පෙරටුගාමී සමාජයවාදී පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පළමු නම ලෙස සඳහන් කැර ඇත්තේ එහි දේශපාලන මණ්ඩල සභික ප්‍රෙමකුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් ගුණරත්නම්ගේ නමය.
වීසා කාලය ඉක්මවා සහ වීසා කොන්දේසි කඩ කරමින් ලංකාවේ රැඳී සිටින්නේයැයි කියමින් කුමාර් පිටුවහල් කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔහු සොයා විමර්ශන ඇරැඹුවත් සොයා ගත නොහැකි විය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ලංකාවට පැමිණ සිටි ගුණරත්නම් අතුරුදන් වූ අතර පසුව දෙමටගොඩ මහ මඟ දමා ගොස් සිටිය දී හමු විය. තමා පැහැරගත්තේ ආරක්ෂක අංශයකින් බව කුමාර් කීවේය.
වීසා කාලය ඉක්මවා රැඳී සිටි ඔහු ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයයේ ආරක්ෂාව ඇතිව පිටුවල් කැරිණි. ඔහුට දඩද නියම විය.
පසුගිය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු ඔහු වෙනුවෙන් පෙරටුගාමී පක්ෂය එම දඩය ගෙවූ අතර කුමාර් ලංකාවට ආවේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියනුයේ කුමාර් ලංකාවෙන් ගියේ එකළ ලංකාවේ පැවැති දේශපාලන වටපිටාව මත බැවින් ඔහුට මෙරට දේශපාලනය කිරීමට අයිතියක් ඇති බවයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික ලැයිස්තුව මෙසේය...



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම බඩ රස්සාවක් නැති දේශපාලනය පමණක් වෘත්තීය කරගත් උදවිය ඉතින් අන්තිමේ ඒකෙ පිහිටෙන්ම තමයි ගොඩ එන්නේ. තවමත් සිදු වෙන්නේ පොලේ එළවලු විකුණලා හරි ආදායමක් තිබෙන කෙනෙකුට නාම යෝජනා නොදී නිකමුන්ට නොමිනේෂන් දෙන එක . (ර)
මහින්ද මහතාගේ ගමනට සහය දෙමු, සුබ අනාගතයක් රටට ගොඩ නගමු. (ම)
මොහු ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අත් හැරලද? නැත්නම් ලංකාවේ ඡන්දෙ ඉල්ලන්න බෑ.(නදී)
පිස්සෝ නැතිවට මේ නියම පිස්සෝ හොදයි.(හේ)
කතාව නිකම් මහාචාර්යවරු වගේ බලන්න මහින්ද මහත්තයාගේ ජාතික ලැයිස්තුවේ අද්‍යාපන සුදුසුකම්..... (ම)
මෙයාලගේ ලිස්ට් එක ඩිග්රි කාරයෝ කිව්වට ජාතික ලැයිස්තුව නම් ගන්න දෙයක් නෑ (බ)
මෙයාව වහාම පිටුවහල් කරනු. (ස)