සංචාරක වීසා බලපත්‍රයකින් ලංකාවට පැමිණ සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ගේ දේශපාලනය කිරීමේ අයිතිය උදුරා නොගන්නා ලෙස ඉල්ලා අත්සන් කළ ලිපියක් ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ජීනිවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට බාර දුන්හ.
ජනපතිවරයා හා අගමැති වෙත යොමු කළ ලිපිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනුවෙන් එහි දෙවැනි ලේකම් චතුර පෙරේරා මහතා බාර ගත්තේය.
කුමාර් ගුණරත්නම් වෙනුවෙන් උද්ඝෝෂණ කිහිපයක් පෙබරවාරි 6 සහ 7 දිනවල ප්‍රංශයේ පැරිස් නුවර, ඉතාලියේ මිලානෝ හා එක්සත් රාජධානියේ ලන්ඩන් නගරවල පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ දේශපාලන නයකයත්වයක් හෝ පක්ෂයක අවශ්‍යතාවක් ලංකාවේ දැනට නැත.. කරුණාකර ඔබ සිටි රටට ගොස් ඔබ පවුල සමග ජීවත් වන්න.. නැති ප්‍රශ්න නැවත ඇති නොකරන්න..(හේ)
දේශපාලනය වෙනුවෙන් වියදම් කරන්න එතුමාට සල්ලි කොහෙන්ද? (නි)
මෙහෙම දෙයක් රට වෙනුවෙන් නම් කරන්න බැහැ නේද? වෙනත් රටක පුරවැසිබව හිමි කෙනෙක් වෙනුවෙන් හඬ නඟනවා. කොහොමද රටේ දැවෙන ප්‍රශ්නයක් ගැන කතා කළා නම්? (නි)
එයා ලංකාවට ආවේ කාගේ උවමනාවක් වෙනුවෙන්වද්ද? (නි)
කරුණාකර ටෝනි ඇබට්ගෙන් නාම යෝජනා ඉල්ලා ගන්න කියලා මං ඔබට යෝජනා කරනවා. මේ හොඳටම ඇති දැන් (නි)
ඔව් ඔව්. එයා ලංකාවට ඇවිල්ලා පුරවැසිභාවය නැති කෙනෙකුට කළනොහැකි ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුනේ කෙසේදැයි වහාම සොයා බලන්න. (නි)
ලංකාවේ කෙනෙකුට වෙන රටකට සංචාරක වීසා වලින් ගිහින් දේශපාලනය කරන්න පුලුවන්ද? (නි)
ඕස්ට්‍රේලියාවේ මේ දේවල් කරන්න බැහැනේ. එහේ ඔය නීතිරීති කඩකළ අය හුරතල් කරන්නේ නැහැ. (නි)
මට නම් දකිනකොටත් හොඳ හොඳ දේවල් මතක් වෙනවා. අපි සරසවියේ ඉන්න කාලයේ කරපු හරිය හොඳටම ඇති. දැන් ආයෙත් ඉතින් යන්තම් ඔලුව උස්සපු රට කන්න යනවා. (නදී)
මෙහෙට කඩාගෙන වැටිලා, පුළුවන් නම් අපේ සරසවි ළමයින් ටිකට යන එන මං නැති කරන්න. (නදී)
ලංකාවේ උපන්න ලංකාවේ ඉගෙනගත්ත ලංකාවේ දේශපාලනය කල ලංකාවේ ඡන්දය හිමි කෙනෙක් විදේශිකයෙක් වෙන්නේ කොහොමද? මෙයාට විතරක් දේශපාලනය කිරීම තහනම් ඇයි. (නදී)
ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන කිසිම කෙනෙකුට මෙරට දේශපාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි (නදී)
මොකද මෙච්චර අමාරුවක්. ඒයාට එහෙම දේශපාලනය කරන්න දුන්නා නම් ඉවරයිනේ (නදී)
ගිහාන්, ටෝනි ඇබටුත් මේ දවස් වල ටිකක් සලිත වෙලා ඉන්නේ.අගමැති කමත් කොයි වෙලාවේ ගහලා යයිද කියලා දන් නැහැ.(හේ)
කැලුම් ඔය ඊයේද ඉපදුනේ.? මෙයා ලංකාවේ පුරවැසිභාවය අහිමි කරගත් ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් . සංචාරක විසා මත පැමිණි කෙනකුට ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්න නීතියෙන් තහනම්. මෙයාට විතරක් නෙවෙයි මේක සංචාරක විසා මත ලංකාවට එන ඕනෑම කෙනෙකුට අදාලයි. (නදී)
