පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුනරත්නම්ට දේශපාලන අයිතිය ලබා දෙන ලෙසත්, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන්කිරීම්- පැහැරගැනීම් හෙළිදරව් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බැනර් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් රට පුරා පැවැත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර ඇතැයි එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.
එහි පළමු පියවර ලෙස අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී බැනරයකට අත්සන් කිරීම ඇරැඹීය.
මේ වැඩසටහන පෙබරවාරි හය වැනි දා කළුතරදීත්, හත් වැනි දා ගාල්ලේදීත්, අට වැනි දා අනුරාධපුරයේදීත්, නව වැනි දා කෑගල්ලේදීත්, දහ වැනි දා බදුල්ලේදීත්, 11 මහනුවරදීත් පැවැත්වීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දැන් ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන පුරවැසි දීමනා ටික ලැබෙන්නේ නැද්ද ? ආපහු ලංකාවට සෙට් වෙන්න යන්නේ .(හේ)
කොහොමද සංචාරකයෙක් ලංකාවේ දේශපාලන වැඩ කරන්නේ.? (ර)
ඕවා ගැන හිතන්න තිබුනේ ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ගන්න පෙරයි. අඩුම තරමේ කියුබාවේ ,රුසියාවේ , චීනයේ දේශපාලන රැකවරණ ලබාගෙන ජීවත්වුණා නම් කමක් නැහැ. නමුත් ඕස්ට්‍රේලියාවේ සහ සමාජවාදී දේශපාලනය අතර විශාල වෙනසක් තිබේ (නි)
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන්කිරීම්- පැහැරගැනීම් හෙළිදරව් කිරීම ආදී අත්සන් එකතු කිරීමේ ඉල්ලීම් ටික නම් නරක නැහැ. නමුත් මෙයාලගේ පක්ෂයේ දේශපාලන අරමුණු ගැන අප හට ඇත්තේ බරපතල ???????කි.(හේ)
ලංකාවේ දේශපාලන ගමන් මඟ තීරණය කරන්නේ, ලංකාවේ පොළවේ පයගසා සිටින අපගේ දැවෙන ප්‍රශ්න ගැන බය නැතුව කතාකරන, ඒවාට විසඳුම් සොයන පුද්ගලයින් විසින් වියයුතුය (නි)
ඇයි ඔහුට දෙන්න බැරි.(හේ)
මේක මාර රටක් .(හේ)
අයිතිය දුන්නත් වැඩක් වෙන්නේ නෑ.(හේ)
87-89 කාලය අපිට හොඳට මතකයි. (නි)
එයාට ලංකාවේ දේශපාලන අයිතිය දෙන්න ඕස්ට්‍රේලියා පුරවැසි භාවය අතහැර ආ දවසට.(දිල්)
නිර්දන පන්තියට ජය වේවා.(හේ)
කතාව දෝලාවන් ගමන නිදි .....!! (හේ)
මෙයාලා වගේ අයට ලංකාවේ දේශපාලනය කරන්න ඉඩදෙනවා නම් ද්විත්ව පුරවැසියන් ලංකාවේ දේශපාලනය කිරීමේ වැරැද්ද මොකක්ද? (නි)
රටට ආවා නම් නෑදෑයෝ හිතමිතුරන් ආශ්‍රය කරගෙන පාඩුවේ හිටියා නම් හරිනේ. වීසා නීතිය දන්නේ නැත්නම් කොහොමද මහජන නියෝජිතයෙක් වෙන්න හදන්නේ? (නි)
වෙන රටක පුරවැසි භාවය ඇති කිසිම කෙනෙකුට මෙහි දේශපාලනය කිරීමට ඉඩ දිය යුතු නැහැ. එසේ ඉඩදුන්නොත් කවදා හරි බටහිර රටකින් කෙනෙක් ඇවිත් මෙහේ දේශපාලනය කරවී.(හේ)
මේ රටට බින්නබහින්න හදන්නේ කාල බෝම්බයක්. (හේ)
ලංකාවට තවත් පක්ෂයක් ඕනෑ නැහැ. තිබෙන ඒවා හොඳටම ඇති (නි)
මේ අය එන්නේ අපේ රටට හොඳකටද? (නි)
සිසර්ගේ දේ සීසර්ට හිමිවෙන්න ඕනෑ කියනවා වගේ ඔය කියන කුමාර් ගුණරත්නම්ට ඔහුගේ අයිතිය ලබාදෙන්න ඕනෑ (නි)
අම්මෝ! පොරකකා ඔය අත්සන් කරන්නේ කට්ටිය.... (නි)
අනුරාධපුර අවොත් දෙන්නේ අත්සන නෙමෙයි උදලු පාර.(හේ)
තමන්ගේ වැඩක් කරගෙන පැත්තකට වෙලා හිටියා නම් ප්‍රශ්නයක් නෑනේ.(හේ)
වැඩක් නෑ ඒ ගැන කතා කරලා.(හේ)
විදේශිකයෙක් හැටියට මෙයාට ඉල්ලන්න දුන්නොත් ඊලග පාර ගොඩක් අය එයි මෙහෙ ඡන්දේ ඉල්ලන්න. (හේ)
සංචාරක වීසා වලින් දේශපාලන සාකච්ඡාවකට පෙනීසිටීම වැරදියි (නි)