගන්න විතරද ඔය කතා.(බ)
ජයවේවා! (නි)
මට මේකේ නීතිමය තත්ත්වය දන්නා කෙනෙක් කියනවද? ඔහු උපතින්ම ශ්‍රී ලංකා පුරවැසියෙක් නිසා ඔහුට ඕස්ට්‍රේලියා පුරවැසිකම අතහැරියොත් ඉබේම ලංකාවේ පුරවැසිකම ලැබෙනවාද? (නි)
කුමාර, ඔහොම කතා කියන්න එපා. රටකට පොදු නීතියක් අවශ්‍යයි. මහින්ද කාලේ එහෙම නැහැ. ඇති කරන්නත් බැහැ. (නි)
කුමාර මෝඩ කතා කියන්න එපා. මේක ලංකාවේ පුරවැසිභාවය පිලිබඳ සාමාන්‍ය නීතිය සම්බන්ධ ප්‍රශ්නයක්. මෙයා ලංකාව ගැන කැත විදියට බොරු කියල ඕස්ට්‍රේලියාවේ සරණාගත පුරවැසි කම අරගෙන තියනවා. එහෙම ගත්තම ලංකාවේ පුරවැසිකම ඉබේම අහෝසි වෙනවා. දැන් ආයෙත් එක ඕන කියනවා. මෙයාට කැමති වෙලාවට එපා කියල දාලා යන්නයි ආයෙත් ඕන වුනාම බන්දේසියේ තියල දෙන්නයි මේක කඩෙන් ගන්න තේ එකක් නෙවෙයිනේ. තමන් ගේ උපන් රටේ පුරවැසිකම (නදී)
අමරසිරි, කුමාර මහත්වරුනි, ඔහුට පුරවැසිකම දිය යුතු බව ඔබ සිතන්නේ මක් නිසාද? මහින්දට උදව් කරන අය මදි හින්දද? ඔහු උපතින්ම හිමිකම් ලද ශ්‍රී ලංකා පුරවැසිකම ඕස්ට්‍රේලියාවේ පුරවැසිකමට ගිජුවී අත්හරින්නැයි කීවේ රනිල්ද? මහින්දට කඩේ යන්න ඕනේ වූ විට ඔහුට නැවත දෙන්නත් රට පැන්න විට අතහරින්නත් මෙරට පුරවැසිකම යනු තුට්ටු දෙකේ සිල්ලර භාණ්ඩයක්ද සොයුරනි? නැවත පුරවැසිකම දීමට ඔහුගේ ඇති විශේෂත්වය කුමක්ද? ඔහුගේ සොයුරු රන්ජිතම් රට හැර නොගොස් විරුවෙකු ලෙස මියයද්දී, බියගුළු නිවටයෙක් ලෙස ඕස්ට්‍රේලියාවට පැන ගිය ඔහුට දැන් මෙහි පුරවැසිකම ඉල්ලීමට සදාචාරාත්මක අයිතියක් නැති බව, වසර 13ක් යුරෝපයේ රටක විසුවද ඉතා ලෙහෙසියෙන් ලද හැකි වූ එරට පුරවැසිකම නොගෙන මගේ මව්බිමේ පුරවැසිකම උතුම් බව සිතු මගේත්, රටට ආදරේ බොහෝ දෙනාගේත් හැගීමයි. නිවට! බියගුළු! අවස්ථාවාදී!! කුමාර් මව්බිමෙන් පිටුවහල් කරනු!!! (බ)
මේ පුද්ගලයා කාලයක් අතුරුදහන් වෙලා ඉදල දේශපාලන වාසි ගන්න අවා.වෙලාවට ආණ්ඩුව පෙරලුනේ.මේ අය ජනතාව පිළිගන්නේ නැහැ. (අ)
ඡන්ද පන්සීයක්වත් ගන්න බැරි මේ මිනිස්සුන්ව මොනවට මාධය වලින් පුම්බන්න හදනවද මන්දා(අ)