මෙයා මෙහේ ඕස්ට්‍රේලියානු රජයෙන් ඔක්කොම දීමනා ගන්න ගමන් කොහෙද ලංකාවට ඇවිත් දේශපාලනයේ යෙදෙනවා.ඔය සමාජවාදයේ තරම පේනවා ධනපති රටක නවාතැන් ගත්ත එකෙන්ම. නැති නම් යන්න තිබුනනේ රුසියාවට හරි කියුබාවට හරි රැකවරණය ඉල්ලාගෙන. ඇයි එහෙම නොකළේ ? (හේ)
කැලුම්, සංචාරක විසා මත එන කිසිම කෙනෙකුට ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්න නීතියෙන් ඉඩක් නැහැ. අපි දන්නා තරමින් මොහුට ඇත්තේ ඔස්ට්‍ර්ලියානු පුරවැසි භාවය. ලංකවේ ඉපදුනාට ඔහු එහේ ගිහින් ලබා ගෙන තියෙන්නේ දේශපාලනය රැකවරණ නිසා තවදුරටත් ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. (හේ)
බැසිල් ට ගෝඨා ට ඇමරිකාවෙ ඉඳල මෙහේ ඇවිත් දේශපාලනය කරන්න පුළුවන් නම් මොහුට විතරක් බැරි ඇයි ? (නදී)
රට හැදෙන මේ මොහොතේ මෙවැනි පුද්ගලින් රට අස්තාවරයකට ඇති කරවීම වැළැක්වීමට පියවර ගමු (නදී)
මෙයා ඕස්ට්‍රලියාවේ රූපවාහිනයේ ලංකාවේ පතුරු ඇරියා එක පාරක්. මුළු රටේම නම විනාස කෙරුවා. දැන් කොහොමද ලංකාවට එන්න හොඳ. (නදී)
රළපනාව මහත්තයට හිතාගන්ට බැරිද සල්ලි වියදම් කලේ කව්ද කියා (නදී)
කැලුම්, ඔයා ලංකාවේ ද ඉන්නේ? මේ මනුස්සය අපේ රටට අයිති නැහැ. මෙයා ඕස්ට්‍රේලියානු පුරවැසි කම ලබාගත්ත කෙනෙක්. මෙයාගේ විසා ඉවරනම් කරුණාකර රටින් පිටමන් කරන්න. නව ජනපති තුමනි මෙවන් මිනිසුන්ට නැවත ලංකාවේ දේශපාලනය කරන්න ඉඩ දෙන්න එපා. (නදී)
ලංකාවේ දේශපාලනය කළ යුත්තේ ලංකාවේ පදිංචි කරයොයි. කුමාර ගුණරත්න ඕස්ට්‍රේලියාවේ පුරවෙසියෙක් නම් එම මහත්මයාට ඕස්ට්‍රේලියාවේ දේශපාලනය කරන්න කියමු. අපේ ප්‍රශ්න විසදන්න සංචාරක කුරුල්ලෝ අවශ්‍යය නැත.(හේ)
කැම්පස්වල ශිෂ්‍ය නායකයෝ අල්ලාගෙන අහිංසක ලමයි දේශපාලන උවමනාවන්ට පාවිච්චි කරන අය දේශපාලනයට අවශ්‍ය නැහැ. මම අවුරුදු තුනක් තිස්සේ අත්විදින සත්‍ය තමයි ඒ.(හේ)
වික්ටර් ඔබ හරි. ලංකාවේ දේශපාලනයට අවශ්‍ය තරම් ලංකාවේ ඉන්නකොට මේ පිටරට පුරවැසියන්ට මෙහෙ දේශපාලනය කරන්න කොහොමවත් ඉඩ දෙන්න එපා.(දිල්)
එතකොට මෙතන අයගෙන් මම මේ අහන්නේ අර මොකද ඇමරිකාවේ පුරවැසිකම් තියන උදවිය ඇමතිලා කරගන හිටියේ මෙතෙක් කල්.එයට එකක් මෙයාට තව එකක් කියන්නේ අැයි මහත්වරුනේ.(හේ)
රටේ පුරවැසි භාවය නැතිකෙනෙක් ලංකාවේ දේශපාලනයට අවශ්‍ය නෑ. (ර)
චුලා , මෙතැන ප්‍රශ්නය කුමාරගේ ගේ ලාංකික පුරවැසි භාවය සරණාගතයෙකු ලෙසින් දේශපාලන රැකවරණ ඉල්ලු නිසා ලැබුන ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ලැබෙනවාත් සමග ලංකාවේ පුරවැසි බව නැතිව යාම. ඒක මෙහේ ඔය විදියට අනේ අපොයි මට එහේ කරදරයි කියාගෙන ඔස්ට්‍ර්ලියාවට ගොඩ බැහැපු ලංකාවේ හැම කෙනාටම වලංගුයි. නැතිව මේ මෙයාව විතරක් අල්ලගෙන නටන නැටුමක් නෙවෙයි. පසු ගිය කාලයේ ලංකාවේ ද්විත්ව පුරවැසි කම දීම අවලංගු කලත් එක්කම ඔස්ට්‍ර්ලියාවේ පුරවැසි බව ඉල්ලු සැමට එම තත්වය ඇති වුනා. ඇමෙරිකාවේ ඔය කියන කට්ටියට ද්විත්ව පුරවැසි බව තිබෙනවා. එම නිසා ඒගොල්ලන්ට ලංකාවේ දේශපාලනය කිරීමට නීතිමය ගැටළුවක් නැහැ. (හේ)
ලෝකේ පුරාම ඇවිද ඇවිද ලංකාවේ නම කලා. දැන් එනවා දේසපාලනේ කරන්න. ජිවත් වෙන්න විදියක් නැත්නම් හිගා කෑවානම් ඔයිට වැඩියේ හොඳයි. (නදී